18

419 151 10
                                    

උදේ පාන්දරම නැගිටලා මම අපේ කෑම හදන්න පටන් ගන්නකොට වෙනදට ටේටේ ආවත් අද එයා කිචන් එකට ආවේ නෑ. තාමත් නින්ද ගිහින් ඇති කියලා හිතාගෙන මම එයාව නැගිටුවන්න කියලා උඩට ගියාට පස්සේ මම දැක්කා එයා කුකීට බාත් රූම් එකට යන්න උදව් කරනවා. ඒ දෙන්නට ඒ වැඩ ටික කරගන්න දීලා මම ආයෙමත් ඇවිත් කුකීගේ ලන්ච් බොක්ස් එක ලෑස්ති කරලා ටේටේට එයාගේ කෑම එකත් ලෑස්ති කරලා කෑම මේසෙන් තියලා මාත් ලෑස්ති වෙන්න ආවා.

මම ඇදගෙන ආයේ එලියට යනකොට ටේටේ කුකීව කිචන් එකෙන් වාඩි කෙරේව්වා.මාත් පුටුවක් ඇදගෙන ටේටේ දිහාම බලාගෙන වාඩි උනත් එයා ඔලුව උස්ස්ලාවත් මගේ දිහා බලන්නේ නැතුව කුකීට කෑම ටික බෙදලා දුන්නා. කුකී ඉස්සරහා වෙනසක් නොකර හිටියට මම පුලුවන් තරම් ටේටේ දිහා බල බල එයා මාත් එක්ක තරහින්ද කියලා තේරුම් ගන්න උත්සාහා කරාට මට ඒ කිසි දෙයක් තේරුන් ගන්න පුලුවන් උනේ නැත්තේ ටේටේගේ ඇස් කියවන්න පුලුවන් විදිහට ටේටේ මගේ දිහා බැලුවේවත් නැති හන්දා.

"හ්යුන්ග්."

"ඔව් කුකී."

"ජිමිනී කතා කරාද හ්යුන්ග්ට?"

"ම්ම්ම්. නෑ මම හිතන්නේ?  ඇයි කුකී?"

"එයා කතා කරන්න ඕනේ කිව්වා හ්යුන්ග්ට ඊයේ රෑ. මම කිව්වා නම්ජූන් හ්යුන්ග් ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් ජිමිනී උදේම කෝල් කරනවා කිව්වා. "

"ම්ම්. මට අරන් තිබ්බේ නම් නෑ.ඒත් ඇයි කුකී?"

"දන්නේ නෑ හ්යුන්ගී. මට කිව්වෙත් නෑ."

"ම්ම්. මම කතා කරලා බලන්නම් එයාට "

":හ්යුන්ග් "

"ම්ම්ම්."

"ආයේ නම්ජූන් හ්යුන්ග් එන්නේ කවදද?"

කුකී එක පාරටම අහපු ප්‍රශ්නෙට මට කෑම ගත්ත එක හිර උනා. තිබ්බ වතුට එකම එක උගුරට බීලා දාලා මම කුකී දිහා බැලුවේ එයා මොන අදහසකින් එහෙම කිව්වද කියලා මට හිතාගන්න්න බැරි උන හන්දා. ඒත් එක පාරටම ටේටේ මේසෙන් නැගිට්ටම මම කුකීගෙන් ඇස් අයින් කරලා ටේටේ දිහා බැලුවෙ එයා ඇයි එක පාරටම කාලා ඉවර කරේ කියලා තේරුනේ නැති හන්දා.

If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now