රසපාට තොක්බොක්කි

694 113 59
                                    

අපි අන්තිමට තොක්බොක්කි හැදුවා.. බුල්කොගි දාපු තොක්බොක්කි... නෑ කිම්චි චිගේ එක්ක නෙවෙයි. රස පාට උතුරන ජජම්‍යොන් තොගේකුත්තෙක්ක...

දෙයියනේ ඒක හීනයක් නෙවෙයි.. මුලදි මට එහෙම හිතුනත් ඇත්තටම අපි දෙන්නගෙ අත් දෙකෙන් රස කෑම මහ ගොඩක් හැදුනා... දෝනිට කන්න වෙනම හැදුව සැර නැති රාම්‍යොන් චුට්ටකුත් එයාගෙ පිඟාන පිරෙන්නම තිබුනා..

"චිකන් ටිකකුත් ෆ්‍රයි කරලා ගමුද මැණික.."

ඔව්නෙ අන්තිමට එයා යාළු වුණා... චුට්ටක් වෙලා යනකන් ලැජ්ජාවෙන් රතුවෙලා පැත්තකට වෙලා හිටියත් මහ ගොඩක් වෙලා ඒක දරාගෙන ඉන්න පුළුවන්කමක් එයාට තිබ්බෙ නෑ.. ඉතිං ඇඹරි ඇඹරි ආයෙත් අපි අස්සෙම දැවටෙන්න ගන්නකොට දෝනියි මායි බොරු තරහවල් සේරම පැත්තක දාලා එයාගෙ තුරුලට පැන්නා...

"එක්කො එපා නේද? තෙල් ගොඩයිනෙ.."

"ම්ම්හ්???"

"චිකන්?? ෆ්‍රයි කරාම තෙල් ගොඩයි නේද මැණික. පැටියට හොඳනෑනෙ..."

"කමක් නෑ හදන්න හ්‍යොං.. අනිත් අය කනවනෙ... මං දන්නවා ඔයත් ආසයිනෙ.."

එයා ආසයි චිකන් ෆ්‍රයි කරලා සෝස් තලියක ඔබාගෙන කන්න.. පව් ඔය මං හින්දනෙ නොකා ඉන්න හදන්නෙ...

"මට එපා.. අපි එහෙනම් එයාලට විතරක් හදමු..."

"ඇයි ඔයා..."

"ඔයා මගෙ කොල්ලා වෙනුවෙන් කරන කැපකිරීමෙන් දශමෙක තරම්වත් දෙයක් මටත් කරන්න දෙන්න මැණික.."

එයා ලස්සන හිනාවක් එක්ක ඇදිලා එන තරම් සද්දෙන් මාව ඉඹ ඉඹම කියෙව්වා.. ඔව් එයා හරි සතුටින් හිටියේ.. ඒ ඇස්වල හැම තප්පරේකම සතුටු පාටට කඳුළු දිළිසුනා...

මහන්සියක් අමාරුවක් ලාවටවත් ඒ මූණ කෙලවරකවත් තැවරිලා තිබුනෙ නෑ.. අපි දෙන්නටම වාරුනැති තැන්වලදි ජින් හ්‍යොං හරි ටේ හ්‍යොං හරි උදව්වට ආවා.. මේ ආපහු ලස්සන දවස්... ආදරේ උතුරන ලස්සන දවස්...

ගෙවිච්ච විනාඩියක් ගානෙම පුතු පැටියට අප්පගෙනුයි අක්කි බබාගෙනුයි හාදු මහ ගොඩක් හම්බුනා.. ඉතිං කොල්ලත් මහ සන්තෝසෙකින් එහෙට මෙහෙට කකුල් ගස ගසා බණ්ඩිය ඇතුළෙ ඉදන් එයාගෙ විස්තරේ කියෙව්වා..

Love Me Like You Do || Complete || ✅Wo Geschichten leben. Entdecke jetzt