උපන්දින කුමාරයා

532 120 79
                                    

අඬලා අඬලම නින්ද ගියපු මං ආයිත් ඇහැරුනේ සීතලට මොන මොනවදෝ මූණ පුරාවට දුවනවා දැනෙද්දි..
ඇස් ඇරිය පමාවට මාව එහෙමම ගල් ගැහුනෙ මට එහා පැත්තෙන් දිගාවෙලා මාව තුරුල් කරන් ඉකිගහන හ්‍යොංව දැක්කම... දෙයියනේ කොට්ටේ මෙච්චර තෙතබරියම් වෙනකම් අඬන්න තරම් මොනවද උනේ වස්තුවේ..

"හ්‍යොං.. ඇයි රත්තරනේ මේ??"

අනේ ඒ කඳුළු දැක්කම හේතුවක් නැතුවම මටත් පපුව හූරගෙනම ඉකි ගැහුනා.. තොල හපාගෙනවත් දරාගන්න බැරිම තරමට ඇඩෙද්දි මං ඒ පපුව අස්සට තුරුල් වුණා... ඒ සුවඳ අස්සෙ සනීපෙට ගුලි ගැහුනා..

මං ඇහැරියා කියලා දැනුනු ගමන් මගෙ කටහඬ ඇහුණු ගමන් එයා හැදුවේ මාව එහෙමම අතෑරලා දාලා යන්න... මං ඇස් හිරට පියාගෙනම සද්දෙට ඉකිගගහා ඒ බාහුවක එල්ලුනා..

"එපා..හ් මාව දාලා යන්න එපා.."

හැමදාමත් වගේ මගෙ කඳුළු ඒ හිත රිද්දනකොට එයාගෙ ලොකු අතක් මගෙ කොණ්ඩ ගස් අස්සෙන් එහෙමෙහෙ දුව දුව මාව සංසුන් කරන්න දතකෑවා..

"ම්හ්.. මට..හ් මට සමාව දෙන්න එපා කූ.. මට සමාව දෙන්න එපා.."

"මොකක් කරාටද මහත්තයෝ.. ඇයි මේ??"

"කිසිමදේකට.. මේ කරන කිසිමදේකට මට සමාවක් දෙන්න එපා මැණික.."

නෑ හ්‍යොං එපා.. ඔයා කවදාවත් මෙහෙම දුර්වලයෙක් වෙලා හිටියෙ නෑ... ඔයා හිත හයිය මහ නපුරු කොල්ලෙක්නෙ.. මං ආදරේ උනේ ඒ කොල්ලටනෙ... කෝ ඒ නපුරුකම්.. අනේ මෙච්චර වෙනසක් මට එකපාර උහුලගන්න බෑ මැණික.. මං හින්දා දුර්වලයෙක් වෙන්න එපා.. මං මේ පුරෝගෙන තියෙන පව් ඕනෙවටත් වැඩී රත්තරන්.. තවත් නම් බෑ..

මං ඒ පපුව මැද්දට තොල් තද කරාම එයා මගෙ ඔලුව අතගගාම නළල කෙළවරකට බර හාද්දක් තිබ්බා..

"මගෙ වස්තුව.."

"ම්ම්..."

"මගෙ මැණිකට පුළුවන් ද දෙයියෝ  මාව අමතක කරන්න..."

අනේ මාව පිච්චිලා ගියා.. මොනවද රත්තරනේ මේ අහන්නෙ.. මං කොහොමද ඊට පස්සෙ හුස්මක්වත් ගන්නෙ... මට ඇඬුනා.. ඒ පපුව මැද්දෙ දත් පාරවල් හිටිනකල් හපාගෙන මං ඉකිගගහා ඇඩුවා..

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now