16

455 150 5
                                    

මිස්ටර් නම්ජූන් කියන දේ ඇහෙනවත් එක්කම මගේ අතේ තිබ්බ මගේ කොෆී කප් එක බිම වැටිලා ලොකු සද්දයක් ඇති කරා. මිස්ටර් නම්ජූන් හිටපු තැනින් නැගිටලා එනකොට ටේටේ දොරත් ඇරගෙන එලියට ආවේ පුදුම වේගෙකින්.

"හ්යුන්ග් ඔයා හොදින්ද ?"

ටේටේ මගේ ලගට ඇවිත් මගේ අතේ බාහුවෙන්  අල්ලලා  අහනකොට මම කරේ කටත් ඇරගෙන මිස්ටර් නම්ජූන් දිහා බලන් හිටපු එක. එයා කිව්ව දේ මම හිතේ තියන් හිටපු දේ උනත් මට ඒ වගේ දෙයක් මේ විදිහට අහන්න ඕනේ උනේ නෑ.

"ඔයා මොනවද කරේ? හ්යුන්ග් ඔයා හොදින්ද ?"

ටේටේ නම්ජුන් ලගට යනකොට මම ටේටේගේ අතින් අල්ලලා නැවැත්තුවා. ටේටේ නිකන් ගියේ මිස්ටර් නම්ජූන්ට ගහන්න වගේ  ඒ හන්දා මම එයාව ඉක්මනට නවත්තලා එයාව ගෙදර ඇතුලට යවන්න උත්සාහ කරා.

"ටේටේ මම හොදින්.ගෙදර ඇතුලට යන්න."

"ඒත් හ්යුන්ග්."

"මම හොදින් කිව්වම අහලා ගෙදර ඇතුලට යන්න. "

"හ්යුන්ග් ම-"

"මම එක පාරක් කිව්වම තේරෙන්නේ නැද්ද ටේයුන්? ගෙදර ඇතුලට යනවා".

ටේයුන් මගේ දිහා ටික වෙලාවක් බලන් ඉදලා මිස්ටර් නම්ජුන් දිහාට තියුණු බැල්මක් දාලා ගෙදර ඇතුලට ගියා. මම ලොකු හුස්මක් අරන් එතනින් අයින් වෙන්න හදනකොටම මිස්ටර් නම්ජූන් මගේ බාහුවෙන්  අල්ලගත්තා.

"ජින් බලාගෙන...."

බිම තිබ්බ පෝසිලේන් කටු දිහා බලලා මම මගේ අත අල්ලගෙන තිබ්බ මිස්ටර් නම්ජූන්ගේ අත දිහා බැලුවා. මම අදහස් කරපු දේ තේරුන හන්දද මන්දා මිස්ටර් නම්ජූන් මගේ අත අත ඇරලා පිටිපස්සට උනා. මමත් එතනින් එහාට ගිහින් මිස්ටර් නම්ජූන්ගේ මූණ දිහා බැලුවේ කවදාවත් නැති හයියක් හිතේ තියාගෙන.

"මිස්ටර් නම්ජූන්... මම දන්නේ නෑ මිස්ටර් නම්ජූන් මොන අදහසකින් මෙහෙම දෙයක් කිව්වද කියලා. ඒත්.... ඒත්.... මට මේකට එකග වෙන්න බෑ."

"ඒකට හේතුව ඇහුවොත්?"

"හේතුවක් නෑ මිස්ටර් නම්ජූන්. "

"එහෙනම්..."

"හේතු ගොඩක් තියනවා. එක මිස්ටර් නම්ජුන්  කිව්ව දේ මට තාමත් විශ්වාස කරන්න බෑ. මිස්ටර් නම්ජූන් ගියාට පස්සේ මට පුලුවන්  මගෙ මල්ලිලා දෙන්නගෙන් අහන්න මේක මගේ හිතේ මැවුන දෙයක්ද නැත්තන්, ඇත්තටම උන දෙයක්ද කියල. ඒත් මේක් ඇත්තක් උනත් බොරුවක් උනත් මට බෑ මිස්ටර් නම්ජුන්ට කැමති වෙන්න.අපි වගේ පොඩි වැඩ කරන අයට කම්පනී වල මිස්ටර් නම්ජූන් වගේ ලොකු අයව හම්බෙන්නේ කතා වලයි , ඩ්‍රාමා වලයි විතරයි. මේ ඩ්‍රාමා එකක් වත් ෆිල්ම් එකක් වත් නෙවෙයි මිස්ටර් නම්ජූන්..මේක ඇත්ත ජීවිතේ. ඇත්ත ජීවිතේ මිස්ටර් නම්ජූන් ඇත්තටම මට මේ ප්‍රොපොසල් එක ගෙනාවත් මම මේකට කැමති වෙන්නේ නෑ. ඒකට හේතුව මුලු කම්පනි එකම දන්නවා මම ඇඩ්මිනිස්ට්‍රේශ්න් ඩිපාට්මන්ට් එකේ ක්ලාර්ක් කෙනෙක් කියලා. මට ඕනේ නෑ මම මිස්ටර් නම්ජූන්ව 'දැලේ දාගත්තා' කියන කතාව අහගන්න. මම පුලුවන් තරම් වැදගත් විදිහට ජීවත් වෙනවා මට කොච්චර සල්ලි උවමනා උනත්. මේ මම කිව්වේ මම මිස්ටර් නම්ජූන්ව ප්‍රතික්ශේප කරන්න හේතු. ඒත්  මිස්ටර් නම්ජූන්ව විතරක් නෙවෙයි, මෙහෙම ප්‍රපෝසල් එකක් ගේන ඕනේ කෙනෙක්ව මම ප්‍රතික්ශේප කරනවා. මොකද මට පරිස්සම් කරන්න , ආදරේ කරන්න මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. එයාලා දෙන්නා ඉන්නකන් මම හිතන්නේ නෑ මට තව කෙනෙක්ට දෙන්න ආදරයක් ඉතුරු වෙලා තියනවා කියලා. ඉතින් මට කෙනෙක්ට කැමති වෙලා එයාට බොරු කරන්න බෑ. මට ආදරණීය වගකීම් තියනවා මිස්ටර් නම්ජූන්.  මට සමාවෙන්න."

මම දන්නෙ නෑ මම ගොත ගහන්නේ නැතුව ඒක කොහොම කිව්වද කියලා. ඒත් මගේ හිතේ තිබ්බ දේවල් ඔක්කොම මම කිව්වා කියලා මම හිතනවා.

මිස්ටර් නම්ජූන් මගේ දිහා බලාගෙනම ඉන්නකොට මගේ හිතේ හයිය නැති වෙලා ගියා. ඊලගට මොකක් වෙයිදෝ කියන බය මගේ හිතේ වද දෙනකොට මම ලොකු හුස්මක් අරගෙන ආයේ කතා කරන්න පටන් ගත්තා.

"මිස්ටර් නම්ජූන් හෙට මගේ ටර්මිනේශන් ලෙටර් එක දෙනවා නම්, මට ඒක අදම කියන්න. කම්පනි එකට ඇවිල්ලා ඒක අරන් යන්න ඕනේ වෙලාවේ මට පුලුවන් අලුත් ජොබ් එකක් හොයන්න යන්න පටන් ගන්න "

If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now