19

418 148 8
                                    

2nd update for the day!!




.

ඒත් මම හිතන ඒවා ඒ විදිහටම දෙවියෝ ඉශ්ට කරන්නේ නෑ  ඒ වෙනුවට එයා මට තව ටිකක් බැනුම් අස්සල වෙනදට වඩා පැයක් වැඩත් කරවලා මාව වැඩ වලින් නිදහස් කෙරෙව්වා.  වෙනදා වගෙම බස් එකේ නැගලා බස් එකේ නොනිදා ඉන්න පුලුවන් තරම් උත්සාහ කරන ගමන්  ෆෝන් එක අතට අරගෙන  බල බල ආවේ මග ඇරුන මිස් කෝල්ස් තියනවද කියලා. අප්පාගේ සෙක්ට්‍රිගෙන් තියන මිස් කෝල් එක ගනන් ගන්නේ නැතුවම මම බහින්න ඕනේ බස් හෝල්ට් එකට ආවට පස්සේ ඉක්ම්නටා ගෙදර ගිහින් නිදාගන්න ඕනේ කියලා හිතාගෙන.

මම ගෙදර එනකොට ගෙදර දොර ලග ටේටේ ඉන්නකොට මට කියාගන්න බැරි සතුටක් ආවේ එයා උදේ උන දේවල් අමතක කරලා ඇති කියලා හිතුන හන්දා. මොනවා උනත් ටේටෙට වත් කුකීටවත් මාත් එක්ක තරහා වෙලා ගොඩක් වෙලා ඉන්න  බෑ කියලා මම දැනගෙන හිටියා.

"ටේටේ ඔෆිස් එකේ වැඩ ගො-."

"ඔෆිස් එකේ වැඩ ගොඩක් තිබ්බද ? "

"ඔව් ටේටේ අද වැඩ ගො-.."

"ඒ හන්දද හවස 4.00 වෙනකොට ඔෆිස් එකෙන් ඕෆ් උනේ?"

මම ඉස්සරහට තිබ්බ අඩිය තවත් ඉස්සරහට ගන්නේ නැතුව එහෙමම ටේටේ දිහා බලාගෙන හිටියේ එයාගෙන් ඒ වගේ දෙයක් මම බලාපොරොත්තු උනේ නැති හන්දා. මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි වෙනකොට ටේටේ මගේ ඉස්සරහට ඇවිල්ලා හිට ගත්තා. මට කියාගන්න තේරෙන්නේ නැති මොකක්දෝ හැගීමක්  එයාගේ මූනෙන් පෙන්නනකොට මම ඒක තෙරුම්හන්න පුලුවන්  තරම් උත්සාහ කරා.

"හැමදාම රෑට වැඩ වැඩ කියලා බොරුවටද ඔයා කියන්නේ?"

"ටේ..මම.... මේ..."

"බොරු හදන්න එපා. මම හැමදේම දන්නවා. ඔයා කිසිම දවසක ඔවර් ටයිම් කරලා නෑ. ඒත් ඔයා හැමදාම ගෙදර ආවේ රෑ වෙලා. මහ රෑ වෙලා."

"ටේටේ මම....."

"නවත්තගන්න. ඔයාගේ බොරු නවත්ත ගන්න. "

"ටේ ඒත්..."

"එපා කිව්වනේ. ඔයාගේ බොරු අහලා ඇති වෙලා මට. ඔයා ඇයි බොරු කියන්නේ? ඔයා මොනවද රෑට රෑට කරන්නේ.හැම දාම බොරු කිය කිය යන්න තරම් ඔයා අපෙන් හන්ගන දේ මොකක්ද? ඇයි ඔයාගේ කම්පනි එකේ බොස් අපේ ගෙදර ආවේ?  ඔයා... ඔයා... "

If I'm Your Santa  |  Tae × Jin × Kook   | CompletedWhere stories live. Discover now