ආපහු ආපු මොට්ටයා

617 121 37
                                    

ඒ හිටියෙ එයා.. ඉස්සරටත් වඩා හැන්ඩ්සම් පාටට අර නපුරු ඇස් බෝල තවත් බෝල කරගෙන.. ඒත්.. අනේ ඒත් ඒ ඇස්වල තවදුරටත් ආදරේ තිබුනෙ නෑ.. චුට්ටක්වත් නෑ... එයා හරි සීතල බැල්මකින් අපි දිහාවට ඇස් තියාගෙන හිටියා.. මටවත් ටේ හ්‍යොංටවත් නැඟිටගන්න පණක් තිබුනෙ නෑ..

මේකත් මේ අවුරුදු එක හමාර තිස්සෙම දැකපු ජාතියේ ලස්සන හීනයක් විතරයි ද? මට මාවම කොනිත්තගන්න ඕනෙ වුණා.. රිදෙන්න ලේ පනින තරමට රිදෙන්න...

"අහ්.. මේ... මම ඇතුළට එන්නද?"

දුවගෙන ඇවිත් ඇගට පනින්නෙ නැතුව මොනවද ඔයා මේ අහන්නෙ රත්තරනේ.. මට අඬන්න කඳුළු තිබුනෙ නෑ... කොච්චර පපුව රිදුනත් කෑගහලා අඬන්න ඕනෙ උනත් මට තවත් කඳුළු නෑ.. මෙච්චර සතුටකදිවත් අඬන්න කඳුළු නෑ..

අපි තාමත් මුකුත්ම නොකියා එහෙමම හිටපු නිසා එයාම ඇතුළට එන්න ගත්තා.. කොච්චර ආදරේ ඕනෙ උනත් තුරුල් වෙන්න ඕනෙ උනත් මං නං යන්නෙ නෑ ලඟට.. මෙච්චරකල් මාව පිස්සෙක් වෙලා බෙහෙත් කරනකලුත් නෑවිත් ඉන්න තරම් එයාගෙ හිත හයියයිනම් මං මොකටද එයාව ගණන් ගන්නෙ.. හහ් මොට්ටයා...

ඇස්වල පිරිච්ච කඳුළු රස්නෙම රස්නියට පපුවත් පුච්චගෙන ගලන් යද්දි මං වෙව්ලන තොල් රිදෙන්න හපාගෙන දිගටම බිම බලන් හිටියා..

"මට ආර්. එම්ව බලන්න ඕනෙ.. එයා කොහෙද ඉන්නෙ කියලා කියන්න පුළුවන් ද?."

අශ්.. එයා මාව ගණන් නොගෙන ඉන්නද හදන්නෙ? යා... මෙච්චරකලුත් රිද්දලා තවත් රිද්දන්න පුළුවන් ද හ්‍යොං ඔයාට? අනික කවුද ආර් එම් කියන්නෙ. මොන ජාතියේ නමක්ද ඒ??

අහ් තවත්නම් මට එහෙම ඉන්න බැරි වුණා.. හිතන්නත් කලින් මං දුවන් ගිහින් එයාව තුරුල් කරගත්තා.. මහ හිරට චප්ප වෙන්නම මිරිකගෙන තුරුල් කරගෙන ඒ සුවඳ පපුව අස්සෙන් ඔලුව ගහගත්තා..

නෑ එයාගෙන් ඉස්සර සුවඳ හොයන්න එපා කුකී.. එයාගෙ ඇඳුම් පවා එහෙම මුමුණනවා මට දැනුනා.. අඩුමගානෙ එයාගෙ අත් මගෙ වටේ එතුනෙවත් නෑ.. මං විතරක් එයාව චුරුස් වෙන්නම තුරුල් කරන් මහ ලෝබකමට ඒ පපුව අස්සෙ ආදරේ හෙව්වා..

"කොහෙද දෙයියනේ ගිහින් හිටියෙ? දන්නවද ඔයා නැතුව මං කොච්චර විදෙව්වද කියලා ආ.. අනේ මට මැරෙන්න හිතිලා තිබුනෙ හ්‍යොං..."

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now