15

451 152 10
                                    


මිස්ටර් නම්ජූන් දොරට එහා පැත්තේ තියන පුටු පේලියේ වාඩි වෙලා ඉන්නකොට මගේ අතේ තිබුන ග්‍රොසරි බෑග්ස් බිම වැටුනා. මම එහෙමම  එය දිහා කට ඇරගෙන බලා ගෙන ඉන්නකොට මිස්ටර් නම්ජූන් පුටුවෙන් නැගිටලා.

"අම්ම්. ජින්.... මම ආවේ ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න....."

"ඕකේ. ම්ම්ම්ම් . මට තේරුනා. ඔව් .. මේ ... ම්ම්ම්. මම මොනවා හරි බොන්න අරන් එන්නම්."

මට කියාගන්න දෙයක් නැති හන්දා මම බිම තිබ්බ බෑග් දෙකත් අරගෙන ඉක්මනට කිචන් එකට ආවා.ෆ්‍රිජ් එක ලග බිත්තියට හේත්තු වෙලා මම ඇයි මිස්ටර් නම්ජූන් ඇවිල්ලා ඉන්නේ කියලා කල්පනා කරනකොට ටේටේ කිචන් එකට එනවා දැකලා මම ඉක්මනට එතනින් අයින් උනා.

ටේටේ කිචන් කවුන්ටර් එකට හේත්තු වෙනකොට මම  ගෙනාව ග්‍රොසරි බෑග් එකෙන් කොෆී බෝතලය එලියට ගත්තා. මොකක්දෝ හේතුවකට ටේටේ මගේ දිහා බලන් ඉන්න එක මට අපහසුවක් ගෙනාවා.

"හ්යුන්ග් ඇයි එයා ඇවිල්ලා ඉන්නේ  ?"

"ම-මම ද්-දන්නේ නෑ ටේටේ  "

"මම හිතුවා හ්යුන්ග් දන්නවා ඇති කියලා."

"ම-මම කො-කොහොමද දන්නේ. "

මම ඒක කියනවත් එක්කම ටේටේ මගේ දිහා සැක හිතන බැල්මක් දාලා පැන්ට්‍රි එකෙන් මට කප්ස් අරන් දුන්නා. ටේටේ ගේ උදව්වෙන් මම කොෆී හදාගෙන එලියට එනකොට මිස්ටර් නම්ජූන් කුකී එක්ක ලොකු කතාවක හිටියේ. මම ගිහින් ට්‍රේ එක ස්ටූල් එකෙන් තිබ්බත් ඒ දෙන්නගේ කතාව එයාලා නැවැත්තුවේ නෑ 





"මම ආස මෝඩර්න් ආර්ට්ස් වලට. "

"ඒත් කුක්  ක්ලැසිකල් ආර්ට්ස් වල තියන දේ අපිට මොඩර්න් ආර්ට්ස් වලින් දකින්න අමාරුයි. ඒක වචනෙන් කියන්න බැරි තරම් ලස්සනක්."

"ඒත් හ්යුන්ග් ම-"

"කුකී?"

කුකී මිස්ටර් නම්ජූන්ට  ' හ්යුන්ග්  '     කියලා කියනකොට මම ඉක්මනට කුකීව නැවැත්තුවේ මොනවා උනත් ඒ මගේ සුපිරියර් හන්දා. එයාට එහෙම අගෞරව කරන්න දෙන්න බෑ මේ ඔෆිස් එකෙන් පිට උනත්..

"ඇයි හ්යුන්ග්.."

"මිස්ටර් නම්ජූන්ට ගරු කරලා කතා කරන්න."

"ඒකට කමක් නෑ ජින්."

"ඒත් මිස්ටර් නම්ජූන්-.."

"මම කිව්වනේ ! ඒකට කමක් නෑ "

මම මිස්ටර් නම්ජූන් දිහා බලන් ඉදලා ඊට පස්සේ කුකී දිහා බැලුවම කුකී මාත් එක්ක හිනා උනා. ඒත් ටේටේ මගේ දිහා කලින් වගේම සැකයෙන් බලන් ඉන්නකොට මට ආයෙමත් කලින් අපහසුතාවයම දැනෙන්න පටන් ගත්ත නිසා මම මිස්ටර් නම්ජූන්ට කොෆී එක දීලා එයාව එලියට අරන් ආවා.

මිස්ටර් නම්ජූන් එලියට ආවට පස්සේ මම ඉස්සරහා දොර ලොක් කරලා මිස්ටර් නම්ජූන්ට වාඩි වෙන්න කිව්වට පස්සේ එයා පුටුවෙන් වාඩි උනා. මිස්ටර් නම්ජූන් මොකකට ඇවිල්ලා තියනවද කියාල මට තේරුම් ගන්න අමාරු උන හන්දා මම එයාගෙන් ඒ ගැන ඇහුවේ චෙයා පර්ස්න් ක්ලාර්ක්ලගේ ගෙදර යන එක සාමාන්‍ය දෙයක්ද කියලා මගේ හිතෙන් අහ අහ.

"මිස්ටර් නම්ජූන් කො-කොහොමද මම ඉ-ඉන්න තැන හොයාගත්තේ?"

"ඔයාගේ පර්සනල් ෆයිල් එකේ තිබ්බා ඇඩ්‍රස් එක. "

ඒ අහපු ප්‍රශ්නේ කොච්චර මෝඩද කියලා මට තේරුනේ මිස්ටර් නම්ජූන්ගේ උත්තරයත් එක්ක. එයාට මම ඉන්න තැන විතරක් නෙවෙයි අර හැන්ගි හැන්ගි එහෙ මෙහෙ යන අයිඩ්ල් ලගේ ගෙවල් වල ඇඩ්‍රස් උනත් හොයාගන්න පුලුවන් ඇති. 

"එ-එතකොට මිස්ටර් න-නම්ජූන් ආවේ,"

"මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ උනා. "

"මො-මොනවද ? "

මොකක්දෝ හේතුවකට මිස්ටර් නම්ජූන් ඉස්සරහා මාව ගොඩක් ගොත ගැහුනා. මම හරියට කතා කරන්න හැදුවට මට ඒක කරන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. ගොත ගැහිලා නැවතුනේ නැතුව මම හොදටම වෙව්ලන්නත් පටන් ගත්තා .

"මම කෙලින්ම කතාවට එන්නම්. මම  ඔයාට මැරේජ් ප්‍රොපෝසල් එකක් අරන් ආවේ!"

If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now