13

469 155 22
                                    

අද ඔෆිස් එකට එන්න මම වෙනදට වඩා ටිකක් පරක්කු උනේ උදේ මට හොදට නින්ද ගිය හන්දා. පොඩි දෙන්නව නැගිට්වන්නේ නැති වෙන්න  මම එලාර්ම් එක තියාගත්තා නැති නිසා මටත් ඒ දෙන්නව බදාගෙන හොදටම නින්ද ගියා. ඊට පස්සේ තුන් දෙනාම එකතු වෙලා ලෝකේ පෙරලනවා වගේ එහාට මෙහාට ගිහින් වෙනදට වඩා විනාඩි 20ක් හැමදේම පරක්කු කරගෙන තම තමන්ගේ ගමනාන්ත වලට ගියා.

මම  ආව ගමන් මිස්ටර් නම්ජූන්ගේ කැබින් එකේ කොෆී එක තියලා එයා එන්න කලින් අස් කරන්න ඕනේ එවා අස් කරල එලියට ආවා. මම එනකොටම මිස්ටර් නම්ජූන්  සී.එෆ්.ඕ මිස්ටර් මින් එක්ක  ලොකු කතාවක ඉන්න ගමන් කැබින් එක ඇතුලට යනකොට මම එලියට වෙලා බලන් හිටියේ සමහර විට තව කොෆී එකක් ගේන්න කියයි කියලා හිතලා. ඒත් සෙක්‍රටි මිස් සෝයෝන්ත් කිව්වම මිස්ටර් නම්ජූන් මට කතා කරන එකන එකක් නෑ කියලා, මම මගේ ශීට් එකට ඇවිල්ලා වාඩි උනා.

ෆෝන් එක රින්ග් වෙනකොට මිස්ටර් නම්ජූන් වෙන්න ඇති කියලා හිතුවත් එහා පැත්තෙන් මිස්ටර් හෝසොක්ගේ කට හඩ ඇහෙන කොට මට හිතුනා මිස්ටර් නම්ජූන් ඇත්තටම එක්ස්ට්‍රා කොෆී එකක් ඕනේ නැතුව ඇති කියලා.

~ජින් වැඩක් නැත්තන් කැබින් එකට එන්න.

මම ෆෝන් එක තියලා කැබින් එකට යනකොට මිස්ටර් හෝසොක් එයාගේ සෙකට්‍රි එක්ක මොනවද කතා කර කර ඉදලා මාව දැක්කම මිස්ටර් හෝසොක් ෆයිල් එක වහලා සෙකට්‍රිට යන්න කියලා කිව්වා. මම කැබින් එක ඇතුලටම ඇවිල්ලා මිස්ටර් හෝසොක් ගේ ටේබ්ල් එක ලගට ආවම එයා හිටගෙනම මට කතා කරා.

"ගුඩ් මෝනින් ජින්"

"ඇහ් ? "

"ගුඩ් මෝනින්!"

"සමාවෙන්න මිස්ටර් හෝසොක්. ගුඩ් මොනින්."

"ජින් වාඩි වෙන්නකො."

"කමක් නෑ මිස්ටර් හෝ-"

"කිව්වම අහලා වාඩි වෙන්නකෝ."

ජිවීතේට මට කවුරුත් වාඩි වෙන්න කියලා කියලා තිබුනේ නැති හන්ද්ද මන්දා මට මේ ඔක්කොම අමුතුයි වගේ තේරුනා. මම පුටුව ඇදලා අරගෙන මිස්ටර් හෝසොක් දිහා බලාගෙනම වාඩි උනාම එයා පුටුවේ ඉස්සරහට බර වෙලා මට කතා කරා.

If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now