Broken 24

179 37 16
                                    


"මො..මොකක් සස්පෙන්ඩ් කර..නවා"

මට නිකම්ම බැලුනෙ කුකීගෙ මූන දිහා..මන් කුකී දිහයි ප්‍රින්සිපල් සර් දිහයි මාරුවෙන් මාරුවට බැලුවෙ ඒ කිව්ව දේ ඇත්තක්ද කියලා තහවුරු කරගන්න..

"ඒත් සර්..කුකී.."

"සොරි මිස් මේක විනය කමිටුව ගත්ත තීරණයක්.."

මන් ආයිත් කුකී දිහා බලලා එයාට ඔලුවෙන් සන් කලේ එලියට යන්න එන්න කියලා..
.
.
.
__________________________

"මොන අපරාධයක්ද මූ මගෙ අහින්සකයට කලේ දෙයියනේ..."

"මන් සාප කරනවා උබට...හොදක් වෙන්නෙ නෑ මගෙ කොල්ලට කරපු අපරාදෙට..."

මන් මෙතනට ආපු වෙලේ ඉදන් මට අහන්න ලැබුනෙම ඔය වගේ දේවල්...

""ඒ වගේම මතක තියාගන්න මිස් මෙතන අඩුවෙන්ම තුවාල වෙලා තියන්නෙ ඔයාගෙ ළමයට කියන එකත්.."

ප්‍රින්සිපල් සර් කිව්ව දේවල් මට හරියටම තේරුම් ගන්න පුළුවන් උනේ මෙතනට ආවට පස්සෙ..අපි මෙඩි යුනිට් එක ඇතුලට යන්නත් කලින්ම ඇතුලෙ ඉදන් එළියට ආපු ගෑනු කෙනෙක් අඩාගෙනම මගෙ කුකීගෙ කොලර් එකෙන් අල්ලන් සාප කරන්න ගත්තා...එයාලත් දෙමව්පියො..මගෙ කුකීට මෙහෙම වෙද්දි මට මෙච්චර දුකක් දැනුනනං අතක් පයක් කැඩිච්ච එයාලගෙ දරුවො දැක්කම ඒ අම්මලා කොහොම දරාගන්නද..

"මන් මේ වෙච්ච හැමදේම වෙනුවෙන් ඇත්තටම සමාව ඉල්ලනවා.."

මන් ඒ හැමෝටම බව් කර කර කියද්දි ඒ අම්මලාගෙ ඇස් කේන්තියෙන් රතු උනා..

"ඔක්කොම කරලා සමාව ඉල්ලුවහම හරිද ගෑනියේ.."

චටාස්!!

කන හරහා වැදුනු කම්මුල් පාරෙ සැරට මගෙ ඇස් දෙකට කදුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ...

"ඔයාගෙ පුතාට ගැහුවෙ මම නං මට ගහනවා මගෙ නූනට අත තියන්නෙ නැතුව..."

කුකීගෙ ඇස් රතු වෙලා...ඒ ඇයි කියලා මන් දන්නවා..එයා මගෙ අතින් ඇදලා මාව එයා ගාවට ඇදලා ගන්න හදද්දි මන් ඒ අත ගසලා දාලා එයාගෙන් ඈත් උනා..

"නූ..නා.."

ඒ ඇස්වල කදුළු...

"කුකී මේ අයගෙන් සමාව ගන්න...මේ දැම්ම..."

"නූ..නා.."

"මන් ආයි ඔයාට අමුතුවෙන් බුලත් දීලා කියන්න ඕනෙද..."

"මට...මට බෑ..."

ඇයි කුකී ඔයා මෙච්චර මුරණ්ඩු...

"මට ඇත්තටම කනගාටුයි.."

මන් ආයිත් එහෙම කියලා එයාලා ඉස්සරහා දෙකට නැමිලා බව් කරා..

"උබ කොහොමද ගෑනියෙ මෙතන්ට ඇවිල්ලා අපෙන් සමාවවත් ඉල්ලන්නෙ...අඩුම තරමේ මූට අපෙන් සමාව ගන්නවත් ඕනෙ නෑ..."

"සමාව ගන්න තරම් මන් වැරැද්දක් කලේ නෑ...ඒ ගොල්ලොයි මේක පටන් ගත්තෙ.."

"කුකී..."

මන් කුකී දිහා තරහින් බලද්දි එයා ආයි බිම බලාගත්තා..

"පේනවනේ..මූම මගෙ කොල්ලගෙ අත කැඩුවා මදිවට කියව ගෙනත් එනවා..මන් මේ බ%#ට විරුද්ධව නඩු දානවා.."

"මිස් මේ...මන් මෙච්චර වෙලා හොදින් කතා කලා වගේම ගොඩාක් ඉවසුවා..මන් දන්නවා ඔයාගෙ පුතාට ඔහොම කලේ මගෙ මල්ලි කියලා ඒත් එයා කිව්වා වගේ එක කොල්ලෙක්ට කරදර කරන්න කොල්ලො තුන්දෙනෙක් එක්කන් ආවෙ වෙන කවුරුත් නෙමෙයි ඔයාගෙ පුතා...මගේ කොල්ලට ගොඩක් අමාරු නැති උන පලියට මේක ඔයාහෙ පුතා පටන් ගත්තා කියන එක වෙනස් වෙන්නෙ නෑනෙ...මන් කට වහන් හිටිය කියලා ඔයාගෙ පුතාව සුදු චරිතයක් කරගන්න හදන්න එපා..ඔයාට ඕනෙනං නඩුවක් දාන්න හැබැයි මතක තියාගන්න ඒ වෙච්ච හැමදේම රෙකෝඩ් වෙලා තියනවා කියලා"

"ඒ පාර උබත් මාත් එක්ක කට ගහනවද..තෝ ගෑනි.. මන් ඔක්කොටම කලින් තෝව බාවනවා... ඒක දැන ගෙන හිටපන්.."

හහ්...මාව බාවන්න...

"මමනේ ගැහුවෙ...ඇයි නූනත් එක්ක පැටලෙන්න හදන්නෙ...මේවට මගෙ නූනව ගාවගන්න එපා.."

ඒක කීමකට වැඩිය අණක් වගේ..

"කුකී නවත්තගන්න.."

"පේශන්ලට සිහිය ඇවිල්ලා.."

ඇතුලෙ හිටපු නර්ස් කෙනෙක් ඇවිල්ලා කියද්දි ගුටි කාපු ලමයින්ගෙ අම්මලා අපිවත් පෙරල ගෙන මෙඩි යුනිට් එකට යද්දි මායි කුකීත් ඒ පස්සෙන් ඇතුලට ගියා...

මාත් එක්ක මරාගන්න හදපු ගෑනු කෙනා අඩාගෙන ගිහිල්ලා මුළු අතම බැන්ඩේජ් කරන් ඉන්න කොල්ලෙක්ව බදාගෙන අඩන්න පටන් ගත්තා...මාත් සමාව ගන්න කියලා හිතාගෙන ඒ කොල්ලා ලගට යද්දි මන් දැක්ක දෙයින් ශොක් උනා...

"කුකී ඒ ළමයි..ඒ..ඒගොල්ලෝ.."

.
.
.

~By crazyarmygirls~

_________________________

Vote & comment pls~

To be continued~

Without meWhere stories live. Discover now