හොල්මන් පාර

667 116 80
                                    

ඇවිත් හිටියෙ යුන්මී නූනා.. ඒ ඇස් මාව දැකලා ඕනෙවටත් වඩා ගැස්සුනා.. කවදාවත් හිතන්න නැතුව ඇති හ්‍යොං ඉන්න තැනක මාත් ඉන්නවා කියලා...

"අහ්... මින්සු ඉන්නවද??"

එයා රඟපාන්නෙ සූමින් නූනගෙ චරිතෙ කියලා මතක් වෙච්ච පළවෙනි තප්පරේම එයා අහිංසක පාටක් මූණට අරන් හුරතලේට ඇහුවා.. හරියට මාව දැක්කෙ ජීවිතේ පළවෙනි වතාවට වගේ..

"ඔම්මාහ්.."

දෝනි මගෙ කකුල් අස්සෙන් ඔලුව ඔබන් මුමුනද්දි එයා එක හුස්මට දුවන් ඇවිත් කෙල්ලව වඩාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා.. ආදරේ ඇති.. දරුවනෙ..

"මගෙ ඒන්ජල්ට ඔම්මා ටෝයිස් ගොඩාරියක් ගෙනාවා.. මේ චොක්ලටුත් තියනවා.."

දරුවගෙන් කොහොමද හොඳයිද අහන්නෙවත් නැතුව වාහනේ තිබිච්ච බෑග් මහ ගොඩක් ඇද ඇද එයා එක හුස්මට කියවනවා... හරියට දූ අයිති එයාට කියලා පෙන්නන්න වගේ.. දූට මෙහෙමනම් ඔයා ආවම මෙයා මට මොනවා නොකරයිද රත්තරන්..

"කුකී අප්පත් දූනිට තොක්ලත් ගුඩාලියක් දුන්නා.."

පව් මගෙ මැණික මං වෙනුවෙන් කතා කරනවා.. කෙල්ලගෙ කතාවට ඒ ඇස් ගැස්සුනා..

"මොන අප්පද ස්වීටි.. ඔයාට අප්පලා දෙන්නෙක් නෑ.. ඉන්නෙ එක අප්පයි..."

නපුරුකම ගිලගෙන සැර කතා කියවන නූනා දිහාවට මං බොඳ වෙච්ච ඇස් තියන් බලාගෙන හිටියා..

"මේ ඉන්නෙ කුකී අප්පා.. එයා හලි හුඳයි..."

අප්පලා දුවලා දෙකම එකයි වගේ මූණක් හදාගෙන කෙල්ලට රවපු නූනා මවාගත්තු හිනාවකින් මං දිහා බලාගෙන පොඩි උන්ගෙ කතා අපි ලොකුවට හිතටගන්න හොඳනැති බව කිව්වා... ඔයා කිව්වා හරි එයා චුට්ටක් කපටියි තමයි හ්‍යොං..

"යමු නූනා ඇතුළට.."

කියාගන්න දෙයක් නැතිකමටම මං ඔහේ මිමිණුවා.. අනේ රත්තරන් ඔයාවත් හිටියනම්...

"කෝ මින්සු නැද්ද? මං සූමින්. එයාගෙ වයිෆ්.."

නෑ බොරු.. එයා ජිමින්. ඒ මගෙ පණටික.. ඔයා යුන්මි එයාගෙ එක්ස්.. හිතාගන්න බැරි තරම්  බොරුකාර කපටි ගෑනියක් තමුන්.. මගෙ පපුව හිර කර කර කවුදෝ කෑගහද්දි මං කිසි දෙයක් නොකියම ඔලුව වැනුවා..

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now