9

443 152 6
                                    

රෑ හන්දද මන්දා බස් එක හිතුවට වඩා වේගෙන් ගියා. මම ජිමින්ගේ ගෙදර ගිහින් තිබ්බෙ නැති උනාට මට මතකයි දවසක් කුකී ජිමින්ගේ ගෙදර මට පෙන්නුවා. ඒ හරියෙන් බැහලා ටිකක් ඉස්සරහට යනකොට මට බර්ත්ඩේ පාර්ටි එකක් තියනවා කියන්න පුලුවන් ගෙදරක් හම්බුනා. මම ගේට් එක ලගට වෙලා හිටියේ  ටේ කුකී දෙන්නා එලියට එයි කියලා හිතාගෙන.

තාප්ප උසට තිබ්බත් 4 වෙනි තට්ටුවද පස් වෙනි තට්ටුවද කියලාවත් හිතාගන්න බැරි තට්ටුවක ඉදන් පහලට ලස්සනට බල්බ් වැල් එල්ලිලා තිබ්බා. පාර දිගට නවත්තලා තිබ්බ නම දන්නෙවත් නැති ලොකු ලොකු වාහන ටික මට තේරුම් කරා කුකී කියනවා වගේම  ජිමින් ගොඩක් සල්ලි තියන පවුලක ලමයෙක් කියලා.

එලියේ තියන වාහන ඔක්කොම ඇතුලේ ගෙස්ට්ලා එනකන් නවත්තන් ඉන්නවා කියලා තේරෙනකොට මම කල්පනා කරේ කුකීට පාර්ටි එකකට යන්න තරම් හොද ඇදුමක් තිබ්බද කියලා. විච්චූරණ ඇදුම් නොතිබුනත් කුකීට ඕනේ දේවල් ඔක්කොම වගේ මම පුලුවන් විදිහට අරන් දීලා තිබ්බේ.

ජිමින් කුකී එක්ක ඉන්න එක ගැන මට තිබ්බේ ලොකු සතුටක්. කුකී කියන හැම වචනයකින්ම මම දැක්කා ජිමින් කියන කෙනාව. කලින්ම හම්බෙලා තිබ්බේ නැතත් මම කුකී කිව්ව කෙනාව හිතෙන් මවාගෙන හිටියේ. කුකීව බලාගන්න එක ගැන මම ජිමින්ග ස්තූති කරන්න ඕනේ කියලා හිත හිත ඉන්නකොට මගේ හිත මට කිව්වා කුකීත් මේ වගේ හොද තැනක , හොද පවුලක , හොද පහසුකම්  වල ඉන්න පුලුවන් කම මම නැති කරා කියලත්. ඒත් කුකී , ටේ දෙන්නම ඒ කාලේ කිව්වා ඔම්මා ලගටවත්, අප්පා ලගටවත් එයාලට යන්න බෑ කියලා.  මට දෙන්න පහසුකම් නැති උනත් මම විශ්වාස කරනවා එයලා මගේ ලග සතුටින් ඉන්නවා කියලා.

විනාඩියක් , දෙකක්, තුනක්.... මම දන්නේ නෑ කොච්චර වෙලාද කියලා මොකද මගේ ඔරලෝසුවට ඒක කියන්න බැරි උන හන්ද. ඒත් මම ඒ දෙන්නා එනකන් බලන් හිටියා. කොහේ ගියත් 9.00 වෙන්න කලින් ගෙදර ඉන්න ඕනේ කියන එක මම එයාලට තදින්ම කියලා තියන හන්දා එයාලා පරක්කු වෙන්නේ නැති වෙයි කියලා මගේ හිත කිව්වා. ගොඩක් වෙලා බලන් ඉදලා ඉදලා නැතිම තැන මම පාර දිගේ නවත්තලා තිබ්බ වාහන පෝලිමේ එක වාහනේක හිටපු කෙනෙක්ගෙන් වෙලාව අහන්න ශටර් එකට තට්ටු කරා

"සමාවෙන්න  කරදර කරනවට. මට වෙලාව දැනගන්න පුලුවන්ද ?"

"8.10යි.."

"ස්තූතියි."

මම කෙලින් වෙලා ආයේ ඒ කෙනාගෙන්ම කෝල් එකක් ගන්න ෆෝන් එක ඉල්ලන්න යනකොට මට ඇහුනා කුකීගේ කටහඩ.

"හ්යුන්ග් බනියිද අපිට ටෙටේ?"

"හ්යුන්ග්ගේ ෆෝන් එක වැඩ නෑ.අපි ගිහින් බලමු කු- හ්යුන්ග්?"

මම එයාලට මොකුත් කියන්න දෙන්නේ නැතුව ටේව හග් කරලා කුකීගේ ඔලුව අත ගෑවා.  ඒත් ටේ මගේ දිහා පුදුමයෙන් බලන් ඉන්නකොට මට තේරුනා මම කරපු මෝඩ වැඩේ ගැන. මම ඉක්මනට එයාලගෙන් ඈත් වෙලා මෝඩ හිනාවක් දැම්මා.

"හ්යුන්ග් ඇයි මෙහෙ?"

"මට ටැක්සි එකක් ගන්න සල්ලි දෙන්න බැරි උනානේ. මම ඒකයි ආවේ. "

"හ්යුන්ග් ඇයි ආවේ? අපරාදේ මගේ ලග සල්ලි තියනවාත් එක්ක."

"ඔයාට කොහෙද සල්ලි? මම උදේ දුන්නේ නෑනේ? "

"මගේ  ලග ඉතුරු කරපුවා තියනවා. "

මට ටේ ලග සල්ලි තියන එක සැක හිතුනා. එයාට මම ඇති වෙන්න සල්ලි දෙන්නෙම නෑ..එහෙම එකේ එයා ලග මේ වගේ සල්ලි තියෙන්න විදිහක් නෑ කියලමයි මගේ හිත කිව්වේ. එයා ඔම්මාව හරි අප්පාව හරි හම්බෙනවද කියලා මගේ හිතේ සැකයක් ආවත් , ඒක පරදලා මගේ හිත කිව්වා එයා කන්න ගන්නවත් වියදම් කරන්නේ නැතුව ඉතුරු කරනවද දන්නේ නෑ කියලා. මම හිතන එක තිත තියන්න උනේ කුකී මට තව හිතන්න ප්‍රශ්නයක් දුන්න හන්දා.

If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now