Broken 02

261 44 17
                                    

ඒත්!!

ඒත් එක පාරටම ලොකු ටිපර් එකක් වේගෙන් කාර් එක පැත්තට එන්න ගත්තෙ මගෙ කකුල් දෙකත් ඒ වේගෙන්ම කාර් එක පැත්තට දුවද්දි...ඒත්....ම..මන් පරක්කුයි...වේගෙන් ආපු ටිපර් එක කාර් එකේ වදිනවත් එක්කම කාර් එක උඩින් ගිහින් පෙරලි පෙරලි අඩි හය හතක් එහාට ගිහින් වැටුනේ මගේ කකුල් දෙකම පන නැති කරලා...මන් මන් විනාඩි තුනක් හතරක් යනකන් ඒ විදිහටම බලන් හිටියා...මන් දන්නෙ නෑ මොකද්ද උනේ කියලා...මාව වෙවුලනවා...හේයොනා...මේක හීනයක්...නපුරු හීනයක්...ඔයා දැන්ම නැගිටින්න ඕනේ...ඒත් මේක හීනයක් නෙමෙයි නම්...මන් මගෙ වෙවුලන කකුල් දෙකට වාරු වෙලා පුළුවන් තරන් ඉක්මනට ගියේ පෙරළිච්ච කාර් එක ළගට....මොනාද මන් මේ දකින්නෙ....මේක වෙන්න බෑ...ඔම්මා...අප්පා...කුකී....මන් මන් මොකද්ද දැන් කරන්න ඕනේ....මන් මුලින්ම දිව්වෙ ඩ්‍රයිවින්ග් ශීට් එකේ හිටිය අප්පා ගාවට...එයා නිසොල්මන්...තාම මන් අයිස්ක්‍රීම් අරන් එනකන් බලන් ඉන්නවද කොහෙද...

"අප්පා මන් ආවා...ඔයාගෙ හේයොන් ආවා...මේ මන් කුකී ආසම අයිස්ක්‍රීම් ගෙනාවා...ඇ..ඇයි කතා කරන්නෙ නැත්තෙ.....අප්පා....ආ...ම-මන් ඉතුරු සල්ලි දුන්නෙ නැති හින්දද තරහා වෙලා ඉන්නෙ අප්පා....ආ....මෙන්න ඉතුරු සල්ලි...කෝ දැන් මන් දිහා බලන්නකො අප්පා..මන් අප්පටත් එක්ක අයිස්ක්‍රීම් ගෙනවා....අනේ අප්පා චෙබාල්...මන් මන්"

කිසිම අවසරේකින් තොරව මගෙ ඇස්වලින් පෝළිමට කදුළු ගලාගෙන යද්දි මන් එහෙම්ම දිව්වෙ ඔම්මා ගාවට...

"ඔම්මා....බලන්නකො ඔයාව තුවාල වෙලානේ...රතු පාට මොනාද මේ ඔම්මගෙ මූනෙ තියන්නෙ...මගෙ water colours ටික හොරෙන් අරන් මූනෙ ගාගත්තා නේද හොර ගෙඩියා...ඔම්මා අනේ කතා කරන්නකෝ...මන් තරහා නෑ වෝටර් කලර්ස් ගත්තා කියලා...අනේ හේයොන් දිහා බලන්නකො ඔම්මා...මේ....හේයොන් හොදටම අඩනවා......ඔම්මා....අනේ....ආ....මෙන්න මන් ඔම්මටත් අයිස්ක්‍රීම් ගෙනාවා..අප්පා කන්නෙත් නෑ....අනේ ඔම්මවත් කන්නකෝ......කෝ ආ කියන්නකො ඔම්මා..

මන් ඔම්මගෙ උරහිසෙන් අල්ලලා හොල්ල හොල්ල ඔම්මට කතා කළත් ඔම්මා කතා කළේ නෑ...මන්...මන් මොනාද කරන්න ඕනේ...ඔම්මා අනේ කතා කරන්න...මන් ඔම්මා කියන ඕනෙ දෙයක් කරන්නම්....මන් දැක්කෙ මගේ අතේ තියන මින්ට් චොකලට් අයිස්ක්‍රීම් එක....

Without meWhere stories live. Discover now