Broken 07

197 41 22
                                    

කැශියර් එක ළග බිත්තියෙ තිබ්බ කණ්ණාඩියෙන් මන් දැක්කෙ මගේම රූපේ....

ඔව් මට ඒකෙන් වැඩක් නෑ...මන් අත් දෙක ගෙනිච්චෙ මගේ කන් දෙකට...කනේ තිබ්බ කරාබු දෙක ගලවලා මන් කැශියර් එක උඩින් තිබ්බම අජුම්මත් පුදුම උනා...

"මේ ටික දුන්නොත් මාලෙට සල්ලි ඇති වෙයිද අජුම්මා..."

අජුම්මා මන් දිහා පුදුමෙන් බලන් ඉන්නවා....ඔව්....මන් දන්න එකම දේ මේ මාල දෙකට වැඩිය මගෙ කරාබු දෙක වටිනවා කියන එක විතරයි...අජුම්මා මගෙ දිහාම බලාගෙන හිමීට කරාබු දෙක අතට අරන් බැලුවා...ටික වෙලාවක් ශොක් වෙලා වගේ ඉදලා ආයෙත් මන් දිහා බලලා...

"අහ්ම්...අහ්ම්.....මේක එච්චර වටින්නෙ නම් නෑ..ඒත් කමක් නෑ මන් ඔයාට මාල දෙක දෙන්නම්කෝ"

එයා එහෙම කියලා කරාබු දෙකත් එතන තිබ්බ බොක්ස් එකක් ඇතුළට දාලා මාල දෙක පැක් කරන්න ගත්තා....එයා පැක් කරපු බොක්ස් එක මගෙ අතට දෙද්දි මාත් ඔයාට ඔලුව නමලා ආචාර කරලා බොක්ස් එක්ත් බෑග් එකට දාගෙන ගෙදර යන්න හැරුනා...මට සතුටුයි....කොහොම හරි මන් කුකීට තෑග්ගක් ගත්තනේ...මන් බෑග් එකත් වන වන ඇවිල්ලා හිට ගත්තෙ ගෙදර දොර ඉස්සරහින් හවස හයත් පහත් පහු වෙලා....මන් හිමීට දොරේ ලොක් එක පාත් කරලා සද්දයක් ඇහෙන්නෙ නැති වෙන්න රූම් එකට ගියේ වැරදිලැවත් මගෙ සද්දෙ ඇහිලා සාලෙ නිදාගෙන ඉන්න මාමා ඇහැරෙයි කියලා බය හිතුනු නිසා"

මන් කෙළින්ම ගියේ කුකීගෙ රූම් එකට....මන් රූම් එකේ දොර ඇරලා ඇතුළට යද්දි කුකී කොට්ටෙකුත් බදාගෙන නිදි.....අනේ නිදා ගත්තම හා පැටියෙක් වගේ....මන් කුකීගෙ එහාපැත්තෙන් ඇදේ වාඩි වෙලා කුකීගෙ ඔලුව අත ගෑවා....

"කුකී පැටියා...කෝ නැගිටින්න මැණික...අද උපන්දිනේ නේද...බර්ත්ඩේ බෝයිලා මෙහෙම පස්ස උඩ දාන් දොයියන්නෙ නෑනේ"

හීන් කෙදිරියක් එක්ක කොල්ලා ලාවට ඇස් අරිද්දි මාව දැකපු ගමන් එක පිම්මට මගෙ කරට පැන්නා.....

"නූනා........"

"හැපි බර්ත්ඩේ කුකී මැණික...."

සිය වෙනි වතාවටත් මන් කුකීට විශ් කලා....කුකීට කපන්න ගත්ත චූටි කප් කේක් එකට ඉටිපන්දමකුත් ගහලා ඒක කුකී ඉස්සරහින් තිබ්බා....මියානේ කුකී නූනාට මීට වඩා ලොකු කේක් එකක් කපන්න බැරි උනාට....කුකී ඇස් දෙකත් බෝල කරන් මන් දිහා බැලුවෙ මේක මටද කියලා අහන්න වගේ....

"මියානේ කුකී...නූනා ඊළග පාර මීට වඩා ලොකු කේක් එකක් අරන් දෙන්නම්කො"

වැටෙන්න නලියන කදුළු හන්ග ගන්න ගමන් මන් කුකීට කියද්දි කුකී තද කරලා මාව බදාගත්තා....

"කුමාවෝ නූනා.......මට මේ වැඩිත් එක්ක"

කියලා මන් දිහා බලලා හිනා උනා....මන් ඔයාව කොහොම හරි බලාගන්නවා කුකී...ඒක මන් මට වෙන පොරොන්දුවක්...කප් කේක් එක ඇද උඩින් තියලා කුකීව මගෙ ඔඩොක්කුවට අරන් මන් හැපි බර්ත්ඩේ සෝන්ග් එක කියද්දි කුකීත් හිනා වෙවී අත්පුඩි ගැහලා ඉටි පන්දම නිව්වා...මන් හිතන්නෙ ඔම්මා කෙනෙක්ට ළමයි ගැන දැනෙන්නෙ මට දැන් කුකී ගැන දැනෙන විදිහට වෙන්න ඇති...කප් කේක් එක දෙකට කපලා මන් කුකීට කෑල්ලක් කැව්වා....අනේ මගෙ හා පැටියා රස කර කර කේක් කෑල්ල කනවා....අනේ මගෙ කුකීට මන් ඉක්මන්ටම තව මේ වගේ රස කෑම අරන් දෙන්නම්කො.....කුකීත් කේක් කෑල්ලක් ඒ චූටි අත් වලට අරන් මගෙ කටට ලන් කලා.....මාත් ඒකෙන් චූටි කෑල්ලක් කාලා ආයිමත් ඒක කුකීට කැව්වෙ කුකී පැණිරහ කන්න දෙයියෙක් නිසා....මන් මගෙ බෑග් එක ගාවට ගියේ මන් කුකීට ගත්ත මාලෙ තිබ්බ බොක්ස් එක ගන්න....ඒත් එතකොටම වගේ දොර ඇරන් ආවේ මාමා...මන් බොක්ස් එක ආපහු ඇතුලට දාලා දිව්වෙ කුකී ළගට...ඒත් ඊට කලින් අර මිනිහා මගෙ කොණ්ඩෙන් අල්ල ගත්තා....

"කොහෙද තෝ දුවන්නෙ....මෙච්චර කල් ඉවසුවා මදිද තොට දැන් ලෑස්ති වෙයන් මගේ වෙන්න බැ%$#"

ඌ බීලා....කෙලින් ඉන්න පන නැති වෙන්න බීලා......හහ්....ඌ හිතන් ඇති මන් උගෙ පදේට නටයි කියලා.....

"අත ඇරපන් මිනිහෝ මාව.....මන් තෝව පොලිසියට අල්ලලා දෙන්න කලින් පලයන්"

ඒත් එක්කම මගෙ කන හරහා වැදිච්ච පාරත් එක්ක මන් විසික් වෙලා ගිහින් බිමට වැටුනා....මට බැලුනේ කුකී දිහා.ඒ බෝල ඇස් වල කදුළු....ඒ වගේම වෛරය...

"පුළුවන් දෙයක් කරපන් ඉතින්.....තොට බෑ හැමදාම මාව බය කරලා තියාගන්න..."

ඌ මාව ඇදලා අරන් බලෙන් කිස් කරන්න පටන් ගත්තා....මන් පුළුවන් උපරිම ශක්තියෙන් ඌගෙන් බේරෙන්න දැගලුවා...





"ඒයි පො$#% අත ඇරපන් මගෙ නූනව"

.

,

.

~By crazyarmygirls~

__________________________

ඔන්න අද ඩබල් අප්ඩේට් ළමයි..
Kim_soo_vinමෙයැයි හින්දා තමයි ඕන් දෙන්නෙ...😌🔥

vote & comment pls

To be continued~

Without meWhere stories live. Discover now