7

475 157 7
                                    

~අද මිස්ටර් හෝසොක්ගේ ෆියොන්සෙගේ බර්ත්ඩේ එක.

අනිත් අයගේ කතා අහන් ඉන්න එක හොද නැති හන්දා මම ඉක්මනට  එතනින් එලියට ආවේ ඉක්මනට මගේ අනිත් ජොබ් එකට යන්න ඕනේ හන්දා..

බෑග් එකත් ලෑස්ති කරගෙන මම ඉක්මනට ලිෆ්ට් එකට දුවගෙන ආවේ අදත් පරක්කු වෙලා යන්න බැරි හන්දා. ලිෆ්ට් එක එනකන් ඉන්න අතරේ මම ටේට කෝල් එකක් ගන්න ෆෝන් එක හෙව්වේ එයාට කුකීව ගන්න මතක් කරන්න ඕනේ හන්දා. සාමාන්‍යෙන් ටේ ට දේවල් අමතක වෙන්නේ නෑ. ඒත් මම අමතක කරවන්නේ නැති වෙන්න එයාට මේ දේවල් හැමවෙලේම මතක් කරා.

ෆෝන් එක අතට අරගෙන ඒක දිහා බලාගෙනම මම ලිෆ්ට් එකේ දොර ඇරුනම ඇතුලට යන්න අඩිය තිබ්බත්, ඔලුව උස්සලා බැලුවම මිස්ටර් හෝසෝක් එක්ක  මිස්ටර් නම්ජූන් ඉන්නවා දැක්කම මම තිබ්බ අඩිය ආපස්සට ගත්තා. මොකද මොන හදිස්සියක් උනත් චෙයාමන් එක්ක ලිෆ්ට් එකේ යන එක එච්චර හොද දෙයක් විදිහට මම දැක්කේ නැති හන්දා.

මම ආපස්සට එන්න හැදුවත් මිස්ටර් හෝසොක් මට කතා කරා. මම අනිත් ලිෆ්ට් එකේ එන්නම් කියලා කිව්වත් මිස්ටර් හෝසොක් දෙවනි පාර එන්න කියනකොට මම ඇතුලට ගියේ මම සාමන්‍යෙන් එකම දේ දෙතුන් පාර කියන්න ඉඩ තියන්නේ නැති හන්දා.

ලිෆ්ට් එක ඇතුලට ගිහින් මම අනිත් කෙලවරකට යනකොට මිස්ටර් හෝසෝක් මට කතා කරා.

"හෙට නිවාඩු නිසා හොදයි නේද ජින් !"

"ඔව් මිස්ටර් හෝසොක්."

මිස්ටර් හෝසොක් හිනා වෙලා මිස්ටර් නම්ජූන් එක්ක කතා කරා. ලිෆ්ට් එකේ මිරර් එකෙන් මම දැක්කා මිස්ටර් නම්ජූන් මගේ දිහා බලන් ඉන්නවා. ඒ හන්දා මම බිම බලාගෙන ෆෝන් එක තදින් අල්ලගත්තේ මට ඒක අපහසුවක් වගේ දැනුන හන්දා.

"යොන්දො එනවද ජූන්?"

"එනවා කියලා කිව්වේ."

"යන්නේ නැද්ද ඉතින් එයාපෝට් පික් කරන්න ?"

"ඕනේ නම් එයි. මම මොකටද යන්නේ ?"

"මැරි කරන්න ඉන්න මනුස්සයා නේද ? පොඩ්ඩක් රොමැන්ටික් වෙනවකෝ. "

මම ඒක ඇහුන ගමන් ඔලුව උස්සලා බැලුවේ මේ මනුස්සයා මැරි කරන්නත් ඉදලද මට ෆ්ලර්ට් කරේ කියලා දැනගන්න. ඒත් මම බැලුවා  කියලා දැක්ක ගමන් මිස්ටර් නම්ජූන් බොරු කැස්සක් දාලා මිස්ටර් හෝසොක්ට මම ඉන්නවා කියලා ඇගෙව්වා.

ලිෆ්ට් එක ඇරුනම මම එයාලට මුලින් යන්න දීලා එයාලා එලියට ගියාට පස්සේ ආචාර කරලා එන්න ආවා. වෙලාව බල බල මම රෙස්ටෝරන්ට් එකට එන ගමන් අද ගෙදර යනකොට ගෙනියන්න ඕනේ දේවල් කල්පනා කරේ ඕනෙම දේවල් වලට විතරක් සල්ලි ඉතුරු කරගෙන අමතර වියදම් අඩු කරලා මට ගන්න තියන බඩු ටික ගන්න සල්ලි ඉතුරු කරගන්න ඕනේ කියලා හිතාගන්න ගමන්.


මගේ කල්පනාව මාව මම වැඩ කරන තැනට හෝල්ට් දෙකක් පහු වෙනකන් එක්කන් ආවා. ඩ්‍රයිවර්ට වැදලා වැදලා මම අනිත් හෝල්ට එකට යන්න කලින් බැහැගෙන වෙලාව බල බල හොටෙල් එකට දිව්වේ 500ක් කපාගන්න ඕනේ නැති හන්දා. හම්බෙන්නෙත් වොන් 1000යි දවසට.විනාඩි 5ක් පරක්කු උනොත් වොන් 500ක් කපනවා. ඒත් මගේ හිතට සහනයක් උනේ තව විනාඩි 10ක්ම වැඩිපුර තියනවා කියලා දැක්ක හන්දා

ඉක්මනට දුවලා ගිහින් මම බෑග් එක ලොකර් එකට දාලා ඒප්‍රන් එක ඇදගෙන සින්ක් එකේ තිබ්බ පිගන් ටික ගත්තේ හෝදන්න පටන් ගන්න. ඒත් රෙස්ටෝරන් මැනේජර ඇවිල්ලා මට කෑ ගහපු විදිහට මාව ගැස්සිලා පිගානක් වැටුනා හයියෙන්. ඒත් ඒක බිදුනේ නෑ.

"අදත් විනාඩි 10ක් පරක්කුයි. "

"මම අද කලින් ආවා මැනේජර් නිම්"

"බලනවා වෙලාව කීයද කියලා. 4.40යි. "

මම මැනේජර් නිම් පෙන්නපු කිචන් එකේ ඔරලෝසුව බැලුවම මම දැක්කා  ඒකේ වෙලාව 4.38යි කියලා තියනවා. මට විශ්වාසයි මම ඇවිල්ලා විනාඩි 2ක් වත් තාම ගියේ නෑ කියලා. ආයෙමත් මම මගේ රිස්ට් වොච් එක දිහා බැලුවම මට තේරුනා ඒක නැවතිලා කියලා. වැරද්ද මගේ හන්දා මම මැනේජර් නිම්ට ආචාර කරලා සමාව ඉල්ලුවා.

"සමාවෙන්න මැනේජර් නිම්. මම හෙට වෙලාවට එන්නම්."

"හැමදාම තමුන්ගෙ මන්තරේ ඕකනේ. ඒත් වෙලාවට එන්නේ නෑ..පවුනේ පවුනේ කියලා මම සැලරි එකෙන් අඩු කරන්නේ නැතුව හිටියට මට බෑ හැමදාම ඕක කරන්න. දැන් කට ඇරගෙන මගේ දිහා බලන් ඉන්නේ නැතුව වැඩ කරනවා".

මම ආයෙමත් පාරක් ඔලුව වනලා පිගන් ටික හෝදන්න පටන් ගන්නකොට හෝබින් ඇවිල්ලා මගේ පිටට තට්ටුවක් දැම්මා..මට දුක හිත හිත ඉන්න වෙලාවක් නෑ. මට සල්ලි එකතු කරන්න වෙනවා. ඒ හන්දා මට වැඩ කරන්න වෙනවා.

If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now