අපේ දරුවා

856 121 103
                                    

"මැණික.."

"ම්ම්ම්ම්..."

"මගෙ බණ්ඩිගෙඩියා..."

"ම්ම්ම්හ්.. ම්හ්ක්"

"සුදු බෝලෙ.. කෝ මේ මැදට එන්නකෝ පණ.."

එයා සැහැල්ලු හිනාවක් එක්ක වාරු නැති කකුල් එහෙමෙහෙ කරලා මාව මැද්දෙන් ඉන්දවගෙන පරිස්සමට ඒ පපුවට මාව බරකරගත්තා.. හරි රස්නෙට මාව තුරුල් කරන් දෝතම මගෙ බඩ යටින් යවලා අනේ මහ පරිස්සමකින් බණ්ඩිය එයාගෙ අත්වලට උස්සගත්තා..

දෙයියනේ දැනුනු සැනසීමක්... මං එහෙමම එයාගෙ උරහිසට ආපස්සට ඔලුව බර කරන් කඳුළු උතුරන ඇස් හිරට පියාගෙන නොසෑහෙන වෙලාවක් එහෙමම හිටියා.. එයාගෙ සුවඳ මැද්දෙන් ඒ රස හාදු මැද්දෙන් සත්තමයි මහ වෙලාවක් හරි සැනසිල්ලෙ ගෙව්නා..

"සනීපයි රත්තරන්... ඇත්තටම හරි සැනසීමයි.. එයා දැන් දැන් හරියට බර වෙලා හිටියෙ.. දවස තිස්සෙම උස්සගෙන ඉන්න එක ලේසියක් නෙවෙයි..."

මං එහෙමම හැරිලා ඒ බෙල්ල පාමුලින් තොල් තද කරන් හිමීට මිමිණුවා.. මේ ආදරේ මහමෙරක් දෙයියනේ... එයා කොච්චර අමාරුවකින් හිටියත් මං වෙනුවෙන් දවස තිස්සෙම මේ වෙන කැපකිරිල්ල ලේසි නෑ..
ඔයා හින්දම ඔහොම උහුලනවා මිසක් කාගෙදෝ කියලා හිතාගෙන ඉන්න දරුවෙක් වෙනුවෙන් මේ වෙන කැපවීම එසේමෙසේ කැපවීමක් නෙවෙයි වස්තුව...

"ලස්සන හොඳ බෝල බබෙක් වෙන්න ඇති කූ.. ඊලඟ ස්කෑන් ඩේ එකට මාත් ඉන්නවා... මට එයාව බලන්න ඕනෙ.."

එයා ආයිමත් මාව හරි ආදරෙන් ඉම්බා.. මේ විනාඩි ගානට එයා සියවතාවක් මාව ඉඹින්න ඇති.. ඒ තොල් දහස් වතාවක් උරහිස් අතරෙ ඒ කෙලවරේ ඉදන් මේ කෙලවරට යන්න ඇති... කොලර් බෝන් එක උඩ යන්තමට ඇදිච්ච දත් පාරවල් ඇත්තමයි ගණන් කරගන්න බැරි තරමටම ඇති...

"හ්ම්ම් නෙක්ස්ට් වීක් ඩොක්ටර් එනවනෙ.. අපි එතකොට එයාව බලමු..."

"හ්ම් හ්ම්ම් උම්ම්ම්මා අපේ චණ්ඩි බණ්ඩියා... මෙහෙම ලොකුවෙලා ලොකුවෙලා අන්තිමට මෙයාව එළියට ගන්න අමාරුවෙයිද මැණික.."

"එහෙම උනොත් බණ්ඩිය කපලා ගමු..."

අනේ ඒ ඇස් ගැස්සුනා..

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now