17

602 156 8
                                    

මිස්ටර් නම්ජූන් මට කිසි දෙයක් කියන්නේ නැතුව යන්න ගියා. අඩුම තරමේ යනවා කියන්නේවත් නැතුව එයා යන්න ගියා. පාරේ තිබුන මිස්ටර් නම්ජූන්ගේ කාර් එක යනවා බලාගෙන ඉදලා මම ගෙදර ඇතුලට ආවේ පෝසිලේන් කටු ටික අයින් කරන්න ඩස්ට්පෑන් එක අරගන්න. මම එනකොට කුකී මොනවද මන්දා අතේ තියන් ඉන්නවා දැකලා මම නැවතුනා.

"මොනවද කුකී ඔය?"

"නම්ජූන් හ්යුන්ග් ගෙනත් තියෙනේ. මේක තමයි මේ ලෝකේ තියන හොදම පින්සල් හදන බ්‍රෑන්ඩ් එක හ්යුන්ග්.නම්ජූන් හ්යුන්ග් ගොඩක් සල්ලි තියන කෙනෙක්ද ? හ්යුන්ග්ද එයාට කිව්වේ මම පේන්ටින්ග් වලට ආසයි කියලා. ? නම්ජූන් හ්යුන්ග් යාලුවෙක්ද හ්යුන්ග්?"

මට කුකී අහන ප්‍රශ්න වලට උත්තර තිබ්බේ නැති නිසා මම එයාට උත්තර දෙන්නේ නැතුව කිචන් එකට ඇවිල්ලා ඩස්ට් පෑන් එක අරන් ආයේ එලියට ආවා. ඩස්ට් පෑන් එක බිමින් තියලා මම පුටුවෙන් වාඩි උනේ  අද උන දේවල් එකක් වත් මට හරියට හිතාගන්න බැරි උන හන්දා..

මුලින් අප්පා ආවා රෙස්ටෝරන්ට් එකට වෙන ගෑනු කෙනෙක් එක්ක. අප්පාගේ දෙවනි මැරේජ් එකේ ලේඩිව මම දැකලා නැති උනත් මට විශ්වාසයි අප්පා ඒ ආවේ එයා එක්ක නෙවෙයි කියලා. වෙන කෙනෙක් එක්ක කියලා..

මට බයයි කුකී හරි ටේටේ හරි මේ දේවල් දකියි කියලා. මොනවා උනත් මට ඕනේ නෑ එයාලා අප්පාටවත් ඔම්මා ටවත් වෛර කරනවා දකින්න.  ඒ දෙන්නගෙන් මම ඔම්මා අප්පා ඈත් කරලා තිබ්බත් , තාමත් ඒ එයාලගේ ඔම්මයි අප්පයි.

ඊලගට නම්ජූන්. මිස්ටර් නම්ජූන්ගෙන් මේ වගේ දෙයක් මම බලාපොරොත්තු උනේ නෑ. එයා ෆෝවඩ් චරිතයක් උනාට එයා මෙහෙම ගෙදරට ඇවිල්ලා මේ වගේ දෙයක් කරයි කියලා කවුද හිතන්නේ. ඊටත් වඩා හෙට දවසේ මොනවා වෙයිද කියන බය මගේ හිතට වද දුන්නා.

පුටුවේ පිටිපස්සට හේත්තු වෙලා ඇස් වහගෙන උන දේවල් පිලිවෙලට ගලපගන්න හදනකොට  මටත් දන්නේ නැතුවම මට නින්ද ගියා. ඔලුවේ බර වැඩි වෙනකොට මම හිතෙන්නේ මට හොදට නින්ද ගියා.

ඒත් නත්තල් සීතල මාව නැගිට්ටෙව්වා. සීතලා සුලග මගේ ඇගේ වදිනකොට මට නැගිට්ටුනේ එලියේ දාරාගන්න බැරි සීතලක් එන්න එන්න වැඩි උන හන්දා.  සීතලෙන් වෙව්ලන අත් වලින් මම කටු ටික ඩස්ට් පෑන් එකට අරගෙන එතන අස් කරලා දැම්මා.

If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedDonde viven las historias. Descúbrelo ahora