අමාරුම අමාරු නපුරු දවස්

577 112 108
                                    

"ප්ලීස් කුකී මට මෙහෙම චුට්ටක් ඉන්න දෙන්න.. ජීවිතේ අන්තිම වතාවට ප්ලීස් මැණික යන්න එපා..."

නෑ.. තවත් ඉන්න තරම් හයියක් මට තිබුනෙ නෑ.. මට අකීකරු මගෙ හිතට අකීකරු ඇඟිලිතුඩු තාමත් එයාගෙ ගොරෝසු කෙස්ගස් අතරින් එහෙමෙහෙ වෙනකොට එයා කඳුළු පුරෝගත්තු ඇස් මගෙ බඩ මැද්දට තදකරන් පොඩි එකෙක් වගේ කෑගැහුවා..

බෑ තවත්නම් මං මොන හයියකට මේවා උහුලන් ඉන්නද රත්තරන්.. වේලිච්ච උගුරට කෙල බෝල තල්ලු කර කර රිදෙන්න ගත්තු පපුව හිමීට අතගාගත්තු මං දරාගන්නම බැරිම තැන එයාව පැත්තකට කරලා යන්නම හැදුවා..

"මට ඔහොම කරන්න එපා.. නොයා බෑ රත්තරනේ.. හේතුවක් ඇතුව මං යන්නෙ.."

"අනේ ඔයාගෙ හේතු.. ආපහු එන්න යනවා වගේ කතා කරන්න එපා හ්‍යොං.. යන්න ගිහින් එයා එක්කම ඉන්න.."

"මං සතුටින් යනවා කියලද හිතන්නෙ කුකී.. මගෙ මූණෙ කොතනකවත් සැනසිල්ලක් පේනවද?"

නෑ ඒ මූණෙ කිසිම සැනසිල්ලක් නෑ.. ඒත්...

"අහ්.. මේ විකාර නවත්තන්න හ්‍යොං.. මට යන්න ඕනෙ.. කෝ එහාට වෙන්න..."

"හරි. යනවා.. මෙච්චර කියලත් තමුන්ට මාව තේරෙන්නේ නෑ දැනෙන්නෙ නෑ කියන්නෙ මේක මෙතනින් නවතින්න ඕනෙ තමයි..."

මාව බදාගෙන බඩ අස්සෙන් මූණ ඔබන් හිටපු එයා හරි ඉක්මනට මගෙන් ඈත් වෙලා නැගිට්ටා.. ලාඳුරු ලෙඩෙක්ව පැත්තකට කරන ගානට මාව තල්ලු කරගෙන නැගිට්ටා... එයාම මාව දාලා යන්න හදලා දැන් මට වැරදි කියනවද? දෙයියන්ගෙ නාමෙට ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ පාක් ජිමින්..

"ඔම්මලා මට ප්‍රපෝසල් එකක් ගෙනත්"

මාත් කේන්තියෙන් කෑගැහුවා.. ඇයි එයා විතරක් හිත රිදෙන දේවල් කරද්දි මං දරාගෙන ඉන්න ඕනෙ? මටත් පුළුවන්නෙ රිද්දන්න... ඉතිං පොඩි එකෙක් වගේ කේන්තියෙන් මං කෑගැහුවා..

ඔව් හිතුවා වගේම එයාට රිදුනා... ඕනෙවටත් වඩා මහ හුඟක් රිද්දගත්තා.. ඒ අත් කකුල් එහෙමම ගල් ගැහුනා.. ඇස් බෝල රතුවට තෙතපාටින් දිලිසුනා.. හුස්ම උනත් වැරදි තාලෙට එහෙන් මෙහෙන් ඇදගත්තා.. නහර ඉලිප්පුන අත් මිට මොළවගෙන මාව පිච්චෙන තරමෙ බැල්මක් මට දීපු එයා තව තප්පරේකටවත් නොයිද එක හුස්මට රූම් එකට ගියා..

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now