24

442 153 13
                                    

ඉරිදා දවස ගෙදර ඉන්න දවස උනාට කුකීත් නැති හන්දා මම අදට කියක් හරි හොයාගන්න වැඩක් හොයාගත්තා. හෝබින්ගෙන් වැඩ කරන තැනක් ඇහුවම එයා කිව්වා එයත් එක්කම මට වැඩ කරන්න පුලුවන් කියලා අද දවස.

මම එයා කිව්ව ඇඩ්‍රස් එකට ආවම හෝබින් එතන මම එනකන් හිටියා. අපිට තිබ්බේ නත්තල් ගස් ඕඩර් කරපු තැන් වලට ඩිලිවර් කරන්න. හෝබින් එක්ක එකට මට වැඩ කරන්න හම්බුන එක ලොකු දෙයක් කියලා හිතාගෙන මම එයා එක්ක ඒවා ඩිලිවර් කරන්න පටන් ගත්තා.

"පලවෙනි ඇඩ්‍රස් එක කොහෙද ජින්."

"ස්කයි හයි අපාර්ට්මන්ට් එකට."

"අපාර්ට්මන්ට් අරන් යන එක තමයි එපාම වෙන්නේ.."

"හ්ම්ම්..කොලේජ් ෆීස් තාම කවර් කරගන්න බැරි උනාද.?"

"කවර් කරගත්තා හ්‍යුන්ග්. ඒත් මේ කාලේ කීයක් හරි ඉතුරු කරගන්න ඕනේ.. කොලේජ් පටන් ගත්තම මේ වගේ වැඩ කරන්න බෑනේ.."

හෝබින්ව දකින හැමවෙලේම මට ටේටේව මතක් උනා. ටේටේත් මේ වයසේ ඉදන් මේ වගේ දුක් විදින්න දෙන්නේ නැතුව ඉගෙන ගන්න එකමට ෆෝකස් කරලා ඉන්න එක මගේ හිතට ලොකු සැනසීමක් උනා. ටේටේට කරදරයකට කියලා තිබ්බේ එයාට දවල් දවසට කුකීව බලාගන්න තියන එක විතරයි. එයා ඒක කරදරයක් විදිහට නොදැක්කට මට ඒක මගේ වගකීමක් ටේටේට බාර දුන්න එකක් විදිහට මම දැක්කා. මට දවල් දවසේ කුකීව බලාගන්න පුලුවන් උනා නම් මේ තරමට වත් ටේටේට කරදරයක් වෙන්න දෙන්නේ නෑ..

ලේසී වැඩක් කියලා හිතුවට ඒක ලේසි වැඩක් නෙවෙයි කියලා මට පලවෙනි ක්‍රිස්මස් ට්‍රී එක ඩිලිවර් කරපු වෙලාවෙම  තේරුනා. දවසම එක එක ගෙවල් වලට එක එක ට්‍රී එක ගිහින් දීලා අන්තිමට ලන්ච් එක ගන්නකොට මම කුකීට කතා කරා.

~හ්‍යුන්ගී. දැන් ටේටේ හ්‍යුන්ග් කතා කරා විතරයි.

"කෑම අරන්ද කුකී ඉන්නේ?මිස්ටර් මින්ට කරදර කරේ එහෙම නෑ නේද? "

~නෑ හ්‍යුන්ගී. ජිමිනී එක්ක මම ගොඩක් වෙලාවට ඉන්නේ. හ්‍යුන්ග් ජිමින්ට කතා කරනවද?

"මම පස්සේ ගන්නම් කුකි.. පරිස්සමින්.. බෙහෙත් ටික වෙලාවට ගන්න.!"

If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now