රිදවීම

697 124 38
                                    

"යුංගි හ්‍යොං.. මින්සු.. එයා කවුද? එයා අපේ ජිමින් වගේ උනේ කොහොමද?"

"ඒ මගෙ අප්පා අනේ.. මින්සු කියන්නෙ මිනී.. මගෙ අප්පා.."

ටේ හ්‍යොංගෙ ප්‍රශ්නෙට චූටික්කිගෙන් ඕනෙවටත් වඩා පැහැදිලි උත්තරයක් හම්බුනා.. කෙල්ල හිටියෙ යුංගි හ්‍යොංගෙ බෙල්ල බදාගෙන පණ්ඩිත පාටට කටත් හද හද..

"ප්‍රින්සස් හොද බබා වගේ ගිහින් ජෝර්ජ් එක්ක චුට්ටක් සෙල්ලම් කරන්නකො.. යුංගි අජොශීට ලොකු කතාවක් තියනවා මේ අජොශීලා එක්ක.."

යුංගි හ්‍යොං පැංචිව රතු වෙනකල් ඉඹලා අර සාලෙ හිටපු නපුරු පාට මනුස්සයා අතට දීලා ගාඩ්න් එක කෙලවරට යැව්වා..

"මින්සු.. එයා අපේ කෙනෙක් නෙවෙයි. අපිට එයාව හම්බුනේ මීට අවුරුදු එක හමාරකට දෙකකට විතර කලින්.."

බර හුස්මක් එක්ක යුංගි හ්‍යොං කියවන් යද්දි මුළු පපුවම ගල් ගැහීගෙන යන තරමෙ සීතලක් ඒ වචන අස්සෙන් ගලාගෙන ඇවිත් එක තත්පරේට පපුව හිරිවට්ටගෙන ගියා.. අනේ මේ ඔයාම තමයි රත්තරනේ..

"මට ඔයාලට හැමදේම ගැන කියන්න බෑ ටේහ්‍යොන්. මං හිතනවා ඔයාලා තේරුම් ගනී කියලා.."

"ජූන් හ්‍යොං.. යුංගි හ්‍යොං.. එයාලා මාෆියාවලට සම්බන්ධයි කූ.. බය වෙන්න එපා.. එයාලා නරක අය නෙවෙයි.. ඒත් වැදගත්ම දේ මේ ඇහෙන කිසි දෙයක් ඔයාගෙන් පිටට යන්න බෑ.. අඩුගානෙ හොබීටවත් කියන්න එපා.."

යුංගි හ්‍යොං කියපු දේට ඔලුව වනන ගමන් ටේ හ්‍යොං මට රහසින් මිමිණුවා.. දෙයියනේ එයාලා මාෆියා ටීම් එකක් කුකී... ටීවී එකේ තුවක්කුවක් දැක්කත් බයෙන් ගැහි ගැහී ඇස් වහගත්තු මට මං මෙහෙම හයිය හිතක් එක්ක ඉන්න එක ගැනම පුදුම හිතුනා..

"බ්ලැක් ඊගල්ස්ල.. උන් තමයි මේ හැමදේකම කෙලවර ඉන්නෙ. පලිගන්න ගත්තම පවුල් පිටින් විනාස කරලා දානකල් උන්ට සැනසිල්ලක් නෑ.. බ්ලැක් ඊගල්ස් කියන්නෙ අදටත් ඇමරිකාව හොල්ලගෙන ඉන්න දරුණුම කොරියන් මාෆියා ටීම් එක. උන්ට අපි එක්ක තිබුනෙත් එසේ මෙසේ වෛරයක් නෙවෙයි. සොවුල් මිශන් එකෙන් උන්ගෙ සෑහෙන සෙට් එකක් අපේ අය අතින් මැරුණා. ඒ පලිය ගන්න උන් ඇමරිකාවලදි ජූන්ගෙ මල්ලිව ඉස්සුවා. කොල්ලා මේ කිසි දේකට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ජූන් හිටියෙ හොදටම කලබල වෙලා.. ජන්වූන් කියන්නෙ ජුනීගෙ පණ.."

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now