යුන්මී නූනා

1.1K 195 17
                                    

හ්‍යොං කොහොම මොන දේ කිව්වා උනත් මට එයාව විශ්වාස කරන්න අමාරු උනා... එයා කොහොමද එක දවසින් අෆයා එකක් බ්‍රේකප් කරන් පහුවදා වෙද්දි එහෙම මට ආදරේ වෙන්නෙ.. ඒක හරිම විහිළුවක්නෙ ජොන් ජන්කුක්.. කොහොමද ඔයා එයාව විශ්වාස කරන්නෙ??

කල්පනා ලෝකෙක හිටපු මාව ගැස්සිලා ගියෙ මගෙ ඉන වටේ එතුන සීතලම සීතල අත් දෙකක් නිසා... එයා වොශ් දාන් ඇවිත්..

හ්‍යොංගෙ නිරුවත් පපුවෙ සීතල මගෙ තුනී ටීශර්ට් එක අස්සෙන් ඇවිත් මාව වෙලාගනිද්දි ඒ නුහුරු සීතලට මාව ගල් ගැහිලා ගියා..

හ්‍යොං ආවත්තෙක්කම එයාගෙ බොඩිවොශ් එකේ සුවදින් මුළු කාමරේම පිරිලා ගියේ මගෙ පපුවත් අමුතු හිරියකින් අවුස්සලා දාලා..

"ඔයා ගාව රස්නෙයි කුකීහ්..."

මගෙ උරහිසින් ඔලුව තියාගෙන තදට මාව බැක් හග් කරන් තාලෙකට දෙපැත්තට වැනි වැනී හිටිය හ්‍යොංගෙ කොණ්ඩෙන් වැටුනු සීතල වතුර බින්දු මාවත් දියකරගෙනම ඇදන් හිටපු ටීශර්ට් එකට උරාගෙන පල්ලම් බැස්සා..

එයා ගාව සුවඳයි.. මාව පිස්සු වට්ටන තරම් සුවඳයි...

ඒ සීතල තොල් මගෙ බෙල්ල පාමුලින් තද කරන් අයිස්ක්‍රීම් එකක් උරන චූටි බබෙක් වගේ එයා මගෙ බෙල්ල දිගට සද්දෙන් හාදු තිබ්බා..

ඒ තෙත හාදුවලට මාව හිරිවැටීගෙන යද්දි සේරම අතෑරලා දාලා මගෙ තොල්වලට බර වෙච්ච හ්‍යොං ඒවා එයාගෙ තොල් අස්සෙන් හංගගන්න ගමන් මාව ඇඳ උඩට පෙරල ගත්තා..

මාව සීමාවක් නැතුවම බයෙන් ගැහෙන්න ගත්තත් මට ඒ උණුසුම, ඒ ආදරේ, ඒ හාදු ඒ ඔක්කොම දේවල් ඕනෙ උනා.. හරි තදින්ම ඕනෙ උනා...

එයාගෙ හීනි ඇඟිලි තුඩු මගෙ ටීශර්ට් එක අස්සෙන් පිට පුරාම හරි හදිස්සියෙන් හදිස්සියෙන් එහෙමෙහෙ දුවද්දි මං ඉනෙන් ඉස්සි ඉස්සි යාන්තම් කෙදිරිලි පිට කරා..

ඒත්තෙක්කම අපි දෙන්නම ගැස්සිලා ගියේ කවුරුහරි ඩෝ බෙල් එක ගහන ගමන් දොරටත් තට්ටු කරන්න ගත්තු නිසා..

"ෆක්.."

එයා දන්න ලොකුම වචනෙ කියාගෙන ඇදෙන් නැගිටපු හ්‍යොං කිසි ලැජ්ජාවක් නැතුව අර චූටි ශෝට් එක පිටින්ම ගිහින් දොර ඇරියා..

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now