Broken 40

92 16 36
                                    

"දෙයියනේ කූ.."

හීයක වේගෙන් මන් කූගෙ ඇද ගාවට යද්දි නර්ස් මන් දිහා බැලුවෙ පුදුමෙන්...

"ඔහ්.. ඔය දරුවා මේ ළමයව දන්නවද.."

නර්ස් මගෙන් අහද්දි මන් දෙන්න උත්තරයක් නැතුව ගොලු උනා..

මන් එයාව දන්නවද..

නෑ.. මට වැඩිය දන්න කෙනෙක් ඉන්නවද..

ඒත් එයා මාව දන්නව කියලා විශ්වාසද..

කවදා හරි එයා දැනගත්තොත්..

මාව මරලා දායිද..

නැත්තම් එයාට මාව ලැජ්ජාවක් වෙයිද..

මන් දන්නවා කිව්වොත්...

ඒත්..

නොදන්නවා වගේ හිටියොත් හරිද..

මට දෙන්න උත්තරයක් හිතා ගන්න බැරි උනා..

"මේ මන් අදුරන මල්ලි කෙනෙක්.."

ඔව් මන් එයා අදුරන කෙනෙක්... ඒක තමයි ගැලපෙනම වචනේ.. මන් අදුරන පලියට එයත් මාව දැනගන්න  ඕනෙ නෑනෙ.. මට එයා ගැන හොයන්න බලන්න තහනමකුත් නෑ.. අන්න හරි.. ඒක තමයි ගැලපෙන්නෙ..

"එහෙමද.."

"එ..එයාට තියන අසනීපෙ මො..මොකද්ද මිසී.."

මගෙ ඇස් කලබලෙන් ඒ දෙන්නා අතර මාරු වෙද්දි මිසී මගෙ දිහා බැලුවෙ හිනා වෙලා..

"අයියෝ ඔය දරුවට බය වෙන්න දෙයක් නෑ.. පොඩි ඔලුවෙ කැක්කුමක් තියන්නෙ මෙයාට.. කොහොමත් දවසට එක පාරක් හරි නැති ලෙඩක් හදන් මෙතන ඇදක් උඩ නිදා ගත්තෙ නැත්තන් කොල්ලට සික් එක වගේ.."

මිසී හිනා වෙවී කියද්දි මන් ඔලුවෙ අත ගහගත්තා.. ඒ කියන්නෙ මේ කොල්ලා හැමදාම බොරුවට මේක අස්සෙ නිදාගන්නවද.. මොනා උනත් අසනීපයක් නෑ කිව්ව එකට මෙච්චර වෙලා හිතේ තිබ්බ බය නැති වෙද්දි මන් මිසී දිහාට හැරුනෙ මගෙ අහින්සක මල්ලියගෙ කැරැක්ටරේ දැනගන්න..

"ඒ කියන්නෙ මෙයා හැමදාම මෙහෙමද.."

මන් කුකීට රවලා මිසීගෙන් අහද්දි මිසී හිනා උනා..

"මට පේන විදිහට මෙයා ඔය ළමයට ළගම කෙනෙක් වගේ.."

"ඒ.. ඒක මේ.."

Ai ajuns la finalul capitolelor publicate.

⏰ Ultima actualizare: Jan 22 ⏰

Adaugă această povestire la Biblioteca ta pentru a primi notificări despre capitolele noi!

Without meUnde poveștirile trăiesc. Descoperă acum