Broken 15

203 38 3
                                    

"කූ ...කී එ එයා පැ..නලා ගි..හිල්ලා"

මන් අමාරුවෙන් වචන පටල පටල කියද්දි ඒ ගෑනු කෙනා මන් දිහා ටික වෙලාවක් බලන් ඉදලා...

"බෝයිස්....ඒ කොල්ලාව හොයන්න"

අර ගෑනි එහෙම කියද්දි එතන හිටපු උස මහත යෝධයෝ ටික ගෙදර අනිත් පැත්ත ගගහා කුකීව හොයන්න පටන් ගත්තා...සාලෙ සෝෆා ඇද ඇද කිචන් එකේ පැන්ට්‍රි අස්සෙ තිබ්බ බඩු එලියට විසික් කර කර ඒ තඩියො ටික මගෙ කුකීව හොයනවා...අනේ මගෙ පන...ඔහොම්මම හැන්ගිලා ඉන්න කුකී..ඒත් එක්කම මගෙ ඉහින් කනින් දාඩිය බේරෙන්න ගත්තෙ එක තඩියෙක් මගෙ කාමරේට යනවා දැක්ක නිසා....මන් ඉක්මනට එයා පිටිපස්සෙ ගියේ අනේ මගෙ කුකීව බේරලා දෙන්න කියලා දෙවියන්ට දහස් වරක් කන්නලවු කරන ගමන් ඒ තඩියා මගේ කාමරේ ඇදන් යට ඉදන් හැමතැනම සර්ච් කරද්දි මට හීන් දාඩිය දැම්මා...අනේ දෙවියනේ මගෙ කුකීව අහුවෙන්න නම් එපා....

"මෙච්චර බලලා තවත් මොනාද හොයන්නෙ....මන් එක පාරක් කිව්වනේ එයා පැනලා ගියා කියලා..එයා මෙහෙ නෑ"

මන් මට පුළුවන් උපරිම සද්දෙන් කෑ ගහුවත් එයාලා නෙමෙයි මන් දිහා ඇහැක් ඇරලා බැලුවේ...කාමරේ හිටපු තඩියගෙ අත අල්මාරියට යද්දි මාව වෙවුලන්න ගත්තා....අනේ මගෙ කුකී...

එක පාට්ටම අල්මාරියෙ දොර ඇරපු ඒ තඩියා හා පැටියෙක් වගේ හැංගිලා හිටිය කුකීව කොලර් එකෙන් අල්ලලා එළියට ඇදලා ගත්තා...පුළුවන් ඉක්මනට ඒ මිනිහගෙ අත ගසලා දාපු කුකී කෙළින්ම ආවෙ මගෙ පිටිපස්සට...

"එයා පැනලා ගියේ අල්මාරියට වෙන්න ඇති නේද"

මගේ දිහා භයානක විදිහට බලන් හිටපු අර අජුම්මා කියද්දි එයාට දෙන්න උත්තරයක් මන් ලග තිබ්බෙ නෑ..

"දැන්වත් ඔය ළමයා අපේ රාජකාරියට බාදා නොකර ඉන්න"

එහෙම කියපු අජුම්මා බැලුවෙ මගෙ පිටිපස්සෙ හැන්ගිලා ඉන්න කුකී දිහා...මන් කුකීව තව ටිකක් කව‍ර් කරගත්තෙ මොන දේ උනත් මන් පන පිටින් ඉද්දි කුකීට මේ ගෙදරින් එක අඩියක් එළියට තියන්න දෙන්නෙ නෑ කියලා ඒ අජුම්මට ඒත්තුගන්නන්න...

"මේ ළමයව අහකට කරනවා"

ඒ අජුම්මා අර තඩියොන්ට කියද්දි ඒ ගොල්ලො ටික ටික ඉස්සරහට එන්න පටන් ගන්නවත් තෙක්කම මන් කුකීවත් පස්සට කරන් අඩියෙන් අඩිය පිටිපස්සට යන්න පටන් ගත්තා...මන් ගාවටම ආපු තඩියෙක් මගෙ අතින් අල්ලලා පැත්තකට විසික් කරද්දි මාව විසික් වෙලා ගිහිල්ලා ඇද විට්ටමේ ඔළුව වැදුනා...

Without meWhere stories live. Discover now