25

801 157 55
                                    

කෙන්ගේ කාර් එක ආව ගමන්ම මම ඉක්මනට ඒකට නැග්ගේ මම හිතුවට වඩා පරක්කු උන හන්දා. මම හන්දා කෙන්ත් ගොඩක් වෙලා බලාගෙන ඉදල තිබ්බා. ඒත් අන්‍තිම දවස් වල කම්පනි එකේ හැමෝම පිස්සුවෙන් වගේ වැඩ කරනකොට මටත් වැඩ ගොඩක් වැටුනා.

මම ෆෝන් එකෙන් යන්න ඕනේ ඇඩ්‍රස් එක කෙන්ට පෙන්නලා එලිය බලාගත්තා..වෙනදටත් වඩා හිම වැටෙනවා අද. පාරේ ඉන්න මිනිස්සූ වාහන ගස්කොලන් ඔක්ඔම දිහා බලාගෙන යනකොට මගේ මතකය මටත් නොදැනීම ඈතට ගියා.

එදා ඔම්මා අප්ප නැතුව අපි ගත කරපු පලවෙනි ක්‍රිස්මස් දවස..

ඔම්මා අප්පා ගෙදර ඉන්නකොට එයාලා අපි ලග නැති උනත් ක්‍රිස්මස් වලට ගණන් කරන්න බැරි තරම් තෑගි ගොඩක් අපිට හම්බුනා. ඒත් මට ඒ කිසි දෙයක වටිනාකම තේරුනේ නැත්තේ මම ඔම්මා ගේ අප්පාගේ ආදරේ ඊට වඩා හෙව්ව හන්දා. කුකීට , ටේටේටත් ඒක එහෙමම ඇති කියලා හිතාගෙන හිටියට එදා කුකී එයාට තෑගි නැති එක ගැන ගොඩක් ප්‍රශ්න ඇහුවා.

"හ්‍යුන්ග් සැන්ටා ඇයි ආවේ නැත්තේ?"

"අද සැන්ටා ගොඩක් බිසී කුකී."

"මම නරක ලමයෙක් කියලා හිතලද එයා එන්නේ නැතුව ඉන්නේ.?"

"නෑ. සැන්ටා දන්නවා මගේ කුකී තමයි මේ ලෝකේ ඉන්න හොදම ලමයා කියලා."

"එහෙනම් ඇයි සැන්ටා මගේ ගිෆ්ට් එක විතරක් පරක්කු කරේ?"

"සැන්ටට කුකී කිව්ව දේ අමතක උනාද දන්නේ නෑ. කුකී මොනවද සැන්ටගෙන් ඉල්ලුවේ?"

"ඒක කියන්න බෑ. "

"ඇයි ඒ ?"

"එතකොට සැන්ටා මට ඒක දෙන්නේ නැති වෙයි ඒක."

"මම සැන්ටට  මතක් කරන්නම් කුකි ඉල්ලපු දේ ගැන. මට කියන්න කුකී මොනවද ඉල්ලුවේ. .."

"මම ඉල්ලුවා හ්‍යුන්ග් මගේ විසී කරපු පේන්ට් බ්‍රශ් ටික ආපහු මට හම්බෙන්න කියලයි, තව හ්‍යුන්ග් මම ආර්ට් කරනවට බනින්න එපා කියල හ්‍යුන්ග්ට කියන්නයයි කියලා."

මම කුකී ආර්ට්ස් සබ්ජෙක්ට් කරනවට කැමති උනේ නැත්තේ එයාට ඒකෙන් හොද අනාගතයක් හදාගන්න බැරි වෙයි කියලා බය උන හන්දා. වයස දාසයක් උනාට මම ඒ කාලේ එයාලගේ අප්පා වගේ එයාලගේ ජීවිත ගැන තීරණ අරගෙන එයාලට යන්න ඕනේ පාර කියලා දුන්නා..වයස දාසය වෙනකොට මම ඔම්මා අප්පගෙන් ඈත් වෙලා කුකීයි ටේටෙයි එක්ක තනි උනා..

If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now