6

486 162 4
                                    

කැබින් එකට යනකොට මම හිතුවේ චෙයාමන් ඉන්න එපා කියලා..ඒත් එයා හිටියා එතන. එක්සියුස් කරලා කොෆී එක මේසෙන් තිබ්බට පස්සේ  චෙයාමන් නිම් මගේ නම කියලා කතා කරනකොට මම ගැස්සිලා පිටිපස්ස බැලුවා.


"මේ ෆයිල් එක හෝසොක් ට කියන්න දැන්ම චෙක් කරලා දෙන්න කියලා.."

"හොදයි සර්."

මම ෆයිල් එක අරගෙන ආයෙ පාරක් ආචාර කරලා එලියට ඇවිල්ලා මගේ පපුවට අතකින් දෙතුන් පාරක් තට්ටු කරේ ඔනේවට වඩා හයියෙන් ගැහෙන හිතට සන්සුන් වෙන්න කියන්න. හොද අදහසකින්ද, නරක අදහසකින්ද මම දන්නේ නෑ මම දැකලා තියනවා චෙයාමන් නිම් මගේ දිහා අමුතු විදිහට බලන් ඉන්නවා. ඒත් ඒක හොද උනත් නරක උනත් මට කරන්න දෙයක් නෑ.

මගේ ජීවිතේ තව කෙනෙක්ට ඉඩක් නෑ. මගේ ලෝකේ ඉන්න පුලුවන් කුකීටයි , ටේටෙටයි විතරයි.

මම මිස්ටර් හෝසොක්ගේ රූම් එක ලගට ඇවිල්ලා දොරට තට්ටු කරලා එයා එන්න කිව්වම ඇතුලට ගියා. මේ ඔෆ්ස් එකේ මම මනුස්සයෙක් කියලා කෙනෙක්ට දැක්කේ මිස්ටර් හෝසොක් විතරයි.

"ගුඩ් මෝනින්. මිස්ටර් නම්ජූන් මේක දෙන්න කිව්වා."

"මොනින්. ජූන් අද ආවද ? "

"ඔව්."

"ඔයාට යන්න පුලුවන්. "

මම ආචාර කරලා හැරිලා එනකොට  මිස්ටර් හෝසෝක් මාව ආයේ නැවැත්තුවා.

"අද හවසට මගේ ඩ්‍රෙස් එකක් එනවා.රිසෙප්ශන් එකෙන් කෝල් එක ඔයාට දායි. එක ආව වෙලාවට අරන් මට ගෙනත් දෙන්න."

"මම ගෙනත් දෙන්නම්"

දවසේ ඉතුරු ටික ගෙවිලා ගියේ හිතන්නවත් බැරි තරම් වේගෙන්.මම දවස තිස්සේ වැඩියෙන්ම කරේ ෆයිනෑස්ස් එකෙන් මාකටින් එකටයි මාකටින් එකෙන් ෆයිනෑන්ස් එකටයි ගිය එක. මේල් කරන්න පුලුවන්කම තියනකොට මම දන්නේ නෑ ඇයි එයාලා මාවම ඒකට පාවිච්චි කරන්නේ කියලා. අර අවුරුදු 16 කුකී දන්නවා මට වඩා හොදට, මේ කම්පනි එකේ මැනේජර්ස්ලට වඩා හොදට මේ දේවල් ගැන


හවස මිස්ටර් හෝසොක්ගේ ඩ්‍රෙස් එක ආවා කියලා කෝල් එක ආවට පස්සේ මම ගිහින් ඒක අරගත්තා. ඩ්‍රෙස් එක ගෙනත් දුන්න ගමන්ම මිස්ටර් හෝසොක්  වැඩ ඔක්කොම පැත්තකට දාලා  ඩ්‍රෙස් එකේ සිහියෙන් ඉන්නකොට මම එයාට ආචාර කරලා එලියට ආවේ එයාට එක පාරටම මොනවා උනාද කියලා හිතාගන්න බැරි හන්දා.

If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now