4

514 165 6
                                    

අලුත් දවසක් එක්ක මම නැගිටුනා. කලින් දවස කොච්චර අමාරු උනත් මම අලුත් දවසකට නැගිටින්නේ හිතේ ලොකු  හයියක් එක්ක. පොඩි දෙන්නව බලල එයාලට ශීට් එක හරියට පොරවලා මම කිචන් එකට ඇවිල්ලා කන්න හදන්න පුලුවන් දේවල් හොයලා බැලුවා. හවසට ග්‍රොසරි ශොපින් පාරක් යන්න ඕනේ කියලා හිතාගෙනම මම ඉතුරු වෙලා තිබ්බ එලවලු වර්ග ටිකක් අරගෙන බ්‍රෙක්ෆස්ට් හදන්න පටන් ගත්තා.

6.00 උන ගමන් මම වතුර හීට් වෙන්න තිබ්බේ කුකී බෙඩ් ටී එක නැතුව නැගිට්ටවගන්න අමාරුයි කියලා දන්න හන්දා. වතුර ටික උණු වෙනකන් මම කෙට්ල් එක දිහා බලාගෙන ඉන්න කොට කොහෙන්ද මන්දා ආව අත් දෙකක් මාව බදාගත්තා.

"ගුඩ් මෝනින් හ්යුන්ගී."

"මෝනින් ටේටේ."

නිදි මතේ ඉන්න ටේටේව් පුටුවෙන්  වාඩි කරවලා මම එයාගේ ටී එක එයාගේ අතට දුන්නට පස්සේ එයාගේ නිදිමත ටිකක් නැති වෙලා ගියා. මාත් කිචන් පැන්ට්‍රි එකට හේත්තු වෙලා ටේ දිහා බලාගෙන  කල්පනා කරේ පොඩිවට හිටපු ටේ දැන් කොච්චර ලොකු වෙලාද කියලා. එයා ඉස්සර වගේ නෙවෙයි. එයා ගොඩක් වගකීමෙන් වැඩ කරනවා.

"කුකීගේ ටී එක හරිද හ්යුන්ග්.?"

"ඔව්.  දැන් ගානට නිවිලා ඇති. ඔයා ගිහින් එයාව එක්කන් එන්න මම ඉක්මනට බ්‍රෙක්ෆස්ට් හදලා ඉවර කරන්නම්. "

ටේටේ කුකීගේ ටී එකත් අරන් යනකොට මම ඉක්මනට කෑම ලෑස්ති කරා.සැටඩේ උනාට ඒ දෙන්නටම අද ස්කූල්, කොලේජ් වල වැඩ තිබ්බා. ටේට නම් නිවාඩුවක් හම්බෙන්නේ නැති තරම් එයාට කොලේජ් වල වැඩ තිබ්බා. ඒත් කුකීටත් මේ කාලේ මොනවදෝ වැඩ ගොඩකට හිර වෙලා ඉන්නේ කියලා මම අහන්ගෙනයි දෙතුන් පාරකම කියනවා

ටේටේ කුකීව එක්කන් එනකොටම වගේ මම කෑම හදලා ඉවර උනා. දෙන්නටම වාඩි වෙන්න දීලා මම ඉක්මනට කෑම ටික මේසෙන් තිබ්බට පස්සේ අපි තුන් දෙනාම වාඩි වෙලා කෑම ගත්තා හැමදාම පුරුදු විදිහට.

"හ්යුන්ග්."

"ම්ම්ම්."

"අද මම ජිමිනී එක්ක එයාලගේ ගෙදර යන්නද හවසට ?"

"ඇයි කුකී එක පාරටම?"

"එයාගේ හ්යුන්ග්ගේ බර්ත්ඩේ එක අද. මටත් එන්න කිව්වා. "

If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now