Lotte World

880 168 40
                                    

හ්‍යොං හිටියෙ එයාගෙ වචන අස්සෙ හිරවෙලා.. ඒත් අවුරුදු විස්ස පුරාවටම එකම එක බර්ත්ඩේ සප්‍රයිස් එකක් විතරක් ම හම්බුන සතුටට උඩපනින දඟකාර කොල්ලෙක්ගෙ හිතේ පිස්සු නටන හැම සිතුවිල්ලක්ම හ්‍යොංගෙ මූණෙන් ලස්සනට පෙනුනා..

අන්තිමට එයා සතුටින් කුකී... මං සැනසිලි හුස්මක් ගත්තා..

"හ්‍යොං අපි කේක් එක කපමුද?"

"අහ්.. මේ ඔම්මා.. අපි ඔම්මා එනකල් ඉමුද?"

අනේ හ්‍යොංට ආස ඇති.. ඒත් ආන්ටි ජියෝට එන්න විදිහක් නෑ කිව්වනෙ..

"ඔම්මා... ඔයා එනවද?.. අම්ම්.. නෑ මේ කුකී කේක් එකක් ගෙනත්... අහ් එහෙමද?? හරි ඔම්මා.."

මං මොනවත් කියන්නත් කලින් ෆෝන් එක කනට තද කරගත්තු හ්‍යොං තෑගි ගොඩක් හම්බෙච්ච පොඩි එකෙක් වගේ ලස්සන හිනාවක් එක්ක ආන්ටිට කෝල් කලා..

"අ.. එ.එයා එයි.. ඒත් ටිකක් පරක්කු වෙනවා කිව්වා... අ.. අපි කපමු මේක..."

අන්තිමට අර සතුටු හිනාවෙන් මහ පලුවක්ම අතුරුදහන් කරගෙන එයා අසරණයෙක් වගේ බිම බලන් මිමිණුවා.. ආන්ටි හොඳටම බිසී ඇති නැත්තන් එයා කවදාවත් හ්‍යොංගෙ දේවල් මඟාරින්නෙ නෑ..

"සෙංඉල් චුක්කාහම්නිදා
සෙංඉල් චුක්කාහම්නිදා
සරංහානන් ජිමිනී හ්‍යොං
සෙංඉල් චුක්කාහම්නිදා!!... වූහූ... විශ් එකක් කරන්න. විශ් එකක් කරන්න.."

මං ඉටිපන්දම් ටික ලස්සනට කේක් එක වටේට ගහලා ඒවා පත්තු කරලා කේක් එකත් අරන් හ්‍යොංගෙ ඉස්සරහට ගියාම එයා මුළු මූණම පිරිච්ච ලෝබ හිනාවක් එක්ක ටිකක් වෙලා ඇස් පියාගෙන ඉදලා ඉටිපන්දම් නිවලා කේක් එකෙන් කෑල්ලක් කපලා අතට ගත්තා..

එයා ඒක මගෙ කට ලඟටම ගෙනල්ලත් ආපහු මහ හදිස්සියකින් අත පහලට කලා.. ප්ෆ්ෆ්.. මෙයාට සැර කරන්න විතරක් නෙවෙයි ලැජ්ජා වෙන්නත් පුළුවන්නෙ..

"යා... තනියම කන්නෙ.. කෝ මට..."

හ්‍යොං කපපු ලොකු කේක් කෑල්ලෙන් බාගයක්ම එකපාර කටට ඔබාගද්දි මං කෑගහන ගමන් ඒ අත ඇදලා අරන් ඉතුරු කේක් ටිකෙන් කට පුරවගත්තා..

එයා ඇස් දෙක පුදුමෙන් බෝල කරගෙන කටත් චුට්ටක් ඇරගෙන බලන් ඉන්න විදිහ දැක්කම මට සද්දෙන් හිනාවක් පිට උනේ ඉබේටමයි..

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now