මිනීමරුවා

516 107 82
                                    

දාහක් දේවල්වලින් එකදිගට ඔලුව පිරෙද්දි මං හරි බරට හුස්මක් අරගෙන එහෙමම එයාගෙ වතට වාරු වුණා..

"ඇයි?? මහන්සිද??"

කොහොම කියන්නද? කොහොම මේ හිතේ තියන දේවල් කියන්නද රත්තරන්.. ඉතිං මං ඔහේ ඔලුව වැනුවා...

දෝනි හිටියෙ එයාගෙ බෙල්ලෙ එල්ලීගෙන දෝතින්ම චොක්ලට් එකක් බදාගෙන හප හප.. මට කෙල්ලව ඇදලා අරන් තුරුල් කරගන්නම හිතුනා... දිගටම දිගටම හිතුන දේවල් එක්ක මොකක්දෝ හේතුවකට පපුව ගැස්සෙද්දි මට කෙල්ලව ඇදලා අරන් බදාගෙන ඉඹගෙන ඉඹගෙන යන්න හිතුනා..

"කූ තමුසෙ අඬනවද? ඇයි මොකක්ද වුණේ??"

"මුකුත් නෑහ්??"

"මොකක්හරි අමාරුවක්ද? අඬන්නෙ ඇයි? මොකක්ද උනේ කියනවා.."

"මට කියන්න.. මට කියන්න ඔයා ආයෙ යනවද හ්‍යොං? ඔයාලා කොහොමද මෙහෙම ඇවිත් ඉන්නෙ? ඇයි මට මොනාත් කියන්නෙ නැත්තෙ? ඔයා ඇත්තටම නූනාගෙන් ඩිවෝස් උනාද? එයා කවදාවත් නූමි නොඉල්ලා ඉදී කියලා හිතන්නෙ කොහොමද ආ? අනේ.. අනේ ආපහු කෙල්ලව ඉල්ලුවොත් මට දෙන්න බෑ හ්‍යොං... මට මගෙ කෙල්ලව ආයෙ දෙන්න බෑ.."

මං හුස්මක්වත් නොගෙන කියවන් යද්දි එයා මුකුත්ම නොකියා මාව ඒ පපුව අස්සට තුරුල් කරගත්තා.. තෙත කම්මුල් තෙමාගෙන රතු ගැහිච්ච ඇස්වලින් සීරුවට ගලන කඳුළු එයාගෙ ටීශර්ට් එකට උරාගනිද්දි එයා එහෙමම ඒ තොල් හරි පරිස්සමට මගෙ හිස් මුදුනට තද කරා...
මේ උනුහුම කවදා වෙනකල්ද හ්‍යොං.. කවදා වෙනකල් මේ දේවල් ගැන හිත හිත ගැහි ගැහී ජීවත් වෙන්න ඕනෙද?

මං අඬනවා දකිද්දි බෝල අත්වලින් පරිස්සමට මගෙ ඔලුව අතගගා හිටපු දෝනි ඇස්වල කඳුළු පුරවන් එහෙමම මගේ දිහාට දෝතම දික් කරා..

"එපා මැණිකෙ... මල්ලි බබා තාම බණ්ඩියෙනෙ.. එයාට ඌයියා වෙයි... එයා එනකල් මගෙ වස්තුව කූ අප්පට වඩාගන්න කියන්න එපා..."

අනේ එක තප්පරේට කෙල්ල අත් පස්සට කරලා ගුලිකරගත්තා.. එයාගෙ ඇස්වල කඳුළුත් පිහිදගෙන මගෙ ඇස්වල තිබුනු කඳුළුත් පිහිදුවා...

"අදන්න අපානෙ.. කූ අප්පා අදන්න අපානෙ.. අපි ඇදුවම මල්ලි බබාට දුක ඉතෙනවා කීලා අප්පා කිව්වා.. නේත ආප්පා?? අදන්න හුද නෑ නේත?"

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now