2

616 169 8
                                    

11.00 වෙනකොට කැශියර් එකේ වැඩ ටික ඉවර උනාම මම සල්ලි ටික බැලන්ස් කරලා බොස් අතට දුන්නේ ගොඩක් වැඩ තිබ්බ දවසක අවසානය මගේ හිතට සහනයක් දුන්න හන්දා. ඒත් බොස් සල්ලි ටික මගේ අතට දීලා කිව්ව දෙයින් මගේ හිතේ සහනේ නැත්තටම නැති වෙලා ගියා.

"අපි හෙට ඉදන් ශොප් එක වහනවා. "

"ඒත් මට වැඩ කරන්න පුලුවන් නේද? අලුතෙන් එන කෙනා එක්ක?"

"මේ බිල්ඩින් එක අයින් කරනවා කවුන්සිල් එකෙන්. මමත් පවුලේ අය එක්ක සෝල් යනවා. "

"එතකොට?.."

"ඔයාට ඕනේ නම්  අනිද්ද කඩේ අස් කරන්න එන්න. මම පාඩු නොවෙන්න ගානක් දෙන්නම්."

අනිද්දා මම ගෙදර ඉන්න ඕනේ දවස් දෙක. සතියම කුකී ගාව ඉන්නේ නැතුව ඉදලා නිවාඩු දවස් දෙකත් මට එයාගේ ලග ඉන්නේ නැතුව ඉන්න බෑ. කරන්න දෙයක් හිතාගන්න බැරි උන හන්දා මම මෙච්චරකල් වැඩ කරන්න දුන්නට ස්තූති කරලා කඩෙන් එලියට ආවා.

ගෙදර ලගම ශොප් එක තිබුන හන්දා මට ආයේ ගෙදර යන එක ගැන හිත හිත ඉන්න ඕනේ උනේ නෑ. ලයිට් එලියට පාර හොදට එලිය වෙලා තියනකොට මම කල්පනා කරේ මගේ ජීවිතෙත් මේ වගේ එලිය උනා නම් හරි කියලා.

මට පුලුවන් එලිය කරගන්න... මම තනියම හිටියා නම් මම ඒ හැමදේම කරගෙන. ඒත් මට වගකීම් තියනවා. ආදරණීය වගකීම් තියනවා ඉශ්ට කරන්න. ඒ අය මගේ ලග නැතුව මම මුලු ලෝකෙම අල්ලගත්තත් මට වැඩක් නෑ වගේ දැනුනේ.

කුකී නිදි ඇති කියලා හිතාගෙන මම සද්දයක් නොකර දොර ඇරියේ එයාව නැගිට්ටවන්න බැරි හන්දා. හෙමින් අඩිය තියලා ගෙදර ඇතුලට ගිහින් ලයිට්ස් දාලා කිචන් එකට ගිහින් වතුර වීදුරුවක් අරගෙන බිව්වේ මට කෑම කන්න එච්චර ආසාවක් තිබ්බේ නැති හන්දා. වීදුරුව ආයේ නවලා අතත් පිහදගෙන මම මගේ කාමරේට එනකොට මම දැක්කා අනිත් කාමරේ ලයිට්ස් දාලා තියනවා.

වෙනදා වගේම මේසේ උඩම නින්ද ගිහින් ඇති....

මම දොරට දෙපාරක් තට්ටු කරලා ඇතුලෙන් කිසි සද්දයක් නැති හන්දා දොර ඇරගෙන ඇතුලට ආවා. මම හිතුවා වගේම ටේ  පොතකුත් පෙරලගෙන මේසෙ උඩ නිදාගෙන හිටියා. එයාගේ අතේ තියන පෑනෙන් පොතේ කුරුටු ඇදෙන හන්දා මම එයාගේ අතින් පෑන අයින් කරලා හෙමිහිට ටේගේ ඔලුව උස්සලා අරන් පොත එලියට අරන් පොත වහලා තිබ්බා.

ටේ  දිහා බලාගෙන මම කල්පනා කරේ ටේ ඉගෙන ගන්න කොච්චර මහන්සි වෙනවද කියලා. එයා දන්නවා අපිට ගොඩ එන්න තියන එකම මග ඒක විතරයි කියලා. ඉතින් එයා හොදටම මහන්සි වෙනවා හොදට ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න.

මේසේ උඩ නිදාගන්න දෙන්න බැරි හන්දා මම හෙමින් ටේව නැගිට්ටෙව්වා. දෙපාරක් කතා කරනකොට එයා බය වෙලා වගේ නැගිටලා මගේ දිහා බලන් හිටියා.

"ඇදෙන් නිදාගන්න  හෙට නැත්තන් බෙල්ල රිදෙයි."

"හ්-හ්යුන්ග් දැන්ද ආවේ?"

"නෑ මම දැන් ඇවිල්ලා ගොඩක් වෙලා "

"ඇයි හ්යුන්ග් එහෙනම් තාම ඔෆිස් කිට් එකෙන්."

"ඒක මේ.... මම .... මම පහලට වෙලා ටිකක් හිටියා. දැන් ඔයා ඇදෙන් නිදාගන්න."

ටේ නිදි මතේම පුටුවෙන් නැගිටලා ඇදේ දිගා උනාට පස්සේ මම එයාව වැහෙන්න බෙඩ් ශීට් එක පෙරෙව්වා.  එයා ඇස් වහගත්තට පස්සේ මම නැවිලා එයාගේ ඔලුවට ගුඩ් නයිට් කිස් එක දුන්නේ මම ගාව ගදයි කියන එක වත් හිතන්නේ නැතුව.

"ස්වීට් ඩ්‍රීම්ස් ටේ!"

ටේගේ කාමරේ ලයිට්ස් නිවන්න කලින් මම ආයේ ටිකක් වෙලා ටේ දිහා බලාගෙන හිටියා.

If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now