"චිම්.. මේ කොල්ලා අඬනවා.. එළියට වරෙන්.."
ටේ හ්‍යොංගෙ කෑගැහිල්ල ඉවර වෙන්නවත් ඉස්පාසුවක් නැතුව මාව ඇදිලා ගිහින් බිත්තියයි චිමී හ්‍යොංගෙ හැඩිදැඩි අත් අතරෙයි හිරවුණා.
"තමුන් මොකටද අඬන්නෙ ආ? මොකටද අඬන්නෙ කියනවා.. බබෙක් වගේ හැම මඟුලටම පොඩ්ඩ ඇත්තන් අඬනවා.."
එයා රකුසුපාට කරගත්තු ඇස් මගෙ මූණටම ඔබාගෙන මහ සද්දෙන් කෑගහන්න ගත්තම මං බයෙන් තව තවත් බිත්තිය අස්සට ගුලි ගැහුනා.
"ගෙදරට කියලද ආවෙ?"
"අහ්?"
"ගෙදරට කියලද ආවෙ තමුන්?"
"අහ් මේ.. හදිස්සියෙ ඔ..ඔයා ඔයා අසනීපෙන් කිව්ව නිසා.. ඔයාට එකපාරම අසනීප උන නිසා... මේ..."
ටේ හ්‍යොංගෙන්වත් උදව්වක් නැති තැන මං පැටලි පැටලි අසරණයෙක් වගේ දිගටම ඒකම ඒකම මිමිණුවා.
"තටමන්නැතුව කියනවා.."
"න් නැහ්.. ඔම්මලා දන්නෑ..."
"අශ්... ටේ මූව ගිහින් දාලා වරෙන්."
"බ් බෑහ්.. මට යන්න බෑ... මං කොහෙවත් යන්නෙ නෑ.."
හ්‍යොංගෙ වචනත්තෙක්ක කලබල වෙච්ච මට එකපාරම කෑගැස්සුනාම හ්‍යොං ආයිමත් නපුරු ඇස්දෙක තවත් සැරපාට කරගෙන මට එරෙව්වා..
"ඔයාට සනීප වෙනකල් මං කොහෙවත් යන්නෙ නෑ.."
"මේ යකාට පිස්සුද ටේ? හෙට මේ කොල්ලා කොලේජ් යන පළවෙනි දවස. ජොන් අංකල් මාව එල්ලයි. මූව ගිහින් දාලා වරෙන්.."
"යමු කුකී දැන් පාන්දර හතරත් පහුවෙලා.. ඔයා උදේම කොලේජ් යන්න ඕනෙ.. අනික ආන්ටිලා ඔයා නෑ කියලා දැනගත්තොත් කලබල වෙයි.."
ටේ හ්‍යොං මාව බලෙන් ඇදන් යන්න හැදුවත් මං දිගටම කෝලා බබෙක් වගේ හ්‍යොංගෙ ඇගේම එල්ලීගෙන හිටියා.. මට කොලේජ් යන එකත් මහ වදයක් වගේ දැනෙන්න ඇරන් තිබුනෙ. ඒ එක්කම ඔම්මලාගෙ නපුරු තීරණත්.. ඇයි කවුරුත් මාව තේරුම් නොගන්නෙ??
"මොකක්ද වෙලා තියෙන්නෙ? තමුන් ඇයි මෙහෙම හැසිරෙන්නෙ?"
අන්තිමට හ්‍යොං මාව ඇදලා අරන් බිත්තියට තද කරන් අහපු ප්‍රශ්නෙට මාව උත්තරයක් නැතිකමටම ගල්ගැහිලා ගියා..
VOCÊ ESTÁ LENDO
Love Me Like You Do || Complete || ✅
Romance"My love for you is past the mind, beyond my heart, and into my soul."