Broken 06

195 42 17
                                    

මේ දේවල් එක්ක මාව ආපහු අතීතෙට ඇදිලා යන්න වැඩි වෙලාවක් ගියෙ නෑ...

කුකී කෝමා එකෙන් නැගිටලා අවුරුදු දෙකක් යනකන් මන් ඒ ගෙදර ඉදන් අප්‍රමාණ දුක් වින්දා...හැබැයි කවදාවත් ඌට මට අත තියන්න මන් ඉඩ දුන්නෙ නෑ...කුකී ටික ටික ලොකු උනා...මගෙ පෙයින් කිලර් එක....මට කොච්චර රිදුනත්,තුවාල උනත් මාව සනීප කරන්න ඒ පෙයින් කිලර් එකම ඇති උනා...

කුකී නැගිටලා දැනට අවුරුදු දෙකකුත් ගිහිල්ලා...අද කුකීගෙ පහළොස්වෙනි බර්ත් ඩේ එක....ඔම්මගෙයි අප්පගෙයි තුන්වෙනි මරණ සන්වත්සරය...මන් උඩට ගත්ත ලොකු හුස්මක් පහළට දැම්මෙ මේ කරදර ඉවර වෙනවනම් කියලා හිතලා...ඒත් ඒවා කවදා ඉවර වෙයිද කියලා හරියටම දන්නෙ දෙයියෝ තමයි

.

.

.

ඔම්මා මන් ආවා....අප්පා පරිස්සමෙන් ඉන්නවා නේද...මන් හිටියෙ මගෙ ඔම්මගෙයි අප්පගෙයි සොහොන් කොත් දෙක ඉස්සරහා....මියානේ ඔම්මා මට කුකීව ඔයාලව බලන්න එක්කන් එන්න බැරි උනා....අවුරුදු තුනකුත් ගිහිල්ලා ඒත් තාම ඔයාලගෙ දූට කුකීට ඔම්මයි අප්පයි ගැන කියන්න හයියක් නෑ ඔම්මා...ඔයාලගෙ හේයොන් මහ දුර්වලයෙක් ඔම්මා....වේ ඔම්මා එහෙම උනේ...ඇයි එදා මන් හිටිය තැන ඔය තුන් දෙනා ඉදලා ඔය තුන් දෙනා හිටිය තැන මට ඉන්න බැරි උනේ...ඔම්මා දන්නවද ඔම්මා මාමා මට රිද්දනවා....මන් කොහොමද ඔම්මා තවත් මේවා ඉවසන් ඉන්නෙ.....ආයෙත්....ඔව් ආයෙත් මන් අඩනවා....මට අඩන්න ඕනේ නෑ...ඒත් මගේ පාලනයෙන් තොරව කදුළු පෝළිමට ගලාගෙන යනවා....මියානේ ඔම්මා,අප්පා....මෙච්චර කල් ඔයාලව බලන්න නෑවිත් ඉදලා ආපු වෙලාවෙත් දුර්වලයෙක් වගේ අඩනවට.....මට වෙන අඩන්න තැනක් නෑ ඔම්මා.....අප්පා මන් ටිකක් ඔයාට මෙහෙම තුරුල් වෙලා ඉන්නද...මන් අප්පගෙ සොහොන් කොත බදාගෙනම කතා කළා...කාගෙවත් බාධාවකින් තොරව නිදහසේ මන් පැය ගානක් ඒ සීතල සොහොන් කොත් දෙක බදාගෙන ඇඩුවා...මට එතන උණුහුමක් දැනුනේ නෑ...මගෙ ඔම්මගෙයි අප්පගෙයි උණුහුම ඒ සොහොන් කොත් දෙකට දෙන්න බෑ...ඒ වගේම ආරක්ෂාවත්....මන් දුර්වල ඇති ඒත් කවදාවත් වැටෙන්නෙ නෑ...

මන් එතනින් නැගිටලා කදුළු පිහිදාගෙන කෙලින්ම ආවේ ටෝයි ෂොප් එකකට....මන් අර මිනිහා මට කන්න කියලා දීපු හිච්චමත් අතේ ගුලි කරගෙන ටෝයි ෂොප් එක ඇතුලට ගියා....එතන ලස්සනයි...මගෙ ඇහැ ගියේ අයන් මෑන් බෝනික්කෙක් ලගට....ඇත්තටම කුකී කියන්නෙ ටෝනි ස්ටාර්ක්ටත් වඩා අයන් මෑන්ට ආදරේ කරන කෙනෙක්....සෙරප්පු සපත්තුවල පවා ඔක්කොගේම හිටියෙ අයන් මෑන්...අයන් මෑන්ගෙ අන්ඩර්වෙයාර් තියනව නම් මේකා ඒවත් අදිනවා...ඒත් ඔම්මයි අප්පයි නැති උනාට පස්සෙ කුකීට ඒ මුකුත් අරන් දෙන්න මට සල්ලි තිබුණෙ නෑ...ගිය පාර උපන්දිනේටත් කුකීට මුකුත් අරන් දෙන්න බැරි උන නිසා මේ අවුරුද්දෙ ගිෆ්ට් එකක් ගන්න මන් මාමා මට කන්න කියලා දීපු සල්ලි මාසෙක විතර ඉදන් ඉතුරු කලා...දවසකට වේලක් කෑවේ නෑ කියලා මනුස්සයෙක් මැරෙන්නෙ නෑනේ...මන් ඒ අයන් මෑන් බෝනික්කව අතට ගත්තත් ගාණ දැකලා තරු විසික් උනා....මේ බෝනික්කා මෙච්චර ගණන්ද...මන් කොහොමද කුකීට මේක අරන් දෙන්නේ....මගේ ඇස් වලට කදුළු පිරුණා...මන් මොකද්ද දැන් කරන්නෙ...

මන් ඒ බෝනික්කව ගත්ත තැනින්ම පරිස්සමට අරන් තියලා ආයිත් ටෝයි ශොප් එක වටේම බැලුවේ අඩු ගාණකට මොනාද තියන්නෙ කියලා බලන ගමන්...එතන තිබ්බෙ චූටි සුදු යකඩ මාලයක්....මන් ඒක අතට අරන් බැලුවා...ලස්සනයි....වරදක් නෑ...ඒකත් අතට අරන් මන් කැශියර් එක ළගට ආවේ ඒක බිල් කරන්න කියලා හිතන්...

"අජුම්මා....මට මේ මාලෙ පැක් කරලා දෙනවද...."

මන් මාලෙ අජුම්මගෙ අතින් තියන ගමන් ඇහුවා....

"අනේ දරුවෝ....මේක කපල් නෙක්ලස්ට් එකක් නේ....එකක් අරන් මොනා කරන්නද"

එකක් අරන්......මන්.....මොනා කරන්නද....වෙන මොනා කරන්නද ඒක කුකීගෙ බෙල්ලට දනවා මිසක්....

"අජුම්මා අනේ ඕකෙන් එකක් දෙන්න බැයිද මට දෙකක් ගන්න සල්ලි නෑ"

මන් අජුම්මගෙන් බැගැපත් විදිහට ඇහුවා....

"එහෙම දුන්නොත් මන් කොහොමද අනිත් එක විකුණගන්නෙ දරුවෝ..."

ඔව්....අජුම්මගෙ කතාව ඇත්ත...මන් වගේ වැඩකට නැති කාලකණ්ණි කෙල්ලෙක් නිසා අජුම්මට පාඩු කරගන්න බෑනේ...

කැශියර් එක ළග බිත්තියෙ තිබ්බ කණ්ණාඩියෙන් මන් දැක්කෙ මගේම රූපේ....

.

.

.

~By crazyarmygirls~

_________________

Vote and comment pls

To be continued~

Without meWhere stories live. Discover now