8

454 148 7
                                    


හවස 6.30 උනත් මම වෙනදා වගේ කලබලෙන් වැඩ කරේ නැත්තේ මට ආයේ දුවන්න ජොබ් එකක් තිබ්බේ නැති හන්දා. තව පිගන් 4ක් හෝදන්න තියනකොට මට මතක් උනා මම ටේට කෝල් කරේ නෑ නේද කියලා. ඉක්මනට පිගන් ටික හෝදන්න ගිහින් මගේ අතින් එක පිගානක් සින්ක් එකට අත ඇරුනේ ග්ලවුස් එක ලිස්සුව හන්දා. ඒත් මගේ වෙලාවේ නරක කමට ඒ පිගාන බිදුනේ තව පිගානක් බිදගෙන.

මැනේජර්-නිම් ආයෙමත් ඇවිල්ලා මට කෑ ගහගෙන ගහගෙන ගියේ මම නිකන් රෙස්ටෝරන්ට් එකම ගිණි තිබ්බා වගේ. ඒත් තාමත් වැරැද්ද මගේ හන්දා  මම බැනුම් අහගෙන හිටියා. විනාඩි කීයක්ද මම දන්නේ නෑ බැනලා බැනලා ඉවර උනාට පස්සේ එයා ගියාම මම ඕනේ දෙයක් උනාට කමක් නෑ කියලා හිතාගෙන සින්ක් එකේ තිබ්බ වීදුරු කටු ටික අයින් කරලා ඉතුරු පිගන් දෙකත් හෝදලා දැම්මා..

කුණු ටිකත් දාලා ඉවර උනාට පස්සේ මම ඒප්‍රන් එක ගලවලා දාලා මැනේජ්ර්‍ නිම් ලගට ගියේ මේ සතියේ වැඩ කරපු ටිකේ සල්ලි ටික ඉල්ලගන්න.

"පිගන් දෙකට වොන් 3000ක් අයින් කරන්න උනා. අද පරක්කු වෙලා ආවට 500ක් කැපුවා. කරන්න දෙයක් නෑ".

වොන් 2500ක් අතට හම්බෙනකොට මගේ ඇස් වලට කදුලු ආවේ මේ වෙලාවේ මට වොන් 6000ක් මම බලාපොරොත්තු වෙලාම හිටපු හන්දා. එහෙම එකේ වොන් 2500කින්  මට කරන්න පුලුවන් දෙයක් හිතාගන්න බැරි උනා.

එලියට ඇවිල්ලා එලියේ තියන  බෙන්ච් එකෙන් වාඩි වෙලා මම වොන් 2500 ගණන් කරලා බෑග් එකට දාගත්තා. මගේ පඩිය අපේ කන බොන ඒවට විතරක් ගානට වෙනකොට මට අනිත් වියදම් කරන්න සල්ලි හොයන්න තව ජොබ් එකක් කරන්න වෙනවා කියලා මගේ හිත කිව්වා.  ඒත්  මට පොඩි දෙන්නට දැනෙන්නේ නැතුව ඒ දේ කරන්න විදිහක් හිතාගන්න බැරි උනා. කුකී මම කියන ඕනේ බොරුවක් පිලිගත්තට ටේටේ  එහෙම නෑ..මම දන්න විදිහට එයා දැනටමත් මාව සැක කරනවා.

ටේටේ ගැන මතක් උනාම මට ටේටේට කෝල් එක්ක ගත්තේ නෑ කියන එක මතක් උනා. ටේටෙට ගන්න ෆෝන් එක අතට ගන්නකොට මම දැක්කා ෆෝන් එකත් පවර් ඕෆ් වෙලා තියනවා.මම ලොකු හුස්මක් හෙලලා ෆෝන් එක ආයේ බෑග් එකට දාගෙන ගෙදර එන්න නැගිට්ටේ ටේටෙට කුකීව ගන්න මෙච්චරකල් අමතක උනේ නැති එකේ අදත් මතක නැති වෙන්නේ නැති වෙයි කියලා හිතලා මගේ හිතම සනසගන්න ගමන්.

ඒත් මගේ සැනසීම නැති උනේ උදේ ටේට කුකීව ගෙදර අරන් එන්න තරම් සල්ලි දුන්නේ නෑ කියලා මතක් උන හන්දා. මම එයාගේ අතට දුන්න ගාන ගෙදර එන්න ඇති උනත් ජිමින්ගේ ගෙදර ඉදන් එන්න මදි  කියලා මට හොදටම තේරුනා.  මම මගේ අඩිය ඉක්මන් කරලා බස් හෝල්ට් එකට ඇවිල්ලා බස් එකක නැග්ගේ ජිමින්ගේ ගෙදර යන්න කියලා හිතාගෙන

If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now