Broken 10

201 39 15
                                    


නූනා කිව්ව හින්දා මන් මෙච්චර කල් ඔම්මටයි අප්පටයි ඩිස්ටර්බ් නොකර හොද ළමෙක් වගේ හිටියනේ....තවත් බෑ නූනා.....අපි එයාලට කියමු...කෝ ෆෝන් එක....."

මගෙ පපුව හිල් වෙලා යන්න වගේ රිදෙනවා..ඇස් දෙකෙන් ඔහේ කදුළු ගාලාගෙන යනවා......මන් මොනාද දැන් මගෙ කූට කියන්නෙ.....ඔයාගෙ කෝල් එක ඔම්මටයි අප්පටයි ආන්සර් කරන්න බෑනෙ මගෙ කුකී පැටියෝ....තවත් හන්ගන් ඉදලා වැඩක් තියේද....අද බැයිනං කවදා හරි ඔයා එයාට ඇත්ත කියන්න ඕනෙ හේයොනා....ඔයා දැන් ශක්තිමත් වෙන්න.....මන් බැලුවෙ ෆෝන් එක අතේ තියන් ඔළුවත් කස කස ඔම්මගෙ නම්බර් එක මතක් කරන්න දගලන කුකී දිහා....එහෙට ඇවිදඇවිද මෙහෙට ඇවිදඇවිද කොච්චර මතක් කරලා නම්බර් එක ගැහුවත් ඒක ආන්සර් කරන්න ඔම්මවත් අප්පවත් නෑ කියලා මන් ඒ රෝස මල දිහා බලන් කියන්නෙ කොහොමද.....අමාරුවෙන් නැගිටලා කුකී ගාවට යන්න හැදුවත් මන් නැගිටිනවා දැක්ක කුකී මන් ගාවට දුවන් ආවෙ නූනාට නැගිටින්න හොද නෑ කිය කිය කෑ ගහන ගමන්....

"නූනා....ඔයා ඇදට වෙලා ඉන්න ඕනෙ නැගිටින්න එපා....නැගිට්ටොත් දෙන්නෙ ගුටි.."

"අහ්ම් අහ්ම්....මේ දරුවන්ගෙ භාරකාරයා කවුද...මට පුළුවන් ද එයාත් එක්ක ටිකක් කතා කරන්න......"

ඩොක්‍ටර් කෙනෙක් ඇවිල්ලා අහද්දි කුකී ෆෝන් එකත් අතේ තියන් කෝල් ගන්න ට්‍රයි කරනවා.....

"ආහ්....ඩොක්ටර් අන්කල්...මන් මේ ඔම්මට තමයි කෝල් කරන්නෙ.....පොඩ්ඩක් ඉන්නකෝ...නූනා ඔම්මා ආන්සර් කරන්නෙ නෑනේ.... එයාට වැඩ වැඩි ඇති.....කමක් නෑ ඩොක්ටර්...මන් තමයි නූනාගෙ ඔප්පා...මට පුලුවන් එයාව බලාගන්න ඔම්මයි අප්පයි එනකන් ඉතින් මන් තමයි එයාගෙ භාරකාරයා......"

අත් දෙකත් එහෙ මෙහෙ විසික් කර කර පැහිච්ච විදිහට කතා කරන මේ දගමල්ල දකිද්දි මට හිතුනෙම ඔම්මා දැන් හිටියනම් කියලා.....අනේ මගෙ චූටි කුකී දැන් ලොකු වෙලා....

"හරි හරි....කොහොමත් මේ පැහිච්ච චණ්ඩි කොල්ලානෙ ඉතින් නූනව බේරගත්තේ"

හිනා වෙවී කුකීගෙ ඔළුව අතගාපු ඩොක්ටර් ඊළගට මන් දිහා බලලා මුමුනපු දේ තේරිච්ච ගමන් මගෙ ඔලුව පහලට බර උනා.....මන් හිතන්නෙ එයාට ඒක තේරෙන්න ඇති......

Without meΌπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα