🙄I know..

161 34 22
                                    

තවත් එක් කලබලකාරී දිනයක් ඒ ආකාරයට ගෙවී යත්ම අලුත් අවුද්දක තෙවනි දිනය සනිටුහන් කරමින් තවත් එක් සුන්දර දිනයක් සෝල් නගරයට උදා විය..
වෙනදා මෙන් අද ද ලවුඩ් හවුස් ඉතා කලබලකාරී විය..

🐯"කට්ටියම හරි නේ !? යමූ..එන්න එන්න.."

වෙනදා මෙන්ම යොන්ජන් සුපුරුදු අවවාද පෙල සමගින් ඔවුන්ව පාසල වෙත හැරලවා ගියේ ය..කායිගේ මිතුරා වූ ජොන්ග් ඉන් අද වේලසන පැමිණ සිටියේ ෆිලික්ස්ද අද දින උදෑසන යම් රාජකාරියකට පිටත්ව ගොස් ඇති බැවිනි..

🦊"හේයි ! ගුම්මෝර්නින්ග් පාට්නර් කායි "
🐧"ආලෝ...චුං චුං !! වෙරි ගුඩ් මෝර්නින් ! අද කලින්ම ඇවිත් වගේ "

🦊"ඕ හලෝ..අපේ පිස්සු අයියාකාරයා පාන්දරම කොහෙදෝ යනවා කියලා මාව උදේම එක්කන් ආවා.මේක ඊයෙ වුන දේට පනිෂ්මන්ට් එක කියලත් කීවා.."

🐧"හපොයි ! අනා පව් ඔයා..ඒකට මට හම්බුනු පනිෂ්මන්ට් එක 😪 මන් ඊයෙ පාන්දර එක වෙනකන් ඇහැරන් පාඩම් කරා අලේ.."

🦊"කමක් නෑ අලෝ..මේ චොං චින් ඕවට බය නෑ ! එන්න අපි යමු අලුත් ප්‍රෑන්ක් එකක් කරන්න😅"

මොවුන් දෙදෙනා නම් කිරි පැණි ලෙසින් ගැළපෙන මිතුරන් දෙදෙනෙකි.ගමනාන්තය නොදත් යොන්ජන්ද අද අලුත් නර්තන පංතියකට ඇතුල් වීම සදහා හසිදියේම පිටත් විය...
ඒ සමගම ඕඩිගේ අයිතිකරු වූ සූබින්ට අද විශේෂ සිදුවීමකට මුහුණ දීමට සිදු විය..

"කවුරු හරි ඉන්නවදෝ !!! මාව එලියට ගන්නකෝ..මන් මෙතන හිර වෙලා😪"

පොතක් භාර දීම සදහා උදෑසනම පුස්තකාලය වෙත යන සූබින්ට ක්‍රීඩා කාමරය අසලින් කිසියම් ශබ්දයක් ඇසෙන්නට විය..නමුත් දොර අගුලු දමා තිබූ නිසා ඔහු තරමක් කලබලයට පත් විය..

🐰"කා...කා...කව්ද....ඔය? කවුරුත් ඉන්නවද???"

"එලියෙ කවුද ඉන්නෙ....මාව එලියට ගන්නකෝ මම මෙතන හිර වෙලා!!"

🐰"ඔහොම ඉන්න මං දොර අරින්නම්..."

කරදරයක පැටලී සිටින අයෙකුට උදව් කිරීමට නොපසුබටව ඉදිරිපත් වීමට සූබින් සැම විටම සමත්කම් දක්වන්නේ ය..කෙසේ හෝ ඇතුලත සිටි සිසුවා බේරා ගැනීමට සූබින්ට හැකි විය..

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now