කුකීගෙ වස්තුව

851 110 51
                                    

- Jimin POV -

"අප්පා.."

"ම්ම්ම්.."

"දූනි කූ අප්පට පපා කීන්නද?"

"අහ්? ඇයි මැණික.."

"මල්ලි බබා එයාට පපා කීනවනං මතත් ඕනෙ පපා කීන්න..."

"කියන්න වස්තුවේ.. ඔයාට කැමති නමක් කියන්න. ඒකට කමක් නෑ..."

මගෙ පණ්ඩිත කෙල්ල.. මං ටේගෙ ඔඩොක්කුවට වෙලා බුංඔපං එකක් හප හප හිටපු කෙල්ලව ඇදලා අරන් හිස් මුදුන හරි ආදරෙන් ඉම්බා.. පේස්ට්‍රිය ඇතුළෙ තිබුනු චොක්ලට් කට වටේම ගාගෙන කෙල්ල කිරිදත් පෙන්නගෙන හිනාවුණා..

අපි මේ කුකීව ආයිමත් එක්කන් එන්න එයාලගෙ ගෙදර යනගමන්.. ආවෙ නූමියි ටේයි මායි විතරයි. අනිත් අය ගෙදර එයා වෙනුවෙන් සප්‍රයිස් පාටි එකක් ලෑස්ති කරනවා.. හොබී ප්‍රෙග්නට් කතාව වුනත් එයා තාම දන්නෙ නෑනෙ... හොදම සප්‍රයිස් එකක් දෙන්න පුළුවන් ඒ හින්දා..

"චිම් අමාරුද? මං වාහනේ ගන්නද?"

"නෑ එපා ටේ මං මේ ටික ගෙනියන්නම්.."

අපි ගෙදරින් පිටත් වුණේ පාන්දරම. වෙන මුකුත් නිසා නෙවෙයි.. මගෙ මැණිකව ආපහු ගෙන්න ගන්න තියන හදිස්සියට.. ගෙදර ඉදම්ම වාහනේ ගෙනාවෙ ටේ... කන්න මොනාහරි ගන්න නැවතුනාට පස්සෙයි අපි සීට් මාරු වුණේ.. ඒත් මට තාමත් සීයට සීයක්ම හොඳ නැති නිසා මං අඩියක් තියන එක ගැන පවා එයාලා නොසෑහෙන්න මං ගැන වද වෙනවා...

"ජුනී හ්‍යොං එන්නෙ කවද්ද චිම්??"

"අනිද්දට එනවා කිව්වා බං... එයා මේ වැඩවලින් අයින් වෙන්න හදන්නෙ.. හුඟක් දුරට මේ ආවම ආයිත් යන එකක් නෑ.. ඒකයි එන්න පරක්කු මෙච්චර.. එහෙ වැඩ ඔක්කොම සෙට්ල් කරලා එන්න එපැයි."

"ම්හ්ම්ම්.. ඒත් එහෙම එකපාර අයින්වෙන එක එයාගෙ ජීවිතේට රිස්ක් එකක් නෙවෙයිද?"

"රිස්ක් එකක්.. ඒත් දැන් තියන තරම්ම නෙවෙයි... අනික එයා නොකිව්වට නොපෙන්නුවට ජින් හ්‍යොං ගැන හරියට වදවෙනවා බං."

"හ්ම්ම් පව් දෙන්නට එකට ඉන්න ලැබෙන්නෙම නැතිතරම්නෙ... ජින් හ්‍යොං මුකුත් නොකිව්වට එයා ඉන්නෙ ඔය ගැන හරි හිතේ අමාරුවෙන්..."

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now