14

476 149 4
                                    

මම 4.00 වෙනකොට වෙනදා වගේම ඔෆිස් එකෙන් දුවලා ලිෆ්ට් එකට යන්න හදනකොට මිස්ටර් නම්ජුන් ලිෆ්ට් එකෙන් එලියට ආවා. මම ආචාර කරලා එයා යනකන් පැත්තකට වෙලා හිටියත් මිස්ටර් නම්ජූන්ගේ මූන බලන්නේ නැතුව ඉන්න මම පුලුවන් තරම් පරිස්සම් උනා.

අන්තිමට මම දුවලා දුවලා රෙස්ටෝරන්ට් එකට ආවේ අදත් පරක්කු වෙලා බැනුම් අහන්න බැරි හන්දා. යන්තම් වෙලාව විනාඩි 2කට කලින් මට එන්න පුලුවන් උනා. ඔරලෝසුවට බැට්‍රි එකක් දාගන්න යන්නත් ඕනේ කියලා කල්පනා කරන ගමන් මම ශර්ට් එකේ අත් ඉහලට නවන ගමන් ඒප්‍රන් එක දාගත්තේ අද වැඩ ටික කරන්න.

මම පිගානක් අතට ගන්නකොටම හෝබින් ඇවිල්ලා  පිගන් කන්දක් සින්ක් එක ලගට දැම්මා. එයාගේ මූණෙන් මට කියන්න පුලුවන් එයාගේ මහන්සිය කොච්චරද කියලා.

"අද 3 දෙනෙක් නිවාඩු. එපා උනා මට..."

හෝබින්ට වැඩි වෙලා මගේ ලග ඉන්න හම්බුනේ නැත්තේ මැනේජ නිම් කෑ ගහපු හන්දා. හෝබින් ගියාට පස්සේ මම ආයේ පිගන් ටිකට මගේ අවධානේ දුන්නේ අදත් එක පිගානක් වත් බිදගන්න මට ඕනේ නැති හන්දා. ඒත් මැනේජ-නිම් මගේ ලගට ඇවිල්ලා අණ දෙනකොට මට පිගාන එයාගේ ඔලුවේ ගහන්න හිතුනා.

"ඔයා ඉස්සරහට යන්න දැන්."

"ඒත් මැනේජර් නිම්-"

"තමුන් යනවද නැත්තන් මම-."

"මම යන්නම්..."

මැනේජර්-නිම් ඕනේ වෙලාවක මට මතක් කරන්නේ මගේ රස්සාව නැති කරනවා කියලා. එයා දන්නවා මම බැනුම් අහගෙන වැඩ කරන්නේ මට මේක ඕනෙම හන්දා කියලා. එයා මගේ වීක් පොයින්ට් එක දන්න හන්දා ඒකටම ඇටෑක් කරන්නේ මට බෑ කියාගන්න බැරි වෙන්න.

ග්ලවුස් දෙක ගලවලා දාලා මම මගේ ලොකර් එකට ගිහින් රෙස්ටෝරන්ට් එකෙන් දීලා තියන ටී ශර්ට් එක අතට ගත්තා. පොඩි දෙන්නට අහු වෙයි කියන බයට මම ඒක කවදාවත් ගෙදර අරන් ගියේ නෑ.

ස්ටාෆ් රූම් එකට ගිහින්  ටී ශර්ට් එක ඇදගෙන මම එලියට ආවේ අකමැත්තෙන්. මම ආවෙම මට කිචන් එකේ වැඩ කරන්න ඕනේ කියලා කාටවත් පේන්නේ නැති වෙන්න. ඒත් මේ මැනේජර්නිම් ශෝර්ටේජ් එකක් ආව ගමන් මාව ඉස්සරහට යැව්වා 

If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now