හදිස්සි පාටිය

512 109 127
                                    

"ඇත්තටම ආදරේ කරානම් දාලා යන්නෙ නෑ නේද? ඇත්තටම ආදරේ කරානම් එහෙම යන්න බෑ නේද??... එයා මට බොරුවක් ද කරේ හ්‍යොං.. එයා මාව රැවැට්ටුවද??"

දවසකට ඔය වගේ ආත්මාර්ථකාමී කතා සිය ගානක් මගෙ කටින් මිමිණෙද්දිත් ගෙදර කිසි කෙනෙක් ඒවට විරුද්ධව දෙයක් කිව්වෙම නැති තරම්.. එයාලා හා කියන්නෙත් නැතුව හුම් කියන්නෙත් නැතුව සේරම අහගෙන හිටියා...

එයාලා දන්නවා මේ රිදෙන හින්දා කියලා.. මේ පිටවෙන හැම වචනයක් ගානෙම තියන වේදනාව එයාලා හැමෝම දන්නවා...
හ්‍යොංගෙ හුස්මක සුවඳ දෝනිගෙ හුරතල් කෑගැහිල්ල ඒ ආදරේ මතක් වෙන වාරයක් ගානෙම පපුව ඕනෙවටත් වඩා පිච්චෙද්දි මාව තුරුල් කරන් හැමදේම හොදින් වෙයි කුකී කියන්න මට හිටියෙ එයාලා විතරයි..

මොන දේ උනත් එයා ගියෙ දරුව ගැන විතරක් හිතලා කියන ආත්මාර්ථකාමී නපුරු හැඟීමෙන් මිදෙන්න මට බැරි උනා.. මං මෙච්චර විදවනවා පිච්චෙනවා කියලා දැන දැනත් ගියාට පස්සෙ එක කෝල් එකක්වත් ආන්සර් නොකරන්න තරම් එයා නපුරු වෙලා හිටියා..

අර අසනීප පිට බාගෙට වැනි වැනී ගියපු හැටි මායාවක් ගානට හැමතිස්සෙම හිතේ ඇදෙන එක දරාගන්න බැරිම තැන පරිස්සමින් ගියාද මැණික කියලා අහ අහ යවපු එක මැසේජ් එකකටවත් එයාගෙන රිප්ලයි නෑවිත් තිබුනා.. ඉතිං මට එහෙම හිතෙන එක අසාධාරණද??

ආදරේ හොඳම තැන පරිත්‍යාගය කියලා කිව්වත් තවත් ඇස් අගට ගලන්න කඳුළු මට තිබුනෙ නෑ.. මං ඒ තරමටම ඇඬුවා. ඇස් ඉදිමිලා රතුවෙලා ගල් ගැහෙනකල්, ඔලුව රැයක් දවාලක් නැතුව පුපුරන්න තරම් රිදුම් දෙනකල් මං හැම තප්පරයක් ගානෙම ඇඬුවා...

එයාලා ගිහින් සතියකින් නම්ජූන් හ්‍යොංවුත් ගිය හින්දා මුළු ගෙදරම තිබුනෙ මළ ගෙයක් ගානට පාළුවෙලා.. ජින් හ්‍යොං හුස්ම ගත්තෙත් ඕනෙවට එපාවට.. ටේ හ්‍යොංගෙ පවා ඇස් අග කඳුළු බෝල නළියනවා මං දෙතුන් වතාවක්ම දැක්කා.. හොබී හිටියෙම හ්‍යොංට ගුලි ගැහිලා මූණ එල්ලගෙන. ඒත් අඩුගානෙ එයාට ටේ හ්‍යොං හරි ඉන්නවනෙ... මට කවුද ඉන්නෙ..

අනේ මං තනිවෙලානෙ හ්‍යොං.. මට තනියි රත්තරනේ මට ඔයාට තුරුල් වෙන්න ඔය පපුව අස්සට ගුලි ගැහිලා මුළු පපුවම ඉඹින්න ඕනෙ.. ඔය සුවඳින් පෙනහළු පුරවගන්න ඕනෙ.. ඔය හිනාව එක තප්පරේකට හරි දැකගන්න ඕනෙ... ඔය අත් අස්සට හිරවෙලා හාද්දක රහ බලන්න ඕනෙ... ඔය කටින් මැණික කියලා මිමිණෙනවා අහන්න ඕනෙ..

Love Me Like You Do || Complete || ✅Donde viven las historias. Descúbrelo ahora