12

460 149 7
                                    

"හ්යුන්ග් නිදාගත්තා ඇති. නැගිටින්න. හ්යුන්ග්..."

මම ඇස් ඇරලා බලනකොට කුකී මගේ ඉස්සරහා ඉදගෙන මාව නැගිට්ටවනවා මම දැක්කා.ඈනුම්කුත් ඇරලා ඉවර උනාට පස්සේ මම දැක්කා කුකීගේ පිටිපස්සෙන් ටේටේත් ඉන්නවා.

"ගුඩ් මෝනින්."

"හ්යුන්ග් දැන් 12.00ත් පහු වෙලා "

මම ඒකට උත්තර දෙන්නෙ නැතුව නැගිටලා බාත් රූම් එකට ආවේ නිදිමත තාම මගෙන් ගියේ නැති හන්දා. ඒත් මට නිවාඩු දවස ඇදේ නිදාගන්න දාලා පොඩි දෙන්නා එක්ක ඉන්න තියන වෙලාව නාසති කරන්න හිතුනේ නෑ.

මම අලුත් ඇදුමක් ඇදගෙන එනකොට ටේ , කුකී දෙන්නා ටීවි බල බල ලොකු කයියක හිටියේ. මම දැක්කා මේසේ උඩ වහලා තියන රාමෙන් එක. පොඩි දෙන්නා දැනටමත් කාලා ඇත්තේ  කියල මම හොදටම දන්නවා උනත් මම එයාලගෙන් කෑවද ඇහුවම දෙන්නම කෑවා කියලා කිව්වා.

ඉරිද උදේ ගෙවෙන්නේ මේ විදිහට. අපි තුන් දෙනාම නිදාගන්නවා දවල් 12.00 පහු වෙනකන්. එහෙම නිදාගන්න ගොඩක් දවසට ටේටේ කෑම හදනවා. එයාට කෑම හදනවා කියලා කරන්න පුලුවන් රාමෙන් එකක් හදාගන්න එක විතරයි. සාමන්‍යෙන් දෙන්නම කාලා ඉවර උනාට පස්සේ තමයි මාව නැගිටුවන්නේ.

කාලා ඉවර උනාට පස්සේ හෝදන්න තිබ්බ ටික හෝදලා දාලා මම ටේ කුකී දෙන්නා ලගට ආවා.දෙන්නා ඇනිමේ එකක් දාගෙන දෙන්නගේ කතාවේ හිටියේ මම එයාලගේ ලගින් වාඩි උනාද කියලාවත් ගානකට ගන්නේ නැතුව.

"මොනවද දෙන්නගේ හොර කතාව?"

"නෑ හ්යුන්ග්. ජිමීනීගේ හ්යුන්ග්ගේ ෆියොන්සේ හරි ලස්සනයි. අපි ඒ දෙන්නා ගැන කතා කර කර හිටියේ."

ටික වෙලාවකින් අපේ කතාව එක එක දේවල් වලට ගියා. ඉරිදා දවසට මම හරි ආසයි. මට පොඩි දෙන්නා එක්ක ගොඩක් කාලය ගත කරන්න පුලුවන් වෙන්නේ  ඉරිදා දවසට විතරයි.කොහෙන් ගියත් අන්තිමට මේ කතාව ඉවර වෙන්නේ මමයි ටේටේයි දෙන්නම කුකීව කුචු කවලා.

රෑ අපි තුන් දෙනාම එකතු වෙලා කෑම හැදුවේ  ගොඩක් දවසකින් කන්න දෙයක් හැදුවේ නැති හන්දා. කුකී ඉල්ලුවේ එයාට තනියම හදන්න ඕනේ කියලා. ඒත් එයාට ඒ වගේ දෙයක් තනියම කරන්න බැරි නිසා මමයි ටේයි එයාට උදව් කරා.

ඒ සතුටු දවස ලස්සනට ගෙවුනේ අපි තුන් දෙනා එකට එකම ඇදේ නිදාගෙන. කුකීට හැමදාම ඕනේ එයාගේ හ්යුන්ග්ලා දෙන්නා දෙපැත්තේ තියාගෙන නිදාගන්න. ඒත් මම ඒක කරන්නේ නෑ මම එනකොට හැමදාම රෑ වෙන හන්දා, ටේ ඒක කරන්නේ නෑ එයාට රෑ වෙනකන් පාඩම් කරන්න තියන හන්දා. ඒත් අද අපි තුන් දෙනාම එකට නිදාගන්න ආවා.

"කුකී ටේට පාඩ-"

"කමක් නෑ හ්යුන්ග්."

ටේටේ මට ලොකු හයියක්. එයාට තේරුම් කරන්න ඕනේ නෑ කිසි දෙයක්. එයා හැමදේම තේරුම් අරගෙන මට හැමදේටම සපෝර්ට් කරා.  ටේගේ හැගීම් තේරුම් ගන්න අමාරුයි මට. එයා කුකී වගේ ගොඩක් කතා කරන කෙනෙක් නෙවෙයි. ඒත් ටේටේ මට වඩා ගොඩක් කුකීට එකතුයි. සමහර විට ඒ මට වඩා එයා කුකී එක්ක වෙලාව ගත කරන හන්දා වෙන්න ඇති.

කුකීට මූණ දෙන්න උන නරක දේවල් එක්ක එයාගේ රූම් එක තනිකර අපිට වෙනස් කරන්න උනා. එයාගේ බෙඩ් එක කස්ටමයිස් කරලා නිසා ඒක අපි දෙන්නගෙම බෙඩ්ස් වලට වඩා ගොඩක් ලොකු එකක් උන හන්දා තුන් දෙනාට එකට නිදාගන්න එක ලොකු දෙයක් උනේ නෑ.

ටේටේත් ඇදට ආවට පස්සේ එයා කුකිගේ ඇග උඩින් අතක් දාගත්තම , මමමත් දෙන්නවම බදාගැනෙන විදිහට අත දාලා දෙන්නවම මගේ ලගට කරගත්තා මගේ මුලු ලෝකෙම මට නැති වෙයි කියලා බයෙන් වගේ.

"හ්යුන්ග් ඔයලා දෙන්නා මෙහෙම මගේ ලග ඉන්නකොට මම මැරුනත් මට කමක් නෑ  "

"කුකී  "            "   කුකී.   "

"අපෝ හරි හරි හරි."

ටේයි මායි දෙන්නා කෑ ගහපු විදිහට කුකීගේ කන් දෙක ඉතුරු උනත් ඒක ලොකු දෙයක් මට. අන්තිමට අපි තුන් දෙනාම හිනා වෙවී හිටියා එකින් එක්කෙනාට නින්ද යනකන්ම

If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now