20

424 144 5
                                    

3rd update for the day !!!.




මම ටේටේ ලගට ගිහින් ගිණි ගන්නේ මොනවද කියලා බලනකොට මම දැක්කා ඊයේ මිස්ටර් නම්ජූන් කුකීට ගෙනත් දීපු දේවල් ඔක්කොම ගිණි ගන්නවා. මම එවා එලියට අරගෙන එකක් හරි පාවිච්චියට ගන්න පුලුවන්ද කියලා බැලුවත් ඒ එකක් වත් පාවිච්චි කරන්න පුලුවන් තරමට බේරිලා තිබ්බේ නෑ. අතේ තිබ්බ පින්සල් කෑලි බිමට දාලා මම නැගිටුනේ ටේටේ ගැන ලොකු කේන්තියක් එක්ක.

"මොනවද කරන්නේ ?,පිස්සු හැදිලද? කුකී මේවට කොච්චර ආසාවෙන්ද හිටියේ කියලා දැක්කේ නැද්ද?"

"ඔයා මේ විදිහට හම්බකරන එක සතයක් වත් මට එපා.කුකීටත් එපා. "

කිසිම හැගීමක් පෙන්නන්නේ නැතුව ටේටේ මගේ මූනට කෑ ගහලා මාව එතන දාලා යන්න ගියා. මට කෑ ගහලා බනින්න ඕනේ උනත් කියාගන්න බැරි දුකක් හිතේ හිර උන හන්දා මම එහෙමම එලියට වෙලා හිටියා. ටික වෙලාවකින් සර සර සද්දය්ක් ඇහෙනකොට මම පිටිපස්ස බලන්නේ නැතුවම කතා කරේ ටේටේ මගේ ලගට ඇවිත් කියලා හිතාගෙන.

"මම වැරැද්දක් කරේ නෑ ටේටේ. මම කවදාවත් වැරැද්දක් කරලා ඔයලට කන්න බොන්-"

"ඔයා ඇයි හ්යුන්ග් ඒවා පිච්චුවේ?"

එක පාරටම කුකීගේ කටහඩ මගේ පිටිපස්සෙන්  ඇහෙනකොට මම ඉක්මනට පිටිපස්ස හැරිලා බැලුවේ එයා කොහොමද මගේ පිටිපස්සේ ඉන්නේ කියලා. ඒත් ඒක මගේ හිතේ මැවුන දෙයක් නෙවෙයි, එයා ඇත්තටම මගේ පිටිපස්සෙන් හිටියා.

"කුකී ඔයා කොහොමද මෙත-"

"ඇයි ඔයා ඒවා පිච්චුවේ...? ඒ... මම ආසම ඒවා හ්යුන්ග් මට....තාම පවිච්චි කරන්නවත් බැරි උනා.... ඇයි .. ඇයි?"

"කුකී මම-"

"ඔයා තාමත් මම ආර්ට්ස් කරන්න තෝරගත්ත එකට කැමති නැද්ද හ්යුන්ග්.? ඔයා තාමත් කැමති නැති හන්දද මෙහෙම කරේ? ඔයා කැමති නැත්තන් මම මොනවද කරන්න ඕනේ කියලා ඔයාට කියන්න තිබ්බා. එහෙනම් මම ඔයා කැමති දෙයක් කරනවා. බොරුවට බලාපොරොත්තු දීලා ඇයි ඒවා නැති කරන්නේ හ්යුන්ග්. ඇයි ? "

කුකී ඇස් වල කදුලු පුරවගෙන  කෑ ගහගෙන යනකොට මට එයාට දෙන්න උත්තරයක් තිබ්බෙත් නෑ. ටේටෙ ගැන කියලා මට එයාට දුකක් දෙන්නත් බැරි වෙනකොට මට කුකීත් මගේ ගැන වැරදියට හිතාගෙන ඉන්න එක ඔලුවට තවත් බරක් එකතු කරා..

කුකී ටික වෙලාවක්  මගේ දිහා බලන් ඉදලා යන්න යනකොටයි මම මගේ හරි සිහියට ආවේ. මම  ඉක්මනට කුකීගේ පස්සෙන් ගිහින් කිචන් ඩෝ ලොක් කරලා එයාගේ රූම් එකට ගියත් ඒ වෙනකොටත් මම ගොඩක් පරක්කු වැඩි වෙලා තිබ්බා. කුකී ඇතුලෙන් දොර ලොක් කරලා තිබ්බේ එයාගේ ජිවිතේ නරකම දවස් වල ලොක් කරගත්තට පස්සේ පලවෙනි පාරට. මම කොච්චර වෙලා දොරට තට්ටු කරත් කුකී ඒ දොර අරින්නේ නැතුව හිටියා. ඊටත් වඩා ඇතුලෙන් කුකී අඩන සද්දේ ඇහෙනකොට මට තවත් දුක්ඣ් හිතුනේ මේ ලෝකේ මම දකින්න ආසම නැති දේ කුකීගේ කදුලු කියලා මට ආයේ ආයේ මතක් කරවන ගමන්.

ටික වෙලාවක් කුකීගේ රූම් එක දිහා බලාගෙන ඉදලා එයා ඒක අරින පාටක් නෑ වගේ කියලා තේරුන හන්දා මම එතනින් එන්න ආවා. ඒත් ටේටේගේ රූම් එකත් දකින කොට එයාට කතා කරන්න ඕනේ කියලා හිතාගෙන දොරට තට්ටු කරලා යන්න හැදුවත් එයත් දොර ලොක් කරගෙන කියලා මට තේරුනේ මට දොර ඇරගන්න බැරි උන හන්දා.

ටේටේ දැන් මම කියන කිසි දෙයක් අහන්න කැමති නැති වෙලාවේ මම එයාට මේ කිසිම දෙයක් කියලා තේරුමක් නෑ කියලා හිතුන හන්දා මාත් ඉක්මනට රූම් එකට ඇවිත් දොර වහගත්තා. ඉකමනට නිදාගන්න කියලා හිතලා ආවට උන ප්‍රශ්න මගේ ඔලුවට ආයේ ආයේ වද දුන්න හන්දා මම හිතපු තරම් ඉක්මනට මගේ නින්ද මගේ ලගට ආවෙ නෑ. ඒත් පාන්දර කීයටද මන්දා නින්ද මගේ ලගට ආවේ ගොඩක් දිග දවසක අවසානේ මට දෙන ගමන්..

උදේ නින්දෙන් නැගිටුනකොට දවසේ වෙන්න තිබ්බ නරකම දේ වෙලා තිබ්බේ මම අලාර්ම් එක තියාගත්තේ නැති එක. උදේ නැගිටින්න වෙනදට වඩා පැයක් පරක්කුයි කියලා තේරෙනකොට මම ඉක්මනට ඇදෙන් බැහැලා කිචන් එකට දිව්වේ කෑම හදාගන්න වෙලාව මදිවෙයිද කියලා බයකින්. ඒත් වතුර හීට් වෙන්න තියනකොටම කුකීගේ කාමරෙන් ඇහුන සද්දේට මගේ අතේ තිබ්බ ජග් එක මටත් නොදැනිම බිමට වැටුනා.

"ආව්ව්ව්ව්ව්ව්ව්ව්."

මම කුකීගේ රූම් එකට දුවගෙන ගියාට මට කෙලින්ම  යන්න පුලුවන් උනේ නැත්තේ එයා දොර ලොක් කරලා හිටපු හන්දා. ටේටේත් කුකිගේ දොරට ගගහා කතා කරාට දොර ඇතුලෙන් කිසිම සද්දයක් ඇහුනේ නෑ.  මම ඉක්මනට කුකීගේ රූම් එකේ අනිත් කීස් කී බෝර්ඩ් එකෙන් අරන් ආවත් ඒවා මට දොරට දාගන්න බැරි උනේ මගේ අත් අසාමන්‍ය විදිහට වෙව්ලන්න පටන් ගත්ත හන්දා. අන්තිමට ටේටේ මගේ අතේ තිබ්බ කී එක උදුරගෙන එයා ලොක් එක ඇරියට පස්සේ අපි දෙන්නම එක පාර ඇතුලට ගියේ කුකී ගැන ලොකු බයක් හිතේ තියාගෙන. ඒත් ඒ බය ලොකු තැති ගැන්මක් කරේ දෙකට තුනට නැවුන කුකී ඇද ලග වැටිලා ඉන්නවා දකිනකොට..

"නයින් වන් වන් ගන්න.".

"ඉක්මනට.."

If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now