21

421 144 7
                                    

4th update for the day!!




එක දවසක් කුකීව හොස්පිටල් එකේ තියාගෙන එයාගේ රිපොර්ට්ස් බය වෙන්න දෙයක් නෑ කියලා ඩොක්ටර් කිව්වම එයාව ඩිස්චාර්ජ් කරා. මම ඔෆිස් එකෙන් ලීව් එකක් අරන් කුකී එක්ක ගෙදරට වෙලා ඒ දවස් දෙක හිටියත් මට වෙනදා වගේ සතුටින් ඉන්න හම්බුනේ නැත්තේ කුකී මාත් එක්ක කතා කරේවත් නැති හන්දා.

කවදාවත් නැතුව ගෙදර මට ආගන්තුක තැනක් උනේ වෙනදට තියන කුකීගේයි, ටේටේගෙයි හිනාව තව දුරටත් මේ බිත්ති අතරෙන් ඇහුනෙ නැති හන්දද කොහෙද. කුකී මාත් එක්ක ඉන්නේ තරහින් කියලා ටේටේට නොඅගවා ඉන්නකොට ටේටේත් මාත් එක්ක ප්‍රශ්නයක් තියනවා කියලා කුකී ඉස්සරහා නොඅගවා හිටියා. එහෙම ඉන්න එක කොච්චර දුකක් උනත් මම එයාලා වෙනුවෙන් තැන් තැන් වල පිගන් හෝදනවා කියන එක මට එයාලට කියන්න ලැජ්ජා හිතුනා. ඒ හන්දා මම අමාරුවෙන්  උනත් ඉවසගෙන හිටියේ මේ ප්‍රශ්න ඉක්මනට විසදෙයි කියලා මගේ හිත රවට්ට ගන්න ගමන්.

දවස් 3ක් ගෙවුනත් හැමදේම තිබ්බ වගේ ආපහු හැදුනේ නෑ කියලා මට ආයේ ආයේ තේරුනේ වෙනදා වගේ කුකී මගේ බෙල්ලේ එල්ලිලා මගේ කම්මුලට කිස් එක දුන්නේ නැති හන්දා. එයාලා ගත්ත ටැක්සි එක ඈත යන දිහා බලන් ඉදලා මම බස් හෝල්ට් එකට ආවේ ඉක්මනට ඔෆිස් එකට යන්න විදිහක් කල්පනා කරන ගමන්.

ඒත් මගේ වෙලාව නරක කරන්න බසුත් අද වෙලාවට ආවේ නැත්තේ මට වෙලාවට වැඩට යන්න බැරි කරවන ගමන්.ඒත් ටික වෙලාවක් ගියාට පස්සේ කාර් එකක් මගේ ලගින් නවත්තනකොට මම බය උනේ අප්පා හරි ඔම්මා හරි මාව ඩැකලා නවත්තනවා ඇති කියලා හිතාගෙන.. එයාලව මගේ ජීවිතෙන් අයින් කරලා තිබ්බත් එයාලා කතා කරනකොට මම කේන්ති අරන් එයාලට දුක හිතෙන, හිත රිදෙන දෙයක් මගෙ අතින් කිය වෙයි කියන බය මගේ හිතේ හැමවෙලේම තිබ්බා.

ඒත් ශටර් එක ඇතුලෙන් හුරු පුරුදු මූණක් දකිනකොට මගේ හිතේ තිබ්බ ඔක්කොම බය නැති වෙලා මගේ මූණට හිනාවක් ආවා. දොර ඇරගෙන ඉස්සරහා ශීට් එකෙන් වාඩි උනාට පස්සේ මම බෙල්ට් එක දාගන්නත් කලින් ඒ මනුස්සයා වාහනේ අරන් ගියේ ඊයේ යන්න තිබ්බ ගමනක් අද යනවා වගේ.

"යාහ්... හෙමින් යනවා.. තමුන්ට ගෙදර කවුරුත් එනකන් බලන් ඉන්නේ නැති උනාට මට අර පොඩි එවුන් දෙන්නා බලාගන්න තියනවා..මරන්නද හදන්නේ?"

If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now