රෝසපාට ලොලිපොප්

628 109 78
                                    

"කෝ ඉක්මනට ආ කියන්න.. ම්..හ් මේ මොකද කියන්නෙ යාළුවත් කාලෙකින් එන එකේ හවස කට්ටියම කොහෙහරි යන්ද??"

එයා සෝස් තවරපු ෆ්‍රයිඩ්‍ චිකන් කෑලි එක්ක ලොකු ජප්ජේ කටවල් කව්වන ගමන් අහපු දේට මාව සීතල වෙලා ගියා..

මං කොහොමද ගෙදරින් එළියට බහින්නෙ... මාස දෙකක් තිස්සෙ ගෙදර ගාඩ්න් එකටවත් අඩියක් නොතියා මෙච්චර රැකලා අන්තිමට අප්පට අහු උනොත් මොනවා නොකරයිද..
දෙයියනේ බෑ කියන්න කියාගන්න හේතුවක්වත් හදිස්සියට මතකෙට නොඑද්දි මං කෑම ටික එහෙම්පිටිම්ම හිරකරගත්තා..

"අ..ශ්... හෙමීට කනවා මං ඕක උදුරන් කන්නෑ.."

ඒ පාර මට වතුර පොව පොව කෑගහනවා.. නළලත්තෙක්ක නපුරු පාටට රැලිවෙලා.. මේ මනුස්සයා එක තප්පරේට කොහොම මෙහෙම වෙනස් වෙනවද මන්දා..

"මේ ලඟ පොඩි අයිලන්ඩ් එකක් තියෙයි බබා.. ඕනෙ වෙලාවක බෝට් හයර් කරන් යන්න පුළුවන්.. ඉර බහින වෙලාවට එහෙම වටේ මාර ලස්සනයි.. අනික හරි නිස්කලංකයි.. අයිලන්ඩ් එක මැද්දෙ චූටි කන්දකුත් තියෙයි. පොඩි හයිකින් පාරකුත් දාමු. ඔයාට හොඳයි ඒක.. බබා ගද්දි ලේසි වෙයි එතකොට.."

දෙයියනේ ඔයා කොච්චරක් දුර හිතනවද වස්තුවේ.. තාම පැටියට මාස තුන හමාරයි... එයා එන්න තව කොච්චරනං කල් තියෙයිද..

"අද ගිහින් හෙට එහෙ ඉදලා අනිද්දා හවස් වෙද්දි එමු.. ගෙදරම ඉන්නවට වඩා හිතටත් හොඳයිනෙ චුට්ටක් ඇවිදලා ආවම..."

මගෙ වෙව්ලන ඇඟිලිතුඩු ගැනවත් වද නොවී එයා දිගටම කියවන් යනවා.. එයාට ඒ තරම්වත් සිහියක් නෑ... අනේ තුන්දෙනත්තෙක්ක ජේජු යන්න ආසාවෙන්නෙ හිටියෙ ඔයා..
දැන් ඒවා හීන විතරක්ම වෙච්චිකොට ඔයා මෙහෙම හරි ඒවා ඉෂ්ට කරගන්න දඟලද්දි මගෙන් ඒකටවත් කිසි සපෝට් එකක් නෑනෙ කියලා ඔයාට හිතෙනවා ඇති.. අනේ මට සමාවෙන්න රත්තරන්..

බෑ මට හයියක් නෑ.. ආයෙ ඔයාගෙ කිරිකැටියෙක් මගෙ බඩට එන්න කිසිම විදිහක් නැතිකොට මට මේ නොදරුවා නැතිකරගන්න බෑනෙ වස්තුවේ.. ඔය කුණුගොඩ ඇබෝෂන් කරන්න කිය කිය අප්පා කෑගහපු හැටි එකදිගට මතක් වෙද්දි බයටම මගෙ හුස්ම හිරවෙන්න ආවා..

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now