Broken 25

216 35 28
                                    

ඒ ඒගොල්ලෝ...එදා අපි අයිස්ක්‍රීම් කන්න ගිය දවසෙ හම්බුන කොල්ලො ටික...

"කුකී මොකද්ද උනේ..ඇයි මේ කොල්ලො ටිකත් එක්ක ගහගත්තෙ.."

"නූ..නා අපි ගෙදර යමුකො...මන් කි..යන්නම් හැමදේම.."

"අවංකවම මන් සමාව ඉල්ලන්වා..ආයි මෙහෙම දෙයක් කවදාවත් වෙන්නෙ නෑ..ප්ලීස් ලොකු ළමයි අතර වෙන රණ්ඩුවලට අපි මේ පාර විතරක් යන්න දෙමු..මට කණගාටුයි.."

මන් දහ අතේ වැදලා කොහොම හරි ඒ දෙමව්පියන්වත් ශේප් කරගෙන කුකීවත් එක්කන් ගෙදර ආවා...මේ ගෙදර ආපු වෙලාවටම කුකී මන් දිහා කෙලින් බැලුවෙ නෑ...මොනා උනත් කුකී මේ විදිහෙ දග කරන ළමෙක් නෙමෙයි..අනිත් එක ඒ කොල්ලො ටිකත් එච්චර හොද කොල්ලො නෙමෙයි කියලා දැක්ක ගමන් කියන්න පුළුවන්....මන් ගෙදර ආපු ගමන් කුකීවත් ගණන් නොගෙන මගෙ නෑ අපේ රූම් එකට ආවෙ අදවත් චූටි හරි පනිශ්මන්ට් එකක් දෙන්න ඕනෙ හින්දා..

"නූනා... අ..අපි කතා කරමුකෝ.."

මගෙ දොරට නොක් කරන ගමන් කුකී මට කතා කරනවා...මන් වචනයක්වත් කතා නොකර රූම් එකේ දොර ඇරලා කුකීව ඇතුලට ගත්තා..

"නූනා..."

"ම්ම්ම්ම්..."

"මාත් එක්ක තරහද"

"ම්හූ.."

"නූනා මොනහරි කියන්නකො..නැත්තන් මට බනින්නකෝ..."

"හ්ම්ම්"

"දෙයියන්ගෙ නාමෙට කතා කරන්නකෝ නූනා.."

"කුකී මට බඩගිනී"

"මොකක් කිව්වා.."

"මට බඩගිනී කුකී හරිම මහන්සී මට.."

"ඉන්න මන් අපි දෙන්නට කන්න රාමෙන් දෙකක් හදන් එන්නම්.."

කුකී ඇද උඩින් නැගිටලා යන්න යද්දි මන් ඒ අත තද කරලා අල්ලගත්තා..මුලු මූනම තලාගෙන මදිවට පණ්ඩිත පප්පා වගේ රාමෙනුත් හදන්න ලෑස්තිය...නසරාණි පොඩි එකා...

"මෙන්න මෙහෙ ඉන්නවා පාඩුවේ පැත්තකට වෙලා...ශෝ දාන්න ගිහින් මූනත් චප්ප කරගෙන මදිවට එනවා මෙතන රාමෙනුත් හදන්න.."

මන් කුකීට ටොක්කකුත් ඇනලා රූම් එකේ තිබ්බ බෙහෙත් පෙට්ටියත් අතට අරගෙන කුකී ගාවින් වාඩි උනේ බිත්තර ආප්පේ වගේ තියන මූනට බෙහෙත් ටිකක් ගාන්න...

Without meМесто, где живут истории. Откройте их для себя