5

479 154 6
                                    

අතේ ඉතුරු උන අන්තිම ගානත් බලල මම දෙන්නගේ අතට දෙන්න පුලුවන් සල්ලි ගාණ ගනන් බැලුවේ අන්තිම තිතටම බලලා. මේ මාසේ අන්තිම හන්දා වැඩිය මගේ අතෙත් සල්ලි තිබ්බේ නෑ. මම යනකොටත් ටේටේ කුකීව ලෑස්ති කරගෙන ඇවිල්ලා දෙන්නම ටීවි බලන ගමන් හිටියේ. ඒ දෙන්නගේ ලන්ච් බොක්ස් හදනකොට ටීවි එකෙන් මට ඇහුන සද්දේට මම කෑම හදන එක පැත්තකට දාලා ඒක අහන් හිටියා 

~මින් යූන්ජී මැතිණිය ඇයගේ නවතම විලාසිතාගාර සමූහය අවුරුදු 20කට පෙර සෝල් වලින් ආරම්භ කල අතර මේ වන විට ඇය ලෝක ප්‍රසිද්ධ එස්.කේ  ව්‍යාපාර නාමයේ හිමිකාරිණිය බවට පත්ව තිබෙනවා..ඇගේ ගමන් මගේ සුවිශේශි සන්දිස්තානයක් අද මේ මොහොතේ ඇය අත් පත් කරගත්තා. එය එසේ මෙසේ ජයග්‍රහණයක් නොව  කොරියානු  ඉතිහාසයේ ප්‍රථම වරට හොදම ව්‍යාපාරික සම්මානය මෙවර කාන්තාවක් අත රැදුනා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙනවා මින් යුන්ජී මැතිණිය  බිස් වර්ල්ඩ් වැඩසටහනත් සමග.~

මම කෑම ටික ඉක්මනට පැක් කරගෙන කුකීගේ වතුර බෝතලෙත් පුරවලා අරගෙන එයා ඉන්න තැනට ඇවිල්ලා එයාගේ බැක් පැක් එකට දැම්මා. ටීවී එකෙන් මින් මින්ජීගෙ කටහඩ ඇහෙන කොටම මම ටීවී එක හරහා පේන ඔම්මා දිහා බැලුවේ හිතේ කිසිම හැගීමක් නැතිව.

ඔම්මා ලස්සන වෙලා ඉස්සෙල්ලාටත් වඩා.

"හ්යුන්ග් ඔම්මා අවෝඩ් එකක් දිනලා."

"ටීවී බල බල ඉන්න වෙලාවක් නෑ කුක්. එන්න දෙන්නම යන්න දැන්."

කුක්ගේ අතින් රිමෝට් එක අරගෙන මම ටීවී එක ඕෆ් කරේ ඔම්මා ගැන තිබ්බ තරහකටද  එහෙම නැත්තන් මගේ ගැන ආව අනුකම්පාවකටද කියලා මම දන්නේ නෑ. ඒත් මම ඒ තරහා පිට කරේ කුකීගෙන් කියලා මට තේරුනා 

මම ටැක්සි එකක් අත දාලා නවත්ත ගත්තට පස්සේ ටේ, කුකී දෙන්නා ඒකේ කොලේජ් ගියා. මම අනිත් පැත්තට යන්න ඕනේ හන්දා බස් හෝල්ට් එකට ආවේ ගොඩක් වෙලා අද හිටගෙන ඉන්න දෙන්න එපා කියලා හිතෙන් හිතන ගමන්. දෙවියන්ට මම කියන දේ ඇහුන හන්දද කොහෙද මම බස් හෝල්ට් එකට ආව ගමන්ම මට බස් එකක් හම්බුනා.

කම්පනි එකේ වැඩ ගොඩක් අමාරු නෑ. මට තියෙන්නේ ෆයිල්ස් හොයන්නයි, ඒවා කියන කියන අයට ගිහින් දෙන්නයි, තව චෙයාමන්-නිම් ට කොෆී එක දෙන්නයි තව එයාගේ ඔය වෙන වෙන ඩොක්යුම්නට් වැඩ කරන්නයි විතරයි. ඇවිදින ඇවිදින පාරට කකුල් ගෙවෙනවා නම් මම මේ වෙනකොට කුකීගේ යාලුවා ජිමින්ටත් වඩා කොට කෙනෙක් වෙන්න ඕනේ.

කම්පනි එකට ආව ගමන් මගේ මේසෙන්  බෑග් එක තියලා මම වෙලාව බැලුවේ වාඩි වෙලා ඉන්න එක විනාඩියක් වත් තියනවද කියලා..ඒත් වෙලාව දැක්කම මම චෙයාමන් කැබින් එකට දිව්වේ කොෆී එක පරක්කු උනොත් මට බැනුම් අහන්න  වෙයි කියලා බයට.  මේ වෙනකන් චෙයාමන්-නිම් මට බැන්නේ නෑ වෙන කවුරු බැනලා තිබ්බත්..ඒත් මට බැනුම් අහන්න ඕනේ උනෙත් නෑ.

කැබින් එකට යනකොට මම හිතුවේ චෙයාමන් ඉන්න එපා කියලා..ඒත් එයා හිටියා එතන. එක්සියුස් කරලා කොෆී එක මේසෙන් තිබ්බට පස්සේ  චෙයාමන් නිම් මගේ නම කියලා කතා කරනකොට මම ගැස්සිලා පිටිපස්ස බැලුවා

If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now