බීච් ගමන

612 112 61
                                    

"මට සමාවෙන්න මිනී.. ඔයාල මෙච්චර විදවනවා දැක දැකත් ඇස් කන් නැති ගානට ඉන්න එක ගැන මට සමාවෙන්න..."

යුංගි හ්‍යොං බර හුස්මක් එක්ක අපි දෙන්නගෙම ඔලු අතගාලා දෝනිවත් පරිස්සමට ඉඹලා යන්න ගියා.. මට ඇස් අරින්න ඕනෙ උනා. ඒ කඳුළු ඉස්සරහා තවත් රඟපාන්න හයියක් නෑ මට.

"මං ඔම්මව අත ඇරියොත් මගෙ පුතා මට වෛර කරනවද රත්තරන්??"

මගෙ පපුව පුච්ච පුච්ච එයා දෝනිගෙන් අහනවා.. ඔය නොදරුවා එක්ක ඔච්චර බර කතා කියවන්න එපා වස්තුවේ..

"මුකද්ද මිනී අයිර කරනවා කීන්නෙ?"

"මුකුත් නෑ මැණික.. ඔයාගෙ මිනීට චුට්ටක් දුක හිතිලා ඉන්නෙ.."

"දුක ඉතුනම අඬන්න ඕනෙ මිනී.. එතෝට තමයි අප්පලා අපිව මේම බදාගෙන උම්මා ගුඩාක් දෙන්නේ.."

කෙල්ල පණ්ඩිතකමට කට හද හද කියනවා. ඔම්මගෙන් හම්බෙන්න ඕනෙ ආදරේ ඔක්කොම එයා ඉල්ලගෙන තියෙන්නෙ අප්පගෙන් වෙච්චිකොට එයාට අප්පගෙන් තොර ලෝකයක් ඇත්තෙම නෑ..

"මිනීට අප්පා කෙනෙක් නැද්ද මිනී?"

එයා ගැස්සුනා.. ඔයාට අප්පව මතකද මැණික? ඔයා වෙනුවෙන්ම හැමදේම කැපකරන් ආදරයක්වත් නොලබ අසරණකමට හුස්මත් අතෑරලා යන්න ගියපු ඒ ලස්සන මනුස්සයා..

"ම්.. මං දන්නෑ රෝසමල.."

"උයා කෝමද අප්පෙක් නැතුව ඉන්නෙ? මටනං බෑ උයා නැතුව ඉන්න.."

"මට මගෙ රෝසමල ඉන්නවනෙ.."

එයා මගෙ ඔලුවත් සීරුවට අතගාන ගමන් කියවනවා.. ඒ කටහඩ වෙව්ලනවා. ඔයා දුකින් මං දන්නවා රත්තරන්..

"අප්පා.."

"ම්ම්?"

"අපි ඇමදාම මෙහෙ ඉමු.. දූනිට බෑ ඔම්මා ලඟට නන්න.. එයා නූටියි.."

"ඔම්මව අතෑරියොත් මට ඔයාවත් නැතිවෙනවා මැණික. මොන විදිහකට හරි ඔයා මගෙ දරුවෙක් කියලා ඔප්පු කරගන්න පුළුවන් උනානම් මං එයාව දාලා එන්නෙ මුලදිමයි වස්තුවේ.."

මාව එහෙම්පිටිම්ම ගිනිගත්තා.. දෙයියනේ එයා දන්නවා.. නූමි එයාගෙ දරුවෙක් නෙවෙයි කියලා එයා දන්නවා.. ඇස් දිගට උතුරන්න ගලපු කඳුළු ඇස් කෙවෙනි අග්ගිස්සෙන් බේරිලා ගිහින් කොට්ටෙ තෙමනකොට මං දිගටම තෙත කොට්ටෙට මූණ ඔබාගෙන නිදි වගේ හිටියා..

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now