Broken 18

190 38 11
                                    

හැමකෙනෙක්ම මින් අප්පා යුන්ගි ඔප්පා වගේ මිනිස්සුනං මන් වගේ කෙල්ලෙක්ට මේ ලෝකෙ භයානක වෙන්නෙ නෑ...

"මොකටද කෙල්ලෙ වෙන වෙන ජොබ්...මෙච්චර ලස්සන ඇගක් තියාගෙන...ඔය ඇග විකුණපන්..උබට දවසින් කෝටිපතියෙක් උනෑකි..මොකෝ කියන්නෙ උබ කැමතිද"

ගොඩක් තිරිසන්නු මගෙන් ඇහුවෙ ඔය ටික.....මන් මොකද කරන්නෙ..උන් කියන විදිහට කරන්නද....බෑ මට බෑ...මට බෑ මගෙ කුකීට ලැජ්ජාවක් වෙන්න....පාරෙ හිගමන් යදින තැනට වැටුනත් මන් කවදාවත් උන් කියන විදිහට ඉන්නෙ නෑ...

"ගෑනු ළමයෙක් උනාම ආඩම්බරෙන් ඉන්න...කවදාවත් තමන්ගෙ හස්බන්ට උනත් ඕනාවට වැඩිය නැවෙන්න එපා...ඔයාගෙ ගෞරවය ඔයාගෙ...ඒක කවදාවත් පාවලා දෙන්න එපා"

එදා යුන්ගි ඔප්පා කියද්දි පිස්සු කියවන්න එපා කියලා එයාට හිනා උනාට අද ඒ හැම වචනෙකම තේරුම මගෙ ඇස් ඉස්සරහා ඇදිලා මැකිලා ගියා....මට කැළලක් වෙන විදිහට මන් කවදාවත් ජීවත් වෙන්නෙ නෑ...කෙල්ලෙක් විදිහට සමාජෙට ගිහිල්ලා නොයෙක් කතා අහගත්ත මන් කොල්ලෙක් විදිහට සමාජෙට යන්න තීරනේ කලා...කුකීව ස්කූල් එකට දාලා කුකීගෙ කබඩ් එකෙන් එයාගෙ ශර්ට් එකකුයි ට්‍රවුසර් එකකුයි අරන් ඇදලා කොණ්ඩෙ උඩට කරලා බැදලා කැප් එකකුත් දාගෙන තව මාස්ක් එකකුත් දාගෙන මන් පාරට බැස්සෙ

කෙල්ලෙක් විදිහට සමාජෙට ගිහිල්ලා දාහක් කතා අහපු මම කොල්ලෙක් විදිහට ගිහින් මොන විදිහෙ දෙයක් වෙයිද කියන තිගැස්මෙන්...

"ආ කොල්ලො...මෙහෙ ඉතින් හොද හොද ජොබ් නෑ....ගල් වැලි අදින්න තමයි තියන්නෙ...තමුසෙ කැමති නම් හෙට ඉදලා වැඩට එනවකො"

තැන් දහයකට විතර ගියත් මට හරියටම උත්තරයක් හම්බුනේ මෙතනින්....

"ඒ කියන්නෙ ලොක්කා....මගේ ජොබ් එක කන්ෆර්ම් ද"

ටිකක් කටහඩ රළු කරලා මන් මෙතන හෙඩ්ගෙන් ඇහුවේ මාව කෙල්ලෙක් කියලා අහු වෙන්න ඕනෙ නැති නිසා...

"කන්ෆර්ම් වගේනං තමයි....හැබැයි ඉතින් තමුසෙ වගෙ සීනී බෝල කොල්ලෙක්ට මේ වැඩ කරන්න පුළුවන් වෙයිද කියල නම් මට සැකයි"

හෙඩ් එහෙම කියද්දි මන් බිම බලාගෙනම ඔළුව වැනුවෙ මට මේ දේවල් කරන්න පුළුවන් කියන්න වගේ....හිත ඇතුලෙන් උඩ පැන පැන මන් ගෙදර ආවේ දැන් මට කොහොම හරි මගේ කුකීව බලාගන්න පුළුවන් කියලා හිතෙද්දි දැනුන සතුට වචනෙන් විස්තර කරන්න බැරි වෙද්දි....මන් ගෙදර කී එකෙන් දොර අරන් ඇතුලට ඇවිල්ලා කුකී එන්න කලින් චේන්ජ් කරගෙන ටීවී එක දැම්මෙ කුකී එනකන් ඒකවත් බලන්න හිතාගෙන....

Without meWhere stories live. Discover now