Broken 31

210 38 29
                                    


"මොකක්!!"

"කොහොමද ඔයාට ඌව හම්බුනේ"

"ඒ...මේ කුක්.."

"නූ...නා ඔයා හොදින්ද...ඌ ඔයාට මොනා හරි කලාද..මන්..මන් ඌව මරනවා.."

මෙච්චර වෙලා තරහෙන් දිලිසෙච්ච ඇස්  එකපාරටම කලබල වෙද්දි ඒ ඇස් මගෙ ඇගපුරාම දුවන ගමන් කුකී මාව හරව හරව බැලුවෙ මට කරදරයක් වෙලාද කියලා..

"අනියෝ කුකී නන් ග්වෙන්චනා..."

"අනී..මන් ඌව ඉතුරු කරන්නෙ නෑ..ආයිශ්..."

වටේම බඩුමුට්ටු පොලේ ගගහා ඒ පාර ඒවයින් පලි ගන්න හදනවා..ඌ මට මොනහරි කරන්නත් මාව අදුරගන්න එපැයි..කොහෙද ඉතින් මන් ඒක මෙයාට කියලා කන පලාගන්න ඕනෙ නෑනෙ..අපරාදෙ මන් මේ යකාට ඒ ගැන කිව්වෙ...

"යා ජියොන් ජන්ග්කුක්..මන් කිව්වනෙ මන් හොදින් කියලා..ඒ මිනිහා මට මුකුත් කරන්නෙ කොහොමද මහ සෙනගක් මගෙ වටේ ඉද්දි..."

"අදට අත අරින්නංකො මන්...ඔයා හොදාකාරවම දන්නවනේ නූනා ඌ මොන වගේ එකෙක්ද කියලා..හැබැයි ආයි ඌ ඔයාගෙ කෙස් ගහකට හරි අත තියලා තිබ්බොත් මන් ඌව කෑලි කපනවා.."

පුහ්..ඇයි එයා සුපර් මෑන්ද...නාකි උන්ව මරන්නයි පොඩි උන්ව දණ ගස්සන්නයි...හිතන් ඉන්නෙ හෙන ලොකුයි කියලද දන්නෙ නෑ..වයසට නෙමෙයි ටෝක් දෙන්නෙ..තියන ලොකුකම විතරක්..

"අරක පොඩ්ඩක් ලොකු උනා කියලා හිතන් ඉන්නෙ මහ මිනිහෙක් කියලද දන්නෙ නෑ.."

"ලොකුයි කිව්වෙ දැකලා තියනවද ම්ම්ම්..."

හුටා...මන් හිතපු එක කොහොමද මේ යකාට ඇහුනේ..

"මො..මොකද්ද..."

"අරක..."

මෙච්චර වෙලා රවාගෙන හිටපු මූන එක පාට්ටම වල් බැල්මකට හැරෙද්දි මූ අඩියෙන් අඩිය මගෙ පැත්තට ආවෙ මාව ඔලුවෙ ඉදන් ගිලින්න වගේ...

"මො..මොන අ...අරකද..මන් දැක්ක අරකක් නෑ..යා මො..මොකද ළ..ළගට එන්නෙ..."

"අරක පෙන්නන්න..ඇයි ආස .නැද්ද..."

චටාස්!!

ළගට ආපු එකාගෙ බෙල්ල වටේ අත දාලා ඔලුව පිටිපස්සට දීපු එකට නං කොල්ලට හික් ගෑවුනාද මන්දා..

Without meWhere stories live. Discover now