Broken 23

197 41 13
                                    

"ප්‍රින්සිපල් සර් කොහොමද මට කලබල වෙන්න එපා කියන්නෙ...මගෙ කොල්ලට හොදටම ගහලා තියෙද්දි..."

"ඒ වගේම මතක තියාගන්න මිස් මෙතන අඩුවෙන්ම තුවාල වෙලා තියන්නෙ ඔයාගෙ ළමයට කියන එකත්.."

මන් සද්දෙට කෑගහද්දි ප්‍රින්සිපල් සර් මටත් වඩා සද්දෙට කෑගහන ගමන් කිව්ව දේට මාව උඩ ගියා...

"මොකක්! ඒ...ඒත් එහෙම වෙන්නෙ කොහොමද....කුකී හොදටම තුවාල වෙලා...ම..මට තේරෙන්නෙ නෑ..."

මන් කුකීගෙ අත තද කරන් ඒ මූන දිහා බලන් මුමුනද්දි කුකී මූන උස්සලා මන් දිහා බලලා...

"මියානේ නූනා..."

කියලා මුමුනලා ආයි බිම බලාගත්තා...මොකක්...එයා මොකටද මගෙන් සමාව ගන්නෙ..එයා මොනා කලාටද සමාව ගන්නෙ එයාටනෙ තුවාල වෙලා තියන්නෙ...

"ඒ ඔක්කොම පැහැදිලි වෙන්න ඉස්සෙල්ලම මිස් මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ..."

එහෙම කියපු ප්‍රින්සිපල් සර් එතන තිබ්බ ලැප්ටොප් එක අරන් මොනාහරි වීඩියෝස් වගයක් play වෙන්න දැම්මා....

ඒ...ඒක!

ඒකෙ ස්කූල් එකේ ග්‍රවුන්ඩ් එකේ පාළු පැත්තක CCTV ෆුටේජස් වගයක්...මන් ඒ දිහා ටික වෙලාවක් බලන් ඉද්දි සන්සුන් ගමනින් කොල්ලෙක් ඒ හරියට ආවා...ඒ කවුද කියලා අදුරගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ...ඒ මගෙ කුකී...මන් ටික වෙලාවක් ඒ දිහා බලන් ඉද්දි...

"නෑ! නෑ වෙන්න බෑ...මෙහෙම වෙන්නෙ කොහොමද?"

කුකී Ground එකට ඇවිල්ලා ටික වෙලාවකින් එතන්ට තව කොල්ලො තුන්දෙනෙක් ආවා..ඊට පස්සෙ එතන බහින්බස්වීමක් එක්ක එතන ලොක්කා වගේ හිටිය කොල්ලා කුකීගෙ කොලර් එකෙන් අල්ලගත්තා...කුකීත් තනි පැත්තට හිනා වෙලා ඒ කොල්ලට මොනාහරි කියද්දි ඒකා කුකීව ඇදගෙන වැටෙන්නම මූනට පාරක් ගැහද්දි මට යකා වැහුනා...

"මූ කවුද මගෙ කුකීට ගහන්න..."

අත් දෙක මිටමොලවගෙන මන් මටම මුමුන ගත්තෙ ඉවසුම් නැති කේන්තියත් එක්ක...ඒ පාර නිසා කුකී විසික් වෙලා ගිහිල්ලා පැත්තකට වැටෙද්දි අර කොල්ලො ටික හිනා වෙවී හයිෆයි දානවා...මගේ ඇගේ ලේ රත් වෙන්න එච්චර වෙලාවක් ගියෙ නෑ...මන් නැගිටින්න හදද්දිම...

Without meWhere stories live. Discover now