දූනිට සොලී...

692 114 67
                                    

උදේ වරුවම ඔහේ මහ මූසලකමකින් ගෙවෙද්දි මං එයාගෙ තුරුලට ගුලි වෙන්න දතකන හිත හරි අමාරුවෙන් වාරු කරන් දවස ගෙව්වා.. මට ඕනෙ ඒ ඇඟිලිතුඩක්වත් තප්පරේකට දෙකකට අත් අස්සට හිරකරගන්න ඕනෙ.. මට කවරදාකටත් වඩා එයාව ඕනෙ.. ඒත් නෑ එයාගෙ ඒ මූණෙ තිබිච්ච හිනාව යාන්තමටවත් නැතිවෙන තරමටම මැකිලා ගිහින් තියෙනකොට නිකමටවත් මට පේනමානෙකට නොඑන්න එයා වග බලාගෙන තිබුනා...

ඇත්ත එයාට කේන්ති ඇති.. කේන්තියටත් වඩා පපුව පිච්චෙන තරම්ම දුක ඇති.. මෙච්චර බොරුවක්... එයා කවදාවත් හිතන්න නැතුව ඇති මං මේ තරම් බොරුවක් කරයි කියලා.. එයාව අවිශ්වාස කරලා මෙච්චර ඒ හිත රිද්දයි කියලා.. අහද්දි අහද්දිත් නෑ කිය කියම එයාව රවට්ටයි කියලා... සමාවෙන්න රත්තරන් අනේ මට සමාවෙන්න වස්තුවේ...

"කූ අප්පා.."

"අහ්.. ආ... සුදු මැණික..."

"දූනිගෙ බංඩියටත් මල්ලි බබෙක් ඇවිල්ලත??"

"ඈහ්??"

"මේ මේම මේම සද්ද කලන්නෙ කාද??"

මං හිටියෙ පපුව ඇවිලි ඇවිලි... ඒ හින්දමද මන්දා දෝනිගෙ එක වචනෙට මාව ගැස්සුනා.. කෙල්ල ඇඳුමත් උස්සගෙන චූටි බණ්ඩිය එළියට දාගෙනම ඇවිත් මගෙ ඉස්සරහින් ඇස් බෝල කරන් හිටගත්තා..

අනේ කෙල්ලගෙ බඩ එක සීරුවට කෑගහනවා.. පව් කන්න දුන්නෙ නෑ නේන්නම්... හොබී රෙස්ට් කරනව ඇති.. ජින් හ්‍යොංත් නෝවා ලඟ ඇත්තෙ.. ටේ හ්‍යොංලා වුනත් ඉන්නෙ හොඳ සිහියෙන් නොවිච්චිකොට මට කෙල්ල ගැන මීට වඩා හොයන්න බලන්න තිබුනා..

"අනේ මගෙ මැණිකට බඩගිනිද?? ඉන්න කූ අප්පා ඉක්මනට..."

"සුදු මල.. ටේටේ අජොශී බයි හදනවා.. ගිහින් ඉල්ලගෙන කන්න..."

දෙයියනේ එයා... එකපාරම කාමරේ දොරෙන් එබුනෙ එයා... ඒ මූණ ඕනෙවටත් වඩා මැලවිලා ගිහින් තියෙද්දි ඒ ඇස් බොරපාටට වලගැහිලා තියෙද්දි මගෙ දිහාවට නිකමටවත් ඇස් පානොකරපු එයා රවාගත්තු මූණෙන්ම ගිහින් කාමරේ කෙලවරකට වෙලා මොනවදෝ හොයන්න ගත්තා..

ටොෆී පැකට් එකක්..

ඇයි මේ උදේ පාන්දර ටොෆී කන්නෙ... මං බෝලවට ඉලිප්පුන බණ්ඩිය යටින් අතකුත් තියාගෙන හිමින් සීරුවට එයාට ලං වුණා.. දෙයියනේ සිගරට් ගඳ.. එයා ලඟ ඉවසන්න බැරි තරම්ම සිගරට් ගඳ දැනෙද්දි ඉබේම මට නහය එහෙමෙහෙ වුණා..

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now