11

469 153 10
                                    

ග්‍රොසරි ශොප් එකෙන් එලියට ඇවිල්ලා අපි හෙමින් හෙමින් ගෙදර එන්න ආවා. කුකී හිටියේ වෙනදටත් වඩා සතුටෙන්. මට එයා දිහා බලලා සතුටු වෙන්න පුලුවන් උනා.

ගෙදර ආව ගමන්ම මම පුටුවක් උඩට වැටුනේ මට ඇත්තට මහන්සි දැනුන හන්දා. ටේ කුකී එක්ක යනකොට මම මහන්සිය පැත්තකට දාලා ගෙනාව බඩු ටික කිචන් එකෙන් තියලා කුකීගේ රූම් එකට ආවා.

"ඔයාලට මොනවා හරි හදන්නද ? "

"එපා හ්යුන්ග් අපි කෑම අරන් ආවේ. "

"ටී එකක්?"

"ඒත් එපා හ්යුන්ග්."

දෙන්නම එපා කියනකොට මම කිචන් එකට ඇවිල්ලා කෙට්ල් එක තිබ්බා. වතුර උණු වෙන අතරේ මම ග්‍රොසරි බෑග්ස් ටික හිස් කරලා ටී එකක් හදලා එතනම වාඩි වෙලා බිව්වා. මම මගේ කාමරේට යනකොට ටේ කුකීගේ කාමරෙන් එලියට එනවා මම දැක්කා. 

වොශ් එකක් දාගෙන මම එහෙමම ශෝර්ට් එකකටයි, ටීශර්ට් එකකටයි මාරු වෙලා ෆෝන් එක චාර්ජ් වෙන්න දාලා ටේගේ රූම් එකට ආවේ එයා එක්ක දවසේ උන දේවල් අහන්න. මට වෙලාව තියන හැමවෙලේම එයාලගෙන් එයාලගේ ජීවිතෙ වෙන දේවල් ගැන කතා කරලා අහගත්තා.

"එතකොට එක්සැම් ෆී ගෙවන්න ඕනේ නැද්ද ටේ ?"

"නෑ හ්යුන්ග් ඒකත් ස්කොලර්ශිප් එකෙන් කවර් වෙනවා. "

"ඔයාට මොනවා හරි පොත් එහෙම ගන්න තියනවද? "

"නෑ. මම ලයිබ්‍රි එකෙන් ඔක්කොම ගත්තා හ්යුන්ග්.මේ!"

ටේටේ එයාගේ මේසේ උඩ තියන පොත් ගොඩක් පෙන්නුවම මම ඒක දිහා බලලා හීල්ලුවේ මට එයාට ඒ පොත් ටික අරන් දෙන්න බැරි උනානේ කියලා හිතලා. ඒත් මේ විදිහට හරි ටේ එයාගේ වැඩ ටික තනියම කරගන්න එක ගැන මට සතුටුයි.

"හ්යුන්ග් වගේ වෙන්නේ නැතුව හොදට ඉගෙන ගන්න."

මම ටේගේ ඔලුවට කිස් එකක් දීලා එලියට ආවේ එයාට පාඩම් කරන්න ඉඩ දීලා. එයා එක්සෑම් තිබ්බත් නැතත් ගොඩක් මහන්සී වෙලා පාඩම් කරා.  මට මගේ පොඩි දෙන්න ගැනම සතුටින් ඉන්න පුලුවන් උනා එයාලා කිසිම කරදරයක් කරන්නේ නැතුව එයාලගේ ඉගෙන ගන්න වැඩ ටික කරපු හන්දා.

කුකීගේ රූම් එකට ආවම එයා ඇදේ නිදාගෙන එයාගේ ෆෝන් එක බල බල හිටියා. මම ගිහින් ඇදෙන් වාඩි උනාට පස්සේ එයා මට එයාගේ ෆෝන් එක දීලා එයාගෙයි ජිමින්ගෙයි ෆොටෝස් පෙන්නුවා.

"ලස්සනයි. ජිමිනී කියුට්.."

"මාත් කිව්වා හ්යුන්ග්. එයා කියුට්ම කියුට්....."

මම ෆොටෝස් ටික බලල කුකීට ආයේ ෆෝන් එක දුන්නා. එයා ෆෝන් එක දිහා බලලා තව ටික වෙලාවක් හිනා වෙවී ඉන්න දිහා මම බලන් ඉදලා නැගිටලා යන්න ආවේ එයාට ජිමිනී එක්ක තනියම කතා කරන්න දීලා. ඒත් කුකී මාව නැවැත්තුවා.

"හ්යුන්ග් කොහෙද යන්නේ?"

"නිදාගන්න කුකී."

"හ්යුන්ග් වීකෙන්ඩ් මගේ ලග කියලා අමතක උනාද ? "

මම හිනා වෙලාම එයා දිහා බලන් ඉදලා එයාව අවුස්සන්න එලියට ආවා. මම හිතුවා වගේම කුකී කෑ ගැහුවා ටේත් බය වෙල එලියට එන තරමට..

"යාහ් කෑ ගහන්න එපා. මම යන්නේ ලය්ස්ට්ස් ඕෆ් කරන්න.."

"කලින්  කියන්න තිබ්බනේ හ්යුන්ග්."

දොර වහලා නේද කියලා බලලා මම ලයිට්ස් ටිකත් ඕෆ් කරගෙන කුකී ගේ කාමරේට ආවා. එයා ලගින් නිදාගෙන බෙඩ් ශීට් එකත් දෙන්නටම පොරව ගත්තට පස්සේ මම කුකීව බදාගෙන වැඩි වෙලා යන්න කලින් නිදාගත්තේ දවසේ මහන්සියට තිත තියන ගමන්.

ඒත් මට වැඩි වෙලා නින්ද ගියේ නෑ. ටේට නින්ද ගිහින් ඇතිද කියලා බලන්න මම නැගිටලා එයාගේ රූම් එකට ගියා. එයා පාඩම් කරනව දැක්ක හන්දා මම ඇතුලට යන්නෙ නැතුව එලියේ ඉදන්ම කතා කරා

"කොෆී එකක් වත් හදලා දෙන්නද ටේ? "

"එපා හ්යුන්ග්. තව ටිකයි තියෙන්නේ."

"හ්ම්ම්. "

මම අනිත් පැත්ත හැරිලා ආයේ රූම් එකට ඇවිල්ලා ඇදේට නිදාගෙන ඉන්න කුකී ව කෙලින්  කරා. මම ආයේ ඇදේ දිගා උන ගමන්ම කුකීගේ අතක් මාව බදාගත්තම මමත් එයාගේ ඇගෙන් අතක් දාගෙන නිදාගත්තේ උදේ වෙනකන් හොද නින්දක් දානවා කියලා හිතාගෙන..

ඒත් ආයෙමත් මට පාන්දර 1.00 වෙනකොට නැගිට්ටුනේ ටේව මතක් වෙලා. මේ පාර මම යනකොට එයා නිදි මතේ ඔලුව තියාගෙන හිටියා. මම ගිහින් පොත අයින් කරවලා එයාව නිදිමතේම නැගිටුවලා ඇදෙන් තිබ්බම එයා නිදාගන්න දිගා උනාට පස්සේ බෙඩ් ශීට් එක පෙරෙව්වා. හරියට එයා පිලෝ එක බදාගෙන නිදාගත්තට පස්සේ මම එයාට කිස් එකක් දීලා හ්යුන්ග් ලව්ස් යූ කියලා ඇවිල්ලා ආයේ කුකී ලගින් නිදාගත්තේ මට දැන් එක දිගට හොදට නිදාගන්න පුලුවන් නේද කියලා මතක් කරගෙන



If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now