ජැකීගෙ දරුවා

675 107 132
                                    

ටිකක් දුර ගමනකට පස්සේ අපි ආවෙ ටවුන් එකේ කෙලවරකට වෙන්න තිබුනු ලස්සන පොඩි ගෙදරකට.. තට්ටු දෙකට හදලා ලානිල් පාට තීන්තවලින් බිත්ති වහගත්තු ඒ ගෙදර වටටම ලස්සන ගාඩ්න් එකක් චූටි පූල් එකක් පවා තිබුනා..

ජුනී හ්‍යොං හදිස්සියේ කොරියා ආවම ජින් හ්‍යොං එක්ක තනිවෙන්න හිතන් එන්නෙ මෙහෙටලු.. ඒ දෙන්නා එක්ක හරි ලස්සන මතක මහ ගොඩක් මේ ගෙදරට තියනවා කියන්නමද මන්දා හ්‍යොංගෙ ඇස් ආපු වෙලාවෙ ඉදලම තිබුනෙ හරි බරට දිලිසි දිලිසි...

එයාට මතක් වෙනවා ඇති.. එකට ඉදිද්දි හුස්මක තරම්වත් දුරකට නොයා ඉන්න කෙනාගෙ චායාවක්වත් නැතුව මෙහෙම ගෙදරට පය ගහන්න උනාම පපුව පිච්චෙන එක සාධාරණයි ඉතිං..

එක්සෑම් කිට්ටු හින්දා තව සතියකින් හොබීට ස්ටඩී ලීව් හම්බවෙන හින්දත් ටේ හ්‍යොංට මෙහෙ බිස්නස් වැඩ ගැන බලන්න වෙලාව හම්බෙන හින්දත් ඒ දෙන්නට ප්‍රශ්නයක් නොවීම මාත්තෙක්ක මෙහෙ නවතින්න පුළුවන් වුණා..

තව උයන්නයි ගේ බලාගන්නයි සර්වන්ට්ලා තුන්දෙනෙක් එක්ක අපේ ආරක්ෂාවට ගාඩ්ලා පස්දෙනෙකුයි හදිස්සියකදි එහෙට මෙහෙට යාගන්න ඩ්‍රයිවර් කෙනෙකුයි එකතු උනාම අර චූටි ගේ පිරෙන්න ඒ සෙනඟ ඕනෙවටත් වැඩි වුණා..

නම්ජූන් හ්‍යොංගෙ හුරතලෙක් වෙච්ච කොටි පැටියෙකුත් ගාඩ්න් එක කෙලවරක වෙනමම හරි පරිස්සමට හැදුනා.. තාම චූටි පැටියෙක් වුනත් එයා තනි කළුවට හොඳ පෘෂ්ඨිමත් පාටට හිටියා.. නරක මිනිස්සුන්ගෙ මරණවල සාක්ෂි හුඟක් මේ දඟයා අතින් නැතිවෙච්ච බව ටේ හ්‍යොං මට කිව්වා.. ඔව් එයා කොටියෙක්නෙ.. ඉතිං මිනී හංගන්න හොඳ ක්‍රමයක් තමයි ඒකත්..

හ්‍යොංගෙ චරිතෙ මං හිතුවට වඩා හරි දරුණු පාටයි... එයා ආදරේ මිනිස්සුන්ට ඕනෙවටත් වඩා ආදරේ දෙන ගමන් නපුරු මිනිස්සුන්ට නරක තාලෙන්ම සලකන ජාතියෙ කෙනෙක්.. එක අතකට ඔයා එහෙම මනුස්සයෙක් ලඟ නැවතිච්ච එක මට සැනසිල්ලක් වස්තුවේ..

ගාඩ් කෙනෙක් යවලා වාහනයක් පිරෙන්නම මහ බඩු තොගයක් ගෙන්න ගත්තු ජින් හ්‍යොං මං ආස ආස දේවල් අහ අහ කෑමජාති මහ ගොඩක් එක දවසටම හදලා ඉවරයක් කරා... සති දෙක තුනකට අපි ඔක්කොටම ඇතිදෙන්න කෑම දැනටම ෆ්‍රිජ් එක පිරෙන්නම තියෙනවා..

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now