🙃lucky bin💕

91 23 8
                                    

🦊"අයියේ...අයියේ...!"

🐧"ආහ් ! ඔයා නැගිට්ටද අයි එන්?බය වෙන්න එපා මං ඔයා ගාව ඉන්නවනේ!"

🦊"කායි! අයියා කෝ?එයාට ප්‍රශ්නයක් නෑ නේද?"

🐧"ඔව්..එයා ලග අපේ අයියා ඉන්නවා බය වෙන්න එපා...ඔයා දැන් එතනට ගියොත් මේ ප්‍රශ්නෙ තවත් වැඩි වෙන්න පුළුවන්!"

🦊"අනේ..එයා පව් හලෝ...එයා මෙහෙම හැසිරිලා නෑ කවදාවත්"

පාන්දර වන විට ජොන්ග් ඉන් අවදි වන්නට විය..අවදි වූ සැනින් ඔහුට අවශ්‍ය වූයේ තම සහෝදරයා හමු වීමට ය.නමුත් මෙය එයට සුදුසු නොවන බැවින් ඔහු නැවතත් කායි සමගින් නින්දට ගියේ ය...

කරදර රැසක් සමගින් එම දිනයත් ගෙවී යත්ම සුන්දර සදුදාවක් සෝල් නගරයට උදා වන්නට විය..

අද දිනද යොන්ජන් සහෝදරයන් රැගෙන පාසල වෙත ගියේ ය..නමුදු අද දින ජොන්ග් ඉන් නොපැමිණීම හේතුවෙන් කායි සිටියේ තරමන් දුක් මුසුවෙනි..

ජොන්ග් ඉන්ටඅද දිනයේත් විවේක ගැනීමට සලසා ඔවුන් පිටව ගියේ පෙර දින වූ කරදර නිසාවෙනි..

අද දිනයේත් පාන්දරින් කොහේ හෝ පිටත්ව යාමට සූදනම්ව ෆිලික්ස් ජොන්ග් ඉන්ගේ කාමරය වෙත පැමිණියේ ඔහු නිදි අතරේ තම දුක් සියල්ල පවසා නිදහස් කර ගැනීමට ය..

🐥"මට සමාවෙන්න ජොන්ග් ඉන්! මං මේ දේවල් මොකුත් හිතලා කරන්නෑ.මං මේ වෙලාවෙ ලොකු ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නෙ.මට ඒක විසදගන්න ගොඩක් අමාරුයි.මං කැමති නෑ ඔයාටත් මේ බර දෙන්න..මං කොහොමහරි ඒක විසදගන්නවමයි.ඔයා සතුටින් ඉන්නෝනි හැමදාම.ප්ලීස් මට සමා වෙන්න! සමා වෙන්න!"

තද නින්දක සිටි ජොන්ග් ඉන්ගේ හිසාතගාමින් ෆිලික්ස් එසේ කියමින් හඩන්නට වූයේ ඔහුගේ සිතේ තිබූ පීඩාව නිසාවෙනි.නමුදු ජොන්ග් ඉන් සැබැවින්ම සිටියේ අවදියෙනි.ඔහු තද නින්දක මෙන් රගපාන්නට වූයේ ෆිලික්ස්ගේ හිත රිදවිය නොහැකි නිසාවෙනි.ෆිලික්ස්ගේ ඒ වදන් මත තම කදුලු සගවා ගැනීමට ජොන්ග් ඉන් මහත් උත්සහයක නිරත විය..

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now